සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉඩම් රාජකාරිවලට දේශපාලන අතපෙවීම් ගැන කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්නට  ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන්  විරෝධය…

by editor
පෙබරවාරි 19, 2026
in පුවත්
Share on FacebookShare on Twitter
  • මැදිහත් වූයේ වසර ගණනාවක් පුරා නිලධාරීන්ගෙන් සාධාරණයක් ඉටු නොවූ අසරණ ජනතාවගේ ගැටලු සඳහා පමණයි… නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න පැහැදිලි කරයි…

ඉඩම් රාජකාරී ඉටු කිරීමේදී සිදුවන අනිසි දේශපාලන මැදිහත්වීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය රජයට සිය දැඩි විරෝධය පළ කර සිටියි.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය අවධාරණය කර ඇත්තේ, මෙම තත්ත්වය හමුවේ රාජ්‍ය නිලධාරීන්ට ස්වාධීනව රාජකාරි කිරීමට ඇති පරිසරය දැඩි ලෙස අභියෝගයට ලක්ව ඇති බවයි.

එම ලිපිය මගින් පෙන්වා දී ඇති පරිදි, කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්නගේ  පෞද්ගලික ලේකම්වරයා විසින් ඇතැම් ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත සෘජුවම බලපෑම් සහගත ලිපි ඉදිරිපත් කිරීම සහ විවිධ නියෝග නිකුත් කිරීම මෙම ගැටලුවට මූලික හේතුව බව එම සංගමය පවසයි. රාජ්‍ය පරිපාලන ව්‍යුහය තුළ ස්ථාපිත නිල පටිපාටියෙන් බැහැරව, දේශපාලන පත්වීම්ලාභීන් හරහා මෙලෙස බලපෑම් එල්ල කිරීම මගින් ප්‍රාදේශීය ලේකම්වරුන් දැඩි අපහසුතාවයට පත්වන බව එම සංගමය  මේ ලිපිය මගින් පෙන්වා දී ඇත.

විශේෂයෙන්ම ඉඩම් ආරවුල් නිරාකරණය කිරීමේදී සහ ඉඩම් බෙදාදීමේදී දේශපාලන අධිකාරියෙන් ලැබෙන ලිපි හෝ වාචික නියෝග මත පදනම්ව තීරණ ගැනීමට සිදුවීමෙන් එම ක්‍රියාවලියේ විනිවිද භාවය සම්පූර්ණයෙන්ම ගිලිහී යන බව සංගමය  ප්‍රකාශ කර තිබේ.

මේ හරහා සාමාන්‍ය ජනතාව රාජ්‍ය යාන්ත්‍රණය කෙරෙහි තබා ඇති විශ්වාසය පළුදු වනවා පමණක් නොව, අවසානයේදී සිදුවන නීතිමය ගැටලුවලට වගකීමට රාජ්‍ය නිලධාරීන්ට සිදුවන බවද ඔවුහු අවධාරණය කරති.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මෙම අර්බුදකාරී තත්ත්වය වළක්වා ගැනීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් සකස් කරන ලෙස ඉල්ලා සිටින ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය යෝජනා කරන්නේ, දේශපාලන අධිකාරිය වෙත ඉදිරිපත් වන ඉඩම් ගැටලු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු හෝ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු වැනි වගකිවයුතු නිලධාරියෙකු හරහා පමණක් සම්බන්ධීකරණය කළ යුතු බවයි.

එසේ නොවන තාක් කල්, දේශපාලන මැදිහත්වීම් මත ගන්නා තීරණ සම්බන්ධයෙන් වගකීම භාර ගැනීමට තමන්ට නොහැකි බවත් ඔවුන් දන්වා සිටියි.

කෙසේ වෙතත්, මෙම චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසා ඇත්තේ, තමා මැදිහත් වූයේ වසර ගණනාවක් පුරා නිලධාරීන්ගෙන් සාධාරණයක් ඉටු නොවූ අසරණ ජනතාවගේ ගැටලු සඳහා පමණක් බවයි.

ඇතැම් ප්‍රාදේශීය ලේකම්වරුන් ඉඩම් සම්බන්ධයෙන් ගෙන ඇති පක්ෂග්‍රාහී තීරණ ප්‍රශ්න කිරීම නිසා මෙවැනි විරෝධයක් මතු වී ඇති බවද හෙතෙම සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

AI Impact 2026 සමුළුව අතර ප්‍රංශ ජනපති, අබුඩාබි ඔටුන්න හිමි කුමරු සහ භූතාන අගමැති සමග ජනපති අනුර ද්වී පාර්ශවික සාකච්ඡා පවත්වයි!

Next Post

 ඇන්ඩෲ මවුන්ට්බැටන්-වින්ඩ්සර්ගේ අත්අඩංගුවට ගැනීම සහ අභිමානය සිඳුන රජ පවුල මත පතිතවුන එප්ස්ටයින් මඩගොහොරුවේ සෙවනැලි

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.