සෞඛ්‍ය ක්ෂේත්රයේ සේවකයින්ට ප්‍රමුඛස්ථානය ලබා දෙමින් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව හෙට (28) සිට ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පැවසීය.
වසංගත රෝග හා කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනී වෛද්‍ය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ පසුගියදා ප්‍රකාශ කර තිබුණේ කොරොනා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා දීමට එන්නත් මාත්‍රා ලක්ෂ තුනක් වෙන්කර තිබෙන බවය.
කොරෝනා එන්නතේ පළමු මාත්‍රාව ජනවාරි 29 වැනිදා ලබාදෙන විට දෙවැනි මාත්‍රාව ලබා දීමට නියමිතව තිබුනේ සති හතරකට පසුව වුවත් නව පර්යේෂණ වල තොරතුරු වලට අනුව දෙවන මාත්‍රාව දිය යුතු කාලය සති 10- 12 අතර කාලයකට කල් දැමීමට හැකියාව පවතින බව තහවුරු වී තිබෙන නිසා මෙම එන්නත්කරණය දී ගැටලුවක් පැන නගින්නේ නැති බව අමාත්‍යවරිය කීවාය.
දෙවන එන්නත් මාත්‍රාව ලබාදෙන අතරතුර අලුතින් මිලදී ගැනීමට ඇනවුම් කර ඇති ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් තොගයත්, කොවැක්ස් පහසුකම යටතේ තවත් එන්නත් තොගයකුත් ලැබීමට නියමිත බැවින් කොරෝනා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීම සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් පැන නගින්නේ නැති බව ද රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය.