අද පෙරවරු 09.00 පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වීමත් සමග 2022 අයවැය දෙවනවර කියවිමේ පාර්ලිමේන්තු විවාදය ඇරඹේ. .
අයවැය දෙවනවර කියවීමේ විවාදය ලබන 22 වනදා දක්වා දින 07ක කාලයක් පැවැත්නෙ අතර දෙවන වර කියැවීමේ විවාදයේ ඡන්ද විමසීම පැවැත්වෙන්නේ ලබන 22 දා පස්වරු 05ටය.
අයවැය කාරක සභා විවාදය ලබන 23 වනදා සිට ආරම්භ වේ. එය ලබන දෙසැම්බර් 10 වනදා දක්වා දින 16ක් පැවැත්විමට නියමිතය.
දෙසැම්බර් 10 වන දින පස්වරු 05.00ට අයවැය තෙවන වර කියවිමේ විවාදයේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
වර්ෂ 2022 අයවැය යෝජනාව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් ඊයේ (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.







