සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇඹීලිපිටිය රෝහල්  අධ්‍යක්ෂකට එරෙහිව රෝහලම විරෝධයක!

by editor
මාර්තු 15, 2025
in පුවත්
embilipitiya-hospital
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                       

ඇඹිලිපිටිය දිස්ත්‍රික් රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දිලිප් එච්.ලියනගේ  වහාම ඉවත්කර  ඔහු විසින් රෝහල තුළ සිදුකර ඇති මූල්‍යමය සහ පරිපාලනමය අක්‍රමිකතාවන් පිලිබඳව විදිමත් පරික්ෂණයක් සිදුකරන මෙන්  ඉල්ලා රෝහලේ සමස්ථ කාර්යය මණ්ඩලය  දැඩි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇත.

රෝහල තුළ මූල්‍යමය හා පරිපාලනමය  අක්‍රමිකතාවන් රැසක් සිදුකරමින් සෞඛ්‍ය කාර්යය මණ්ඩල සමාජිකයින්ව අයුතුලෙස ස්ථානමාරු කරමින් දැඩිලෙස මානසික පීඩාවන්ට ලක්කරන බව සමස්ථ සෞඛ්‍ය කාර්යය මණ්ඩල එකමුතුව  චෝදනා කරයි.

කිසිදු වරදක් නොකර වසර ගණනාවක සිට  සිය රාජකාරිය අකුරටම සිදුකරන රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාව මේ වන විට වැරදි චෝදනා පවරා  ස්ථානමාරුකිරිමට රෝහල් අධ්‍යක්ෂවරයා කටයුතු කරමින්  ඇති බැවින් එම ස්ථානමාරුව ක්‍රියාත්මක නොකළ යුතු බව  සමස්ත සෞඛ්‍ය කාර්යය මණ්ඩලය එකමුතුව ඉල්ලා සිටියි.

රෝහල තුළ සිදුවන මූල්‍ය අක්‍රමිකතාවන් හෙළි කිරීමට නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා කටයුතු කිරිම  ඔහුට ස්ථානමාරු ලබා දීමට හේතුවක් වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ඇඹිලිපිටි ශාඛාවේ සම ලේකම් නුවන් කළුතොට පැවසුවේය.

වත්මන් අධ්‍යක්ෂවරයා රුසියන් වෛද්‍ය උපාධිය හිමි අයෙකු බැවින් ඔහුට සෞඛ්‍ය ලේකම්වරයාගේ රැකවරණය ලැබෙනු ඇති බව සමස්ථ සෞඛ්‍ය කාර්යය මණ්ඩලය චෝදනා කරයි.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

මෙම අධ්‍යක්ෂවරයා පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදෙන බැවින් ඔහුට විරුද්ධව සෞඛ්‍ය අමාත්‍යංශය තුළ පරික්ෂණයක් ආරම්භ කර ඇතත් මේ වන විට එම පරික්ෂණ යටගසා ඇතැයිද පැවසේ.

රාජ්‍ය මුදල් රුපියල් මිලියන 5ක් වැය කර නවීකරණය කරන ලද ආයතන අංශ ගොඩනැගිල්ලේ එම නිලධාරින් එහි සේවය ආරම්භ කර සතියක් යාමට මත්තෙන් බලහත්කාරයෙන් එළවා දමා තම කාර්යාල සඳහා එම මුළු අංශයම යොදා ගැනීම හා එම ඉදිකිරීමට අදාල බිත්ති අල්මාරිය අත්තනෝමතික ලෙස කඩා ඉවත් කිරීම, කාර්යය මණ්ඩල මේස සඳහා සවිකරන ලද විදුලි සැපයුම් සහ පේනු ගලවා දැමීම ඔහුගේ මැදිහත්වීමෙන් සිදුකර ඇතැයි චෝදනා එල්ල වි ඇත.

තවද රෝහලේ නොමේරු ළඳරු ඒකකය වායු සමනය කිරිමේ ප්‍රසම්පාදනයට අදාලව තාක්ෂණික ඇගයීම් කමිටු නිර්දේශ බැහැර කර තමාට රිසි පරිදි  අඩු වායු සමීකරණ යන්ත්‍ර ප්‍රමාණයක්    එහි සවිකර අනෙක් ඒවා තම හිතුමතේට තැන් තැන්වල සවිකිරීම කටයුතු කර ඇති බවද වාර්තාවේ.

එසේම තාක්ෂණික ඇගයීම් කමිටුවේ සිටි  ඉංජිනේරුවරයාගේ නිර්දේශ පවා  බැහැර කර ප්‍රසම්පාදන ක්‍රියාවලිය අමු අමුවේ  උල්ලංඝනය කර ඇති බවද පැවසේ. මේ සියලුම කටයුතු නිලධාරීන්ට තර්ජනය කරමින් සහ බැන වදිමින් සිදුකර ඇති බවට චෝදනා ඇත.

මේ වන විට අධ්‍යක්ෂවරයා ප්‍රදේශයේ ජනතාව අතර රෝහල් කාර්යය මණ්ඩලය පිලිබඳව අප්‍රසාදයක් පල වන අන්දමේ විිවිධ ප්‍රචාරයන් සිදුකරන බවද වෛද්‍ය කළුතොට  පැවසුවේය. 

රෝහලේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයෙකු පැවසුවේ හෙද නිලධාරින්ව දැඩි ලෙස මානසික හිංසනය ලක්කිරිමට රෝහල් අධ්‍යක්ෂවරයා කටයුුතු කරමින් සිටින බවයි.

එක්තරා වෛද්‍ය සංගමයකින් මේ වන විට මෙම අධ්‍යක්ෂවරයාව නෙරපා ඇති අතර  ඔහු වෙනත් වෛද්‍ය සංගමයක සාමාජිකත්වය ගැනීමට දැඩි උත්සහයක නිරත වන බවද වාර්තාවේ.

රෝහලේ වෘත්තීය සමිති එකමුතු සෞඛ්‍ය ඇමතිවරයාට මේ බව ලිඛිතව දැනුම් දී ඇත.  එම ලිපිය පහත දිගුවේ දැක්වේ.

වෘත්තීය සමිති සෞඛ්‍ය ඇමතිවරයාට යැවු ලිපිය…

Tags: නවතම
Share69Tweet43
Previous Post

මෙහෙයුමක් අතර වෙලේ සුදාගේ සහොදරයා එල්ල කළ ප්‍රහාරයකින් පොලිස් නිලධාරියෙක් තුවාල ලබා රෝහලේ…

Next Post

රිලා වඳුරු සංගණනයේ සංගණන පත්‍රිකා ජනතාවට නොබෙදූ රාජ්‍ය නිලධාරීන්ට වැඩ වරදී!

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.