බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමෙරිකා – ඉරාන යුද්ධය නිමා කරන්න පාකිස්තානයෙන් ‘ඉස්ලාමාබාද් සම්මුතිය’

.

by Lankasara News
අප්‍රේල් 6, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින යුදමය තත්ත්වය අවසන් කරමින් කඩිනම් සටන් විරාමයක් ඇති කර ගැනීම සඳහා මේ වනවිට තීරණාත්මක සාකච්ඡා ආරම්භ වී ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි. පාකිස්තානයේ මැදිහත්වීම මත සකස් කර ඇති මෙම නවතම සටන් විරාම යෝජනාව ‘ඉස්ලාමාබාද් සම්මුතිය’ (Islamabad Accord) ලෙස නම් කර ඇත.

ජාත්‍යන්තර ආරංචි මාර්ග සහ රොයිටර්ස් වාර්තා පෙන්වා දෙන පරිදි මෙම සම්මුතිය ප්‍රධාන අදියර දෙකකින් සමන්විත වේ. එහි පළමු පියවර ලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර, ලෝක බලශක්ති සැපයුමේ ප්‍රධානතම නාවික මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) යළි විවෘත කිරීම අපේක්ෂා කෙරේ. අනතුරුව දින 15 ත් 20 ත් අතර කාලසීමාවක් තුළ දෙරට අතර පුළුල් හා ස්ථාවර සාම ගිවිසුමකට එළැඹීම මෙහි මූලික ඉලක්කයයි. සම්මුතියට අදාළ අවසන් සාකච්ඡා පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

මෙම සාම ප්‍රයත්නය සඳහා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පාකිස්තානයෙන් සිදුකළ ඉල්ලීමක් ද බලපා ඇති අතර, සටන් විරාමයක් සහ සාම සැලැස්මක් සකස් කිරීමට පාකිස්තාන රජය සෞදි අරාබිය, තුර්කිය, ඊජිප්තුව මෙන්ම චීනය ද සම්බන්ධ කරගෙන ඇති බව වාර්තා වේ. ජාත්‍යන්තර මාධ්‍ය වැඩිදුරටත් තහවුරු කරන්නේ පාකිස්තාන හමුදා ප්‍රධානී ෆීල්ඩ් මාෂල් අසීම් මුනියර්, ඇමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් සහ ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි සමඟ ද මේ සම්බන්ධයෙන් සෘජු සන්නිවේදනයක් පවත්වා ඇති බවයි.

දින 45ක සටන් විරාමයක් සඳහා වන මෙම යෝජනාවට අනුව, ඉරානය න්‍යෂ්ටික අවි නිපදවීමේ උත්සාහයන්ගෙන් ඉවත් වීමට එකඟ විය යුතු අතර, ඊට ප්‍රතිචාර ලෙස ඇමෙරිකාව විසින් ඉරානයට පනවා ඇති දැඩි සම්බාධක ඉවත් කර ඔවුන්ගේ තහනම් කර ඇති වත්කම් නිදහස් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. මේ අතර ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද කඩිනමින් යුද්ධය අවසන් කරන ලෙසත්, එසේ නොවුණහොත් දැඩි ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවටත් අනතුරු අඟවා තිබේ.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

කෙසේ වෙතත් ඉරාන රජය මෙතෙක් මෙම යෝජනාවට සිය නිල එකඟතාව පළ කර නොමැත. ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ තර්ජන සහ බලපෑම් හමුවේ තාවකාලික සටන් විරාමයකට යෑමට තමන් කිසිම අවස්ථාවක සූදානම් නොමැති බව ඉරානය අවධාරණය කර ඇත. ඉරානයේ ප්‍රධාන කොන්දේසිය වී ඇත්තේ ඇමෙරිකාවෙන් සහ ඊශ්‍රායලයෙන් යළිත් තමන්ට ප්‍රහාර එල්ල නොවන බවට ස්ථිර සහතිකයක් සහිත “ස්ථාවර සටන් විරාමයක්” අවශ්‍ය බවයි.

මේ අතර, ඊශ්‍රායලය පවසා ඇත්තේ ඇමෙරිකාව සහ ඉරානය අතර ඇතිකරගන්නා කිසිදු සටන් විරාම සම්මුතියක් තමන්ට අදාළ නොවන බවත්, තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉරානයට එරෙහිව එල්ල කරන ප්‍රහාර අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත්ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉරාන ප්‍රහාරයෙන් විනාශ වූ ගුවන් යානයේ සිට දිවි ගලවා ගත් ගුවන් නිලධාරියා ගලවා ගත්  වික්‍රමාන්විත මෙහෙයුමේ ත්‍රාසජනක කතාව…

Next Post

කළුබෝවිල විදෙස් කතක් මැරූ චීන ජාතිකයා ‘අයිස්’ එක්ක කොල්ලුපිටියේදී කොටුවෙයි

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.