බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමෙරිකානු තානාපති නිලධාරියා නිසා පරීක්ෂණ පිළිවෙත් වහා සංශෝධනයට  

පැය 72ක් ඇතුළත වාර්තාවක් නැත්නම් විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන්ට ගුවන් තොටේ දී අනිවාර්ය පීසීආර් පරීක්ෂාවක

by editor
ජූනි 6, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවට ඇතුළු වන විදේශීය තානාපති නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීමට අදාළ ක්‍රියා පටිපාටි වහාම ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට රජය පියවර ගෙන ඇත.

ඒ අනුව අදාළ බලධාරීන් එම සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් විසින් අදාළ රටවලින් පිටත්ව යාමට පැය 72 ක්ව ඇතුළත ලබාගත් PCR පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කළ යුතු වේ. යම් හෙයකින් ඔවුන්ට අදාළ PCR පරීක්ෂණ වාර්තා ලබා දීමට නොහැකි නම්, ඔවුන් කටුනායක ගුවන් තොටුපළේ දී අනිවාර්ය PCR පරීක්ෂණයකට යොමු කරන  බව  විදේශ අමාත්‍යාංශ ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාවට ඇතුළු වන රාජ්‍ය තාන්ත්‍රිකයන් සඳහා කළ යුතු PCR පරීක්ෂණ සහ නිරෝධායන ක්‍රියා පටිපාටි පිළිබඳ සංශෝධිත උපදෙස් පිළිබඳව තීරණය  2020 ජුනි 4 වැනි දින ජනාධිපති ලේකම්  කාර්යාලය විසින් නිකුත් කරන ලද අතර එම උපදෙස් කොළඹ පිහිටි සියලු ම රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල, එක්සත් ජාතීන්ගේ නියෝජිත කාර්යාල සහ එහි විදේශිය නියෝජිතායතන, රාජ්‍ය තාන්ත්‍රික සංවිධාන ඇතුළු අදාළ ආයතන වෙත දැනුම් දීමට විදේශ සබඳතා අමාත්‍යාංශය ඊයේ (05) වහාම පියවර ගෙන ඇත. 

කොවිඩ් 19 වසංගත තත්වයන් පසුව පසුගිය 04 වැනිදා ශ්‍රි ලංකාවට පැමිණි ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු කටුනායක ගුවන් තොටුපළේ දී තම තානාපති වරප්‍රසාද භාවිත කරමින් පී.සී ආර් පරීක්ෂණය සිදු කිරීම ප්‍රතිෂේප කිරීමේ සිදුවීමෙන් පසුව මෙම සංශෝධන සිදු කිරීමට තිරණ කෙරුණු බව මේ පිළිබඳව ඩේලි මිරර් පුවත් පතට ප්‍රකාශයක් ලබා දෙමින් වි‍දේශ සබඳතා පිළිබඳව ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයන්ත කොලඹගේ ප්‍රකාශ කර තිබිණි.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

මීට අමතරව  රාජ්‍යතාන්ත්‍රික කටයුතු සඳහා ශ්‍රී ලංකාවට ඇතුළු වීමට/නැවත පිටීමට නියමිතව සිටින රාජ්‍යතාන්ත්‍රිකයින් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් පිළිබඳ තොරතුරු ඔවුන්ගේ පිටත්වීම්වලට පැය 48කට පෙර අදාළ රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල විසින් විදේශ සබඳතා අමාත්‍යංශයට වාචික සටහනක් (Note Verbal) මගින්  කල් තබා දැනුම් දිය යුතුවේ

දූත මණ්ඩල ප්‍රධානීන් සහ පවුලේ සාමාජිකයන් ඔවුන්ගේ නිල නිවාසවල දී ස්වයං නිරෝධායනයට ලක්ව විය යුතුය. පැමිණෙන අනෙකුත් සියලුම රාජ්‍යතාන්ත්‍රික කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට වෙන් වෙන් වශයෙන් නිවාස නොමැති නම්  දූත මණ්ඩල ප්‍රධානීන් සමඟ වූ  එකඟතාවට හා අධීක්ෂණයට යටත්ව දින 14 කාලයක් සඳහා ශ්‍රී ලංකා රජය විසින් නිර්දේශ කරනු  ලබන හෝටලයක නිරෝධායනය විය යුතුය. 

මෙම දින 14ක නිරෝධායනය අවසන් වූ වහාම ඒ බව රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල/නියෝජිතයින් විසින් විදේශ සබඳතා අමාත්‍යාංශයට දැනුම් දිය යුතු වන අතර  නව කොරෝනා  වෛරස වසංගතය පැතිරීම පාලනය කිරීමට සහ වැළැක්වීම සඳහා දූත මණ්ඩලය විසින් ගනු ලැබූ ක්‍රියා මාර්ගයන්ට අනුව, එම නිලධාරියා දූත මණ්ඩල සේවය නැවත ආරම්භ කිරීමට පෙර දූත මණ්ඩලය මඟින් සිදු කෙරෙන ‍දෙවැනි PCR පරීක්ෂණ වාර්තාව ද ඉදිරිපත් කළ යුතුය.

Tags: නවතම
Share75Tweet43
Previous Post

ද ෆිනෑන්ස් තැන්පතුකරුවන්ට මුදල් මහජන බැංකුවෙන් 

Next Post

රතුමුහුදේ අත්හැර දැමූ මිනිස්සු ලංකාසරට කතා කරති.

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.