ලබන වසරේ පැවැත්වෙන ජී 20 සභාපතිවරණයේදී එක්සත් රාජධානිය හා ඉන්දියාව සමීප සම්බන්ධීකරණයක් පවත්වාගෙන යනු ඇතැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විශ්වාසය පළ කළේය.
ඔහු මෙලෙස ප්‍රකාශ කර ඇත්තේ බාලිවලදී ජී 20 සමුළුව අතරතුරේදී එක්සත් ජනජපදයේ ජනාධිපති ජෝ බයිඩන් හමුවෙමිනි.
යුක්රේන අර්බුදය ගෝලීය ආර්ථිකයට බලපෑම් එල්ල කරන අයුරු හා ඊට සම්බන්ධ ආසන්නතම සංවර්ධනයන් සම්බන්ධයෙනුත් පළාත් හා ගෝලීය ප්‍රශ්න පිළිබඳවත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හා එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩන් අතර සාකච්ඡා සිදු කෙරුණු බව ‘ද ටයිම්ස් ඔෆ් ඉන්දියා’ වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
ඉන්දීය රජයට අනුව ඔවුන් ඉන්දියා – එක්සත් ජනපදය අතර උපායමාර්ගික හවුල්කාරීත්වය සම්බන්ධයෙන් ගැඹුරු සාක්ච්ඡා පවත්වා ඇති අතර එහිදී නව තාක්ෂණය, පරිගණක හා කෘතිම බුද්ධිය ආදී අනාගතයේදී වඩාත් භාවිතා වන අංශ කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබේ.
එකසත් රාජධානිය හා ඉන්දියාව අතර ඇති හවුල්කාරීත්වයේ ශක්තිමත්බාවය උදෙසා බයිඩන්ගෙන් ලැබෙන නිරන්තර සහයට අග්‍රමාතා්‍යවරයා ස්තූතිවන්ත කර ඇති අතර ලබන වසරේ ඉන්දියාවේ පැවැත්වෙන් ජී 20 සමුළුව සඳහා සහභාගී වෙන්න යැයි බයිඩන්ට ආරාධනා කර ඇත.









