සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමති ප්‍රසන්න රණතුංග අමත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමේ සූදානමක!

by editor
ජූලි 23, 2024
in පුවත්
Prasanna-Basil
Share on FacebookShare on Twitter

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මෙන්ම  නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඉදිරි දින කිපය තුළ සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ඉඩක් ඇතැයි ආණ්ඩුවේ විශ්වාසකටයුතු ආරංචි මාර්ග හෙළි කරයි.

ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන ගොඩනැගෙන ඡන්ද ව්‍යාපාරයට අවාසි සහගතවන සාධක කීපයක් හේතුවෙන් ජනාධිපතිවරයා ද දැනුම්වත්ව මෙම ඉල්ලා අස්වීම සිදුවනු ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.

දැනට ප්‍රසන්න රණතුංග  පසුවන්නේ අපරාධ නඩුවකට වරදකරු වී වසර දෙකක බරපතල වැඩ සහිත සිරදඬුවමක් වසර පහකට අත්හිටවූ දඬුවමක් විඳිමිනි.   තමන්ට නියම වී ඇති අත්හිටවූ සිර දඬුවමින්  නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කර ඇති ඇපෑල සැප්තැම්බර් මස 12 වැනිදා විභාගයට ගැනීමට නියමිතව ඇති බැවින් ජනාධිපතිවරණය මුව විට ඇති අවස්ථාවක එම නඩුකරය කැඳවීම ජනාධිපතිවරණයේ ප්‍රචාරක වැඩපිළිවෙළට බාධාවක් වනු ඇතැයි යන පුරෝකථනය මෙම ඉල්ලා අස්වීමට  එක් හේතුවක් වී ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.

ප්‍රසන්න රණතුංග ඇමතිවරයා විසින් ඉදිරිපත් කර ඇති ඇපෑල පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග කිරිමට අභියාචනාධිකරණය පසුගිය දා තින්දු කළේය.

ඒ අනුව අදාල ඇපෑල මේනකා විජේසුන්දර, සම්පත් අබේකෝන්, පී. කුමාරන් රත්නම් සම්පත් විජේරත්න සහ මායාදුන්නේ කොරයා යන පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සැප්තැම්බර් මස 12 වන දා විභාගයට ගැනීමට නියමිතව තිබේ.

RelatedPosts

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි වගුරු බිමක් ගොඩ කිරීමට අදාළ කටයුතු ඉටුකර දීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා තර්ජනය කිරිමේ සිද්ධියකට අදාල චෝදනාවකට වරදකරු කෙරුණු අමාත්‍ය ප්‍රසන්න රණතුංගට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවම් නියම කොට එය වසර පහකට අත් හිටුවීමට තීන්දු කර තිබිණි.

ඊට අමතරව රුපියල් මිලියන 25ක දඩයක්ද අධිකරණය විසින් නියම කරනු ලැබුවේය. කොළඹ මහාධිකරණය විසින් තමාට එරෙහිව එම දඩුවම් නියම කර ඇති ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් තමන්ව එම චෝදනාවලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා අමාත්‍ය ප්‍රසන්න රණතුංග අභියාචනාධිකරණය හමුවේ මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි.

කෙසේ වෙතත් මේ තත්ත්තවය තුළ නුදුරු දිනක දී කිසියම් පිළිගත හැකි හේතුවක් ඉදිරිපත් කරමින් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා අමත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වනු ඇතැයි ද අනතුරුව ඔහු ජනාධිපතිවරයාගේ මැතිවරණ ව්‍යාපාරයට පූර්ණ කාලීනව කැප වනු ඇතැයි ද අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොළඹ 07 ත්‍රී රෝද රථ රියදුරු ඝාතනය පුද්ගලික කොන්තරයක් මත සිදුවී දැයි සැකයක්!

Next Post

ශ්‍රී ලංකා මෝටර් රථ ධාවන පථයේ ළාබාලතම යෞවනයා රන් පදක්කම්  03ක් දිනාගෙන ඉන්දියාවේ දී පෙරළියක් කරයි!

Related Posts

පුවත්

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
HORMUZ
පුවත්

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026
පුවත්

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
HORMUZ

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!
  • නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…
  • කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.