ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමතිවරුන්ගේ හිතවත්කම් මත අධිවේගි මාර්ගවල ධාවනය වන බස්රථ සඳහා නව මාර්ග බලපත්‍ර ලබාදීම නිසා කෝටි ගණනක මුදල් වංචාවක් සිදුව ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සභාපති ගැමුණු විජේරත්න පවසයි.
බස් රථ 35ක් සඳහා පසුගිය දින කිහිපයේදීද තාවකාලික මාර්ග බලපත්‍ර ලබාදී ඇති බවත් එම බලපත්‍ර කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් හෝ පුවත්පත්වල දැන්වීම් පලකිරීමකින් තොරව ලබා දී ඇති බවත් ඔහු කියා සිටියේය.
එමගින් රුපියල් කෝටි 300ක පාඩුවක් රජයට සිදුව ඇති බව ගැමුණු විජේරත්න සඳහන් කළේය.
2013 වසරේදී අධිවේගි මාර්ග සඳහා බලපත් ලබාදීමට ආරම්භ කළ බවත් එයින් බස් රථ 10ක් සඳහාවත් නිසි පරිදි ටෙන්ඩර් කැඳවා බලපත්‍ර ලබා දී නොමැති බවත් ඔහු තවදුරටත් කීවේය.
“ජාතික ගමනාගමන කොමිෂන් සභාව හොරගුහාවක්, මේ ආයතන කියන්නේ රටට ආදායම් උපයන මාර්ග. අනිසි විදිහට බස්රථවලට බලපත් ලබාදීම නිසා අහිමි වෙන්නේ රටට ලැබෙන ආදායම්.”
“ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ මණ්ඩලයට මුදල් අමාත්‍යංශයේ නිලධාරියකුද නිතරගයෙන් පත්වෙනවා. ඔහුත් එතකොට මේ හොරකමට සම්බන්ධ වෙලානේ” යැයිද ඔහු කීවේය.