බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආසියාව දිනා ගත් තරුෂි ඇතුළු  මළල ක්‍රීඩා විශිෂ්ඨයෝ දිවයිනට පැමිණෙති!

by editor
ඔක්තෝබර් 11, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ආසියාව දිනා ගත් විශිෂ්ඨයෝ දිවයිනට පැමිණියහ. ඒ ඊයේ රාත්‍රියේ දීය.  චීනයේ හැංජො හි පැවති 19 වන ආසියානු ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩාම  එයින් රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනාගෙන තිබුණහ.

ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන්ගේ මහත් ගෞරවයට පාත්‍ර වූ රන් පදක්කම් ලාභී යොවුන් දියණිය තරුෂි කරුණාරත්න කෙරෙහි සියලු දෙනාගේම අවධානය යොමු වී තිබිණි.  තරුෂි තවමත් උසස් පෙළ හදාරන සිසුවියකි. ඇයට පෙර ආසියානු ක්‍රීඩා උලෙළේ රන් පදක්කමක් දිනා ගන්නා අවධිය වනවිට ඇය ඉපදිලාවත් නැත. රන් පදක්කමක් ඉන් පෙර අවසන් වරට දිනාගෙන තිබුණේ වර්ෂ 2002 දී ය. 18 හැවිරිදි තරුෂි අවුරුදු 21කින් පසු රටට ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කමක් දිනාගෙන ආවාය.

ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 ඉසව්වට එක්වූ තරුෂි කරුණාරත්න එම ඉසව්ව මිනිත්තු 2:03.20කින් නිම කරමින් එහි රන් පදක්කම හිමිකරගත්තාය. එය ඇයගේ හොඳම කාලය නොවේ. ආසියානු ශූරතා තරගාවලියේ දී ඇය රන් පදක්කම දිනා ගත්තේ විනාඩි 2:00:66 කි. එය ශ්‍රී ලංකා වාර්තාවකි. පුහුණුවීම් වලදී ඇය විනාඩි 2කට අඩු කාලයකින් මීටර 800 නිමා කර තිබිණි. ඇය ඔලිම්පික් බලාපොරොත්තුවක් වන්නේ එබැවිනි.

මේ වනවිට තරුෂි වළල රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ උසස්පෙළ හදාරමින් සිටින්නීය.

RelatedPosts

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

”  බලාපොරොත්තුවෙන් හිටියේ ගෝල්ඩ් මෙඩල් එක ගන්න පුළුවන් වෙයි කියලා. ලොකු කැපකිරීමක් කළා. ඉදිරියේ දී ඔලිම්පික් තියෙනවා. ලබන අවුරුද්දේ ඔලිම්පික්වලට කොලිෆයි වෙන එක තමයි බලාපොරොත්තුව. මට ලොකු සහයෝගයක් ලැබුණේ අම්මාගෙන්, තාත්තාගෙන්, අයියාගෙන් සහ නංගිගෙන්. ඒ වගේම මගේ පුහුණුකරුගෙන් ඒ වගේම මගේ පාසල වළල්ලේ රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ සියලුම ගරුවරු මම ආදරෙන් මතක් කරනවා. නැෂනල් ඔලිම්පික් කමිටුව, මළල ක්‍රීඩා සංගමය, ක්‍රීඩා අමාත්‍යාංශය ඒ හැම ආයතනයකින්ම මට ලොකු සහයෝගයක් ලැබුණා.”

ඇයි කිසිවෙකුටත් වචනයකින් දොසක් කියන්නේ නැත. ලැබෙන පුංචි  උපකාරයක් සඳහා කෘතඥ වෙමින් ඇය හුරුවී සිටින සුබවාදී දැක්ම මේ රටට අලුත් බලාපොරොත්තුවක් ගෙන එන්නේය.

තරුෂිගේ පුහුණුකරු  සුසන්ත ප්‍රනාන්දුය. වසර 33 ක්  වලල ඒ රත්නායක මැදි විදුහලේ මළල ක්‍රීඩා පුහුණුකරු ලෙස කටයුතු  කරන්නේ මේ විශිෂ්ටයා ය.  වත්තේගම අධ්‍යාපන කලාපයේ ක්‍රීඩා අධ්‍යක්ෂ  ධූරය හොබවන ඔහු  ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්  73 දෙනෙකු ගේ පුහුණුකරුය. එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් රටට දිනා දී ඇති ජත්‍යන්තර මලල ක්‍රීඩා පදකම්කම් ගණන 66 කි. ශ්‍රී ලංකාවේ පාසල් ක්ෂේත්‍රයේ  දක්ෂතම මලල ක්‍රීඩා පුහුණුකරු ලෙස 2015 දී සම්මාන ලද සුසන්ත ප්‍රනාන්දුය.

සුසන්ත ප්‍රනාන්දු බීබීසීයට මෙසේ පවසා තිබිණි.

තරුෂි සිය පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු සමග…

“තරුෂි ක්‍රීඩාවට වගේම අධ්‍යාපනයටත් දක්ෂ කෙනෙක්. ඇය මෙවර උසස් පෙළ විභාගයට වාණිජ අංශයෙන් පෙනී සිටිනවා.

විභාගය ජනවාරි මාසයට කල් ගිය එකත් හොඳයි ඇයට. ආසියානු මලල ක්‍රීඩා ශුරතාවලියේ දී ඇය පෙන්වූ දක්ෂතා සැලකිල්ලට ගෙන ඇමෙරිකාවේ විශ්ව විද්‍යාලයක් ඇයට ශිෂ්‍යත්වයක් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. මගේ නම් බලාපොරොත්තුව ඒ ශිෂ්‍යත්වය කරා යැවීමට.

මොකද එයාලා ගොඩක් ආර්ථික අපහසුතා මැද තමයි මේ ගමන ආවේ. ඇයගේ දෙමව්පියෝ ලොකු කැපවීමක් කරනවා. ඉතින් තරුෂි ජයගන්නවා වගේම ඇයගේ දෙමව්පියන් සහ පවුලේ අයත් ජය ගන්න ඕන. අධ්‍යාපන කටයුතු කරගෙන, ක්‍රීඩාව නතර කරන දවසට ආර්ථිකයත් ශක්තිමත් කරගෙන,පවුලේ අයවත් හොඳින් තියන්න පුළුවන් තැනකට ඇය එන්න ඕන කියලා.

ඒ නිසා බලාපොරොත්තු වනවා ලබන වසරේදී ඇයට ඒ ගමන  යෑමට අවශ්‍ය සුදානම ලබා දෙන්න. මොකද අපේ කියලා ඇයව රටේම තියා ගන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ.”

විභාගයෙන් අනතුරුව ඇය නව ක්‍රීඩා ශිෂ්‍යත්වයත් සමග ඇමරිකාවට යනු ඇත.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

දැනට තරග 02යි… තරග දෙකම ලෝක වාර්තා තබා පරාදයි… රටේ අනෙක් දේ දරාගන්නා උපේක්ෂාවෙන්ම ක්‍රිකට් දරා ගන්න හුරු වෙන්න…

Next Post

පසුගිය මාස නවයට ෆේස් බුක් පැමිණිලි 23, 534ක්… පැමිණිලිවලින් සියයට 70ක් කාන්තාවන්ගෙන්..

Related Posts

rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.