කීර්ති ප්‍රනාන්දු –
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි පවත්වනු ලබන විස්සයි විස්ස ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සහභාගී වීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (24) දින සවස කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය.
ක්‍රීඩකයන් 17 දෙනෙකු සහ පුහුණුකරුවන් සහ නිලධාරීන් 11 දෙනෙකුගෙන් යුතු පිරිසක් මේ සදහා පිටත්ව ගොස් තිබුණි .
ඔවුන් අද (24) දින සවස 06.00 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 225 දරන ගුවන් යානයෙන් ඩුබායි බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණි .
මෙම තරගාවලිය තුළ පළමු තරගය එළඹෙන 27 දින ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වීමට නියමිතය .







