කොවිඩ් 19 තුන්වන අවදානම් තත්වය යටතේ දැනට වාර්තාවන ආසාදිතයින්ගෙන් 25%-28% ප්‍රමාණයක් රෝග ලක්ෂණ පෙන්වන රෝගීන් බවත්, අතර එයින් 17%ක පමණ ප්‍රමාණයකට ඔක්සිජන් අවශ්‍යතාවය ඇතිවන බවත්, එයින් 4%-5%ක පමණ ප්‍රමාණයක් හදිසි ප්‍රතිකාර (ICU) සඳහා යොමු කිරීමට සිදුවන බවත් අද ප්‍රකාශ විය.
මේ බව හෙළි වූයේ ශ්‍රී ලංකාවේ කොවිඩ් අවදානම් තුන්වන මට්ටමට මුහුණ දීම සඳහා දැනට භාවිතාවන ක්‍රමවේද විමසා බැලීමට සහ අලුතින් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව සාකච්ඡා කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් තාක්ෂණික කමිටුව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ ගේ ප්‍රධානත්වයෙන් අද (11) සෞඛ්‍ය අමාත්‍යංශයේදී රැස් වූ අවස්ථාවේ දීය.
කොවිඩ් 19 තුන්වන අවදානම් මට්ටම තුළ පැතිරීමේ වේගය, PCR සඛ්‍යතාවය, නිරෝධායනය, රෝහල් ගත කිරීම, ප්‍රතිකාර කිරීම, ඔක්සිජන් මට්ටම, මරණ අනුපාතය පිළිබඳ අවධානය යොමුකරමින් ඒ පිළිබඳව ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙම රැස්වීම කැඳවා තිබිණි.