බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආරෝපිත කුලී ආදායම් බද්ද ඉහල ආදායම් ලබන අයට පමණක් ද?

by editor
ජූනි 18, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ලබන වසරේ අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මකවීමට යන ආරෝපිත කුලී ආදායම් බද්ද ක්‍රියාත්මක වන්නේ සාමාන්‍ය ආදායම් බලන්නන් විෂයෙහි නොව ඉහළ ආදායම් සහිත පුද්ගලයින් කෙරෙහි අවධානය යොමු කරමින් බව මුදල් අමාත්‍යංශය පවසයි.

මුදල් අමාත්‍යාංශය පවසන ආකාරයට ලබන වසර අවසන් වන විට අපේක්ෂිත රජයේ ආදායම ඉලක්කය දල දේශීය නිශ්පාදනයෙන් සියයට පහළොවකි. මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා තව දුරටත් දල ‌ දේශීය නිශ්පාදිතයෙන් සියයට එකයි දශම පහක ඉලක්කයක් ලබා ගත යුතු බවත්,  මෙම ඉලක්කය ලබා ගැනීම සඳහා ප්‍රධාන ක්‍රමවේදය දේපළ මත පදනම් වූ මෙම බද්ද බවත් එම අමාත්‍යාංශය පැහැදිලි කරයි.
.
එම බද්ද මගින් 2025 වසරේ දළ දේශීය නිශ්පාදිතයෙන් 0.2%ක් හා 2026 දී 0.4%ක් ආදායමක් උපයා ගැනීමට අපේක්ෂිත බව මේ පිළිබඳව පැහැදිලි කරමින් මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදයනයේ දැක්වේ.

මුදල් අමාත්‍යාංශය අනුව මෙම බද්ද පැනවීමට අදාල ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නෛතික ක්‍රියාදාමය සම්පූර්ණ කළ යුතු අතර එම අවශ්‍යතා සපුරාගෙන වර්ෂ 2025 අප්‍රේල් මස සිට මෙම නීතිය බලාත්මක කිරීමට රජය පේක්ෂා කරයි. .

නෛතික ක්‍රියාදායාම සම්පූර්ණ කිරීමට අමතරව ජාත්‍යාන්තර මුල්‍ය අරමුදල් වැඩසටහනේ ලේඛන ප්‍රකාශයට පත් කිරීමත් සමග වර්ෂ 2023 මාර්තු මාසයේ දී මුල්වරට දැනුම් දුන් පරිදි තක්සේරු කිරීමේ යාන්ත්‍රණය මෙම යෝජිත බදු ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දත්ත පදනම වැඩි දියුණු කිරීම සඳහා සැලකිය යුතු පරිපාලනමය ක්‍රියාකාරකම් රැසක් සිදුකළ යුතුව ඇති බවද මුදල් අමාත්‍යාංශය කියයි. .

මුදල් අමාත්‍යාංශය දක්වා ඇති පරිදි මෙය අලුත් බදු ක්‍රමයක් නොවේ. ශුද්ධ වාර්ෂික වටිනාකම ලෙස හැඳින්වූ මීට සමාන ආරෝපිත ආදායම් ගණනය කිරීමේ ක්‍රමවේදයක්  2006 අංක 10 දරණ දේශීය ආදායම් පනතේ ද ඇතුළත් වූ බව ඒම අමාත්‍යාංශය  පවසයි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

රජයේ වියදම් සඳහා ප්‍රමාණවත් ආදායම් උපදවා ගතනොහැකි වීම සමස්ථ රටටම බරපතල තත්ත්වයක් ඇති කිරීම ආර්ථික අර්බුදය නැවත හැතිවිය හැකි බවට මෙම බද්ද ගැන සඳහන් කරන ගමන්ම  මුදල් අමාත්‍යාංශය සිය නිවේදනයෙන් අනතුරු ඇඟවීමක් ද සිදුකර තිබේ.

කෙසේ වෙතත් මෙම බද්ද සම්බන්ධව අදහස් දක්වන රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා පෙන්වා දෙන්නේ මෙම බද්ද සුපිරි ආදායමක් සහිත පුද්ගලයින් අතලොස්සට පමණක් යැයි පනත් කෙටුම්පතේ නිශ්ඡිත සඳහනක් නැති බවත් මෙම බද්ද නිවාසයක ජිවත්වන සමස්ත ජනතාව වෙතම පවරන බද්දක් බවත්ය.

සිරස රූපවාහිනියේ අර්ථ තර්ක වැඩසහනට එක්වෙමින් ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩුව කොලේ වසා ගහන්නට හදන බව මෙම බද්ද හරහා උපයා ගන්නට අපේක්ෂිත ආදායමෙන් වැටහෙන බවය.

“ඉහළ ආදායම් ලබන අයට පමණක් මෙම බද්ද ගහනවා කියලා ඒකඟ වුන මුල් ගිවිසුමේ නෑ. යම් නිදහස්විමකට යටත්ව සියලුම ජීවත්වන නිවාසවලට හෝ ජිවත් නොවන නිවාස වෙත ආරෝපණය නොකල බද්දක් තමයි මේ අය කරන්නේ.

” තමන්ට කුලියට දිලා තියන නිවාසයක් තියනවා නම් කුලිය ලැබෙනවා. ඒ් ආදායමට බදු ගෙවනවා. ඒ් බද්ද ආරෝපණය කරන්න අවශ්‍ය නෑ. සියයට 0.2ක් කියලා බලාපොරොත්තු වන්නේ රුපියල් බිලියන 68ක්. 2026 දි මේක පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වනවිට රුපියල් බිලියන 150ක් අපේක්ෂිතයි.

මේ ඒකතු කරන්න යන්නේ උපයන විට ගෙවිමේ බද්දට සමාන බද්දක්. ඉහළ වත්කම් තියන නිවාසවලට බදු ගහල රුපියල් බිලියන 150ක් හොයා ගන්න බෑ. ” ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

2023 විදේශ ණය සම්බන්ධව රජයේ මූල්‍ය ප්‍රකාශනය බොරුවක්… විගණනය කියන බය හිතෙන කතාවක්!

Next Post

DSI Tyres ශ්‍රී ලංකාවේ පළමු වරට ‘Online Pick Up From Dealer’ හඳුන්වා දෙයි

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.