අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආර්ථිකය නන්වන්න තරුණයින්ට බේබද්දන් වෙන්න කියන පුදුම රට… ජපානය….

by editor
අගෝස්තු 19, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

බීබීසී – 

මේ වන විට ලෝකයේ බොහෝ රටවල් මුහුණදෙන විශාල ප්‍රශ්නයක් නම් රාජ්‍ය ආදායම විශාල ලෙස පහත වැටීමත් රාජ්‍ය වියදම ඉතාමත් අධික ලෙස ඉහළ යාමයි. මේ ලෝකයේ බොහෝ රටවල් මුහුණ දෙන ගැටලුවකි. ඒ අනුව බොහෝ රටවල් තම ආදායම වැඩිකරගැනීමට විවිධ උපක්‍රම භාවිතා කරයි.  එහත් ජපානය මේ සඳහා වෙනස්ම ක්‍රමයක් උපයෝගී කර ගැනීමට සැරසෙයි. ඒ නව උපක්‍රමයක් හරහා එරට බොහෝසේ මතින් තොරවූ තරුණ වැඩිහිටියන්ගේ ක්‍රියාකලාපය වෙනස් කිරීම හරහා රජයේ ආදායම වැඩිකරගැනීමයි.

ජපානයේ තරුණ වැඩිහිටියන් බොහෝ විට මතින් තොර ජන කොට්කොට්ටාසයකි. එහෙත් බලධාරීන් නව ක්‍රමවේදයක් හරහා ඔවුන්ගේ ගති පැවතුම් වෙනස් කිරීමට බලාපොරොත්තු වේ.

තරුණ පරම්පරාව ඔවුන්ගේ දෙමව්පියන්ට වඩා අඩුවෙන් මත්පැන් පානය කරයි. එය සකේ වැනි මත්පැන් වර්ග වලින් රජයට ලැබෙන බදු ආදායම අහිමිවීමට හේතුවකි.

එබැවින් මෙම ප්‍රවණතාවය ආපසු හැරවීමට අදහස් ඉදිරිපත් කිරීමට ජාතික බදු නියෝජිතායතනය ජාතික තරගයක් සමඟින් පියවර ගෙන ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මත්පැන් පානය වඩාත් ආකර්ශනීය කිරීමට “Sake Viva!” නමින් නව ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කිරීමට සැලසුම් කර ඇත. ඒ මගින් කර්මාන්තය නැංවීමටද ඔවුන් බලාපොරොත්තු වේ.

මෙම තරගය හරහා වයස අවුරුදු 20 සිට 39 දක්වා වයස්වල පසුවන අයගෙන් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ සම වයසේ මිතුරන් අතර ජපන් සකේ, ෂෝචු, විස්කි, බියර් හෝ වයින් සඳහා වූ ඉල්ලුමක් ඇති කිරීම සඳහා ඔවුන්ගේ ව්‍යාපාරික අදහස් බෙදා ගන්නා ලෙසයි.

බදු අධිකාරියේ මෙම තරගය මෙහෙයවන කණ්ඩායම පවසන්නේ වැඩිවන වයස්ගත ජනගහනය සහ අර්ධ වශයෙන් කෝවිඩ් වසංගතය තුළ ඇති වූ තත්ත්වය මත මත්පැන් අලෙවිය පහත වැටීමට හේතු වී ඇති බවයි.

තරගකරුවන්ට ප්‍රවර්ධන, සන්නාමකරණය සහ කෘතිම බුද්ධිය (artificial intelligence) සම්බන්ධ අති නවීන සැලසුම් පවා ඉදිරිපත් කිරීම එයට ඇතුළත්වී ඇත.

ජපාන මාධ්‍ය පවසන්නේ සෞඛ්‍යයට අහිතකර පුරුද්දක් ප්‍රවර්ධනය කිරීමේ තැත පිළිබඳව යම් විවේචනයක් සමඟ මිශ්‍ර ප්‍රතිචාර ලැබී ඇති බවයි. නමුත් අනෙකුන් අන්තර්ජාලයේ විචිත්‍රවත් අදහස් පළ කර ඇත. ඒ අතර ප්‍රසිද්ධ නිළියන් ඩිජිටල් සමාජ ශාලාවල අතථ්‍ය-යථාර්ථ (virtual-reality) සත්කාරක සේවිකාවන් ලෙස “රඟපෑම” වැනි ඒවාද ඇතුළත්ය.

තරගකරුවන්ට ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කිරීමට සැප්තැම්බර් මස අවසානය දක්වා කාලය ලබාදී තිබේ. නොවැම්බර් මාසයේදී අවසන් යෝජනා ඉදිරිපත් කිරීමට පෙර විශේෂඥයින්ගේ සහාය ඇතිව හොඳම සැලසුම් සකස් කරනු ලැබේ.

මෙම වැඩසටහනේ වෙබ් අඩවිය පවසන්නේ ජපානයේ මධ්‍යසාර වෙළඳපොල හැකිලෙමින් පවතින බවයි. රටේ වැඩිහිටි ජනවිකාසය වෙනස්වීම පිටුපස අඩුවන උපත් අනුපාත සැලකිය යුතු සාධකයක් වී තිබේ.

බදු නියෝජිතායතනයේ මෑත කාලීන සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ 2020 දී මිනිසුන් 1995 ට වඩා අඩුවෙන් මත්පැන් පානය කර ඇති බවයි. ඒ වැඩිහිටියෙකු වාර්ෂික මත්පැන් පරිබෝජනය සාමාන්‍යය ලීටර් 100 (ගැලුම් 22) සිට ලීටර් 75 (ගැලුම් 16) දක්වා පහත වැටී ඇති බවයි.

මත්පැන් මත බදුවලින් ලැබෙන බදු ආදායම ද වසර ගණනාවක් පුරා හැකිලී ඇත.

ජපන් ටයිම්ස් පුවත්පතට අනුව, එය 1980 දී මුළු ආදායමෙන් 5% ක් වූ නමුත් 2020 දී එය 1.7% ක් පමණි.

ලෝක බැංකුව ඇස්තමේන්තු කරන්නේ ජපානයේ ජනගහනයෙන් තුනෙන් එකක් (29%) පමණ වයස අවුරුදු 65 සහ ඊට වැඩි අය බවයි. එය ලෝකයේ ඉහළම වැඩිහිටි ජනතාවක් සිටින අනුපාතයයි.

ජපානයේ ආර්ථිකයට ඇති එකම ගැටලුව සකේ කර්මාන්තයේ අනාගතය ගැන සැලකිලිමත් වීම පමණක්ම නොවේ. ඇතැම් වර්ගවල රැකියා සඳහා තරුණ කාර්ය මණ්ඩලය සපයාගැනීම සහ අනාගතයේදී වැඩිහිටියන් රැකබලා ගැනීම ට සිදුවීම පිළිබඳ ප්‍රශ්නයක් ද පැනනැගීමයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

 රෝයල් පාර්ක් ඝාතකයා නිදහස් කිරීමේ අල්ලස් සිද්ධිය ගැන සීඅයිඩිය හිටපු ජනාධිපතිගෙන් පැය තුනක ප්‍රකාශයක් ගනී…

Next Post

රජයේ නිලධාරීන් ‍විදේශ රැකියා සඳහා යොමු කිරීම කඩිනම් කෙරේ.!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.