අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආයුධ පෙන්වන්න යද්දි ගල්කොරියෙන් වැටී මළේ මුල්ලේරියා පොහොට්ටු මන්ත්‍රීගේ  සැබෑ ඝාතකයා නොවන බව හෙළි වේ!

පොලිස් විමර්ශන අංශ සැබෑ ඝාතකයින් සහ උදව් කරුවන් හෙළි කරගනී...

by editor
අගෝස්තු 10, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු මන්ත්‍රී සුමුදු රුක්ෂාන් ඝාතනයට සැකපිට විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන සිටිය දී  සඟවා ඇති ආයුධ පෙන්වීමට ගොස්    ගල්කොරියකින්  ඇදවැටී   මිය ගිය පුද්ගලයා සිද්ධියේ    සැබෑ ඝාතකයා නොව වෙනත් අයෙක් බව අනාවරණය වී තිබේ.

මේ බව හෙළි වන්නේ   එම ඝාතනයට අනුබල දුන් කිහිපදෙනෙක් හඳුනා ගැනීමෙන් අනතුරුව  බස්නාහිර දකුණු දිසා අපරාධ කොට්ඨාසය දියත් කළ පුලුල් විමර්ශනයකින් අනතුරුවය.

ඒ විමර්ශන අනුව තහවුරු වී ඇත්තේ  විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවේ සිටිය දී   ගල් වලට වැටී මිය ගිය පුද්ගලයා මෙම සිද්ධියේ සැබෑ ඝාතකයා නොවන බවය.

හදිසි අනතුරින් මිය ගොස් අත්තේ කලින් අපරාධ චෝදනා සහිතව සිට පුද්ගලයෙක් වූ  කඩවත පහළ බියන්විල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන තුවාන් ශිරාත් නැමැත්තෙකි. එහෙත් ඔහුගෙන් පසුගිය වසර තුන 03 තුළ අපරාධ සඳහා සක්‍රීය දායකත්වයක් වාර්තා නොවන බව ද විමර්ශන අංශ හෙළි කරගෙන ඇත.

විශේෂ කාර්ය බලකායට ලැබුණු විශේෂ තොරතුරක් මත පදනම්ව ඔවුන් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබිණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එහෙත්  බස්නාහිර දකුණු දිසා අපරාධ කොට්ඨාසය දියත් කළ විමර්ශනයයේ දී ඝාතකයා සහ යතුරුපැදි ධාවකයාට තම නිවසේ නවාතැන් දුන් හිඹුටානේ  මහවත්ත පාරේ නිවසක තරුණයෙක් අත්අඩංගුවට ගැනීමට  හැකි වී තිබේ.

අත්අඩංගුවට පත් වී ඇත්තේ අවුරුදු 23ක තරුණයෙකි. මෙම ඝාතන කොන්ත්‍රාත්තුව භාර දුන් බව කියන ඩුබායිහි වෙසෙන ජිලේ නැමති අපරාධකරුගේ කුඩු සල්ලි කළමනාකරණය කරන්නේ මේ තරුණයා විසින් බව මූලික විමර්ශනවලදී හෙළි කරගෙන ඇත.

තව දුරටත් ප්‍රශ්න කිරිමේ දී ජිලේ ගේ උපදෙස් මත තමන්ගේ ත්‍රී රෝද රථයෙන් මෙම තරුණයා වෙඩික්කරුවා සහ පැදිකරු අංගොඩ ස්ථානයක  සිය නිවසට රැගෙන පැමිණි ආකාරයත්,  ඔවුන්ට ආයුධ සහ යතුරු පැදිය සපයා දී ඝාතන කොන්ත්‍රාත්තුවට අදාල මුදල ලබා දුන් ආකාරයත් හෙළි කර ඇත.

ඔවුන්ට යතුරුපැදිය සහ ආයුධ ලබා දී ඇත්තේ පසුගිය 2 දා සවස 4.30ට පමණය.  මේ සියලුම තොරතුරු වෙනත් සාක්ෂි මගින් ද තහවුරු කරගෙන ඇති බව විමර්ශන අංශ කියයි.

මේ වනවිට මෙම තරුණයාත් ඝාතකයන් ප්‍රවාහනය කළ ඔහුගේ ත්‍රීවිල් රථයත් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

සැබෑ ඝාතකයා හෙළි වී ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට මහෙයුම් දියත් වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දියාවෙන් ගෙනත් රුපියල් 20ට බිත්තර විකුණන්න – බේකරි හිමියෝ ඉල්ලති…

Next Post

ලංවිම අඩුපාඩු කිසිවක් නොහදා සියලු බර විදුලි බිලට පටවලා! චම්පික රණවක කියයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.