දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් ආබාධ සහිත පුද්ගලයින් 2,200 කට ආසන්න සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇති බව ආබාධ සහිත පුද්ගලයින් සඳහාවන ජාතික ලේකම් කාර්යාලය පවසයි.
මෙම තත්වයන් හේතුවෙන් මෙම පුද්ගලයින් භාවිතා කළ අත්‍යවශ්‍ය උපකරණවලට ද හානි සිදුවී ඇති බව එම කාර්යාලය තවදුරටත් සඳහන් කරයි.
ඒ අනුව, පීඩාවට පත් මෙම ආබාධ සහිත පුද්ගලයින් සම්බන්ධව දිස්ත්‍රික් තොරතුරු රැස් කිරීම ආරම්භ කර ඇති බව එම ලේකම් කාර්යාලය කියයි.
අබාධ සහිත පුද්ගලයින් විසින් භාවිතා කරමින් සිටි හානියට පත් ආධාරක උපකරණ ඇතුළු උපාංගවල වටිනාකම තක්සේරු කළ පසු, ජනාධිපති ලේකම් කාර්යාලය හරහා වන්දි ලබා දීමට රජය සැලසුම් කර ඇත.







