ශ්‍රියානි විජේසිංහ –
පසුගිය දිනවල ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ග්‍රාමනිලධාරී වසම් 4500ක් ආපදාවට පත්වූ අතර එසේ ආපදාවන්ට පත්වූවන්ට ආහාරපාන ලබා දීම සඳහා රජයෙන් වෙන්කර ඇති මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නොමැති බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරින්ගේ සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජේරත්න සඳහන් කරයි.
මේ හේතුවෙන් එම වසම්හි ග්‍රාම නිලධාරීන් තම පෞද්ගලික මුදලින් ආපදාවන්ට ලක්වූවන්ට ආහාරපාන ලබා දීමට කටයුතු කර ඇත්තේ ඔවුන්ද ආපදාවන්ට පත්ව සිටියදී වීමද පුදුමයට කරුණක් යැයි ඔහු පෙන්වාදේ.
ග්‍රාම නිලධාරීන් 200ක් දෙනා මේ වන විටත් ආපදාවන්ට ලක්ව ඇති බවත් ඇතැමුන් කනකර පවා උගස් කරමින් අවතැන්වූවන්ට සහන සැලසිමට ඉදිරිපත් වී ඇති බවත් තවත් අය වියළි ආහාර ණයට ලබාගනිමින් ආපදාවන්ට පත්වූවන්ට සහන සැලසිමට කටයුතු කර තිබෙන බවත් ලේකම්වරයා කියයි.
මෙවන් පසුබිමක් තුළ රජය විසින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට පමණක් ඉන්දන ලීටර් 100 හා 50ක් වශයෙන් ලබා දීමට කටයුතු කර ඇත්තේ ග්‍රාමනිලධාරීන් අමතකර කර දමා යැයිද සංගමය පවසයි.
ග්‍රාම නිලධාරින් ගෙන යන වැඩ වර්ජනය තවදුරත් ක්‍රියාත්මකව පවතිද්දී ආපදාවට පත්වූවන්ට සහන සැලසීමට ඉදිරිපත් වුවද තම ඉල්ලීම්වලට රජයෙන් නිසි ප්‍රතිචාරයක් නොලැබුණහොත් ආරමබ කර ඇති වැඩ වර්ජනය තවත් තීව්‍රකරන බවට අනතුරු අඟවා සිටියි.







