ආන්දෝනාත්මක බහාලුම් නිදහස් කිරීමේ ක්‍රියාවලිය හරහා නිදහස් වූ බහාලුම් හිමි සමාගම් පිළිබඳව හෙළිදරවු කරගැනීමට මේ කථිකාව ගොඩනගන විපක්ෂය හෝ ආණ්ඩුව සූදානම් නොවීම ගැටලුවක් බවත් අද (07) දිනයේ දී මේ බහාලුම් හිමි සමාගම්වල තොරතුරු තොරතුරු දැනගැනීමේ පනතින් ලබා ගැනීමට බලාපොරොත්තුවන බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසුවේය.
බහාලුම් නිදහස් කිරිමේ ක්‍රියාවලිය මින් පෙරත් මේ ආකාරයෙන්ම සිදුවී ඇති බව කී පුබුදු ජයගොඩ මේ හරහා වාසි ලබන සමාගම් මොනවාද යන්න දැනගැනීමේ අයිතියක් ජනතාවට ඇති බව අනාවරණය කළේය. මේ ක්‍රියාවලිය අවසානයේ නිලධාරියෙක් දඬුවම් ලබනු වෙනුවට මෙහි අභ්‍යන්තර දුෂිත යථාර්ථය හෙලි කරගැනීමේ වැදගත්කම ද ඔහු පෙන්වා දුන්නේය.
මෙම සමාගම් පිළිබඳ තොරතුරු ලබාදීමට රේගුව මැලිවන්නේ නම් සිදුවී ඇත්තේ කුමක්දැයි අපට තේරුම් ගත හැකිවන බව ද ඔහු කීවේය.
ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පුබුදු ජයගොඩ අදහස් දැක්වූ ආකාරය පහත දැක්වේ.







