බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආනයන තහනම පුස්සක්… රටට බදු මුදල් අහිමි කරමින් තහනම් භාණ්ඩ වෙබ් අඩවි හරහා ගෙදරටම…

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය හෙළිදරව් කරයි....

by editor
ජූනි 27, 2021
in පුවත්, ව්‍යාපාර
Share on FacebookShare on Twitter

ඩොරලය ස්ථාවරව තබා ගැනීම සදහා සමහර ආනයනික භාණ්ඩ ආනයනය තහනම් කලද අන්තර්ජාලය හරහා එම භාණ්ඩ හා වෙනත් භාණ්ඩ රට තුළට ගෙන්වීම නිසා විශාල විදේශ විනියම ප්‍රමාණයක් අහිමි අහිමිවුවත් එම ආනයන නවතා දැමීම සදහා රජය කටයුතු නොකිරීමෙන් සමස්ථ ආර්ථිකයම ව්‍යසනයට ලක්වන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

2020/05/22 දින මුදල් අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද ගැසට් අංක 2176/19 මගින් මෙරටට අත්‍යවශ්‍ය නොවන බවට හඳුනාගන්නා ලද භාණ්ඩ ලැයිස්තුවක් මෙරටට තාවකාලිකව ආනයනය කිරීම තහනම් කර ඇති පරිසරයක එම ගැසට්පත්‍රය මගින් තහනම් කර ඇති භාණ්ඩ අන්තර්ජාලයෙන් වෙබ් අඩවි හරහා මෙරටට ආනයනය කිරීමට හැකි වීම නිසා මෙම තහනම පලදායී නොවන බව ද එම සංගමය පෙන්වා දෙයි.

ආනයනය සඳහා රජයට කිසිදු බදු මුදලක් නොගෙවා කරන මෙම වෙළෙඳ කටයුතු නිසා මුදල් අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද ගැසට් අංක 2176/19 මගින් සාක්ෂාත් කරගැනීමට උත්සහකළ කිසිම අරමුණක් ඉටු නොවන බවත්, ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වී භාණ්ඩ මිල ඉහළයාම සිදුවනවා පමණක් නොව පාරිභෝගිකයාගේ ජීවිත ද අනතුරේ හෙළීමක්ද සිදුවන බවත් ඔවුන් වැඩිදුරටත් පවසයි.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය නිකුත් කළ එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

ආනයන තහනමට පෙර මෙරට ව්‍යාපාරිකයින්ට මෙරටට භාණ්ඩ ආනයනය කළේ ශ්‍රී ලංකා රේගුව වෙත අදාල බදු මුදල් ගෙවීමෙන් පසුවය. මෙරටට ආනයනය කිරීමට අවසර නොමැති භාණ්ඩ මෙසේ අන්තර් ජාලය හරහා ආනයනය කිරීමට අවස්ථාව ලබාදීමෙන් රජයට විශාල බදු ආදායමක් අහිමි වන අතර එම බදු අහිමිවීමේ පාපයට කරගැසීමට සිදුවන්නේ මෙරට පාරිභෝගිකකයින්ටම වීම කණගාටුදායකය.

නිසි නිසි ක්‍රමෙව්දය අනුගමනය කරමින් මෙරටට එම භාණ්ඩ ආනයනය කිරීම මගින් මෙරටට විශාල බදු ආදායමක් ලැබෙනවා පමණක් ඒම භාණ්ඩ සඳහා අගයක් එකතු කර (Value Added)සාධාරණ මිලට දේශීය වෙළදපොළ තුළින් භාණ්ඩ ලබා ගැනීමට පාරිභෝගිකයාට හැකියාවක්ද ලැබේ. තවද සමහර භාණ්ඩ මෙරටට ආනයනය කිරීමේදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අවසරය ලබා ගැනීම අනිවාර්යය කර ඇත. විශේෂයෙන්ම ළදරු කිරි බෝතල් සදහා එසේ අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය වුවද ඔන් ලයින් ක්‍රමයට වෙබ් අඩවි හරහා ළදරු කිරි බෝතල ආනයනය කිරීමේදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අවසරය ලබා ගැනීම සිදුනොකිරීමෙන් ළදරුවන්ගේ ජීවිත අනතුරේ දැමීමක් සිදුකරනු ලබයි.

තවද අන්තර් ජාලය මගින් සමහර ආහාර වර්ග ආනයනය කිරීමට ඉඩදීමෙන් සිදුවන්නේ ප්‍රමිතියක් නොමැති ආහාර ද්‍රව්‍ය මෙරට තුළට ආනයනය කිරීම වන අතර එම ආහාර පරිභෝජනය කිරීමෙන් පාරිභෝගිකයාගේ ජීවිත අනතුරේ හෙළිමක් සිදුවනු ලබයි. අනෙක් අතට ආගම හා සම්බන්ධ වූ භාණ්ඩ මෙසේ ආනයනය කිරීමට ඉඩ ලබා දීමෙන් ආගම් අතර ගැටීමක් ඇතිවීමටද ඉඩ ඇත.

විදේශිය රටවල වෙබ් අඩවි පොහොසත් කරමින් අප රට බංකොලොත් කරන මෙම ක්‍රමවේදය වහාම නවතා දමන ලෙස හෝ තාවකාලිකව ආනයනය කිරීම තහනම් කොට ඇති භාණ්ඩ මෙරටට ආනයනය කිරීමේදී අදාල බදු මුදල් ගෙවීමට නිසි ක්‍රමවේදයක් සකසන ලෙස අප රජයෙන් ඉල්ලා සිටිමු.

ගැසට් අංක 2176/19 මගින් හා වෙනත් නීති මගින් මෙරටට ආනයනය කිරීම තහනම් කර ඇති හා ආනයනය කරනු ලබන අවස්ථාවේ බදු ගෙවිය යුතු අයිතමයන් කිහිපයක් පහත සදහන් කරමු.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

රෝගීන්ට පී.සී.ආර් කළ කොළඹ අක්ෂි රෝහලේ වෛද්‍යවරියකට ජී.එම්.ඕ.ඒ මැර තර්ජන

Next Post

වවුනියා කිලිනොච්චි ඇඟලුම් සේවිකාවන් එන්නත ගත් පසු ලෙඩ වුනේ මානසික ආතතිය නිසා… සෞඛ්‍ය අංශ

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.