ආනයනික කිරිපිටි මිල අඩු කරන බව වෙළඳ අමාත්‍යාංශය නිල වශයෙන් නිවේදනය කර තිබේ.
ඒ අනුව ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 50 කින් සහ කිලෝග්‍රෑම් 1 පැකට්ටුවක් රුපියල් 125 කින් මිල අඩු වනු ඇත.
මෙම නව මිල ගණන් අනිද්දා ( 16 ) සිට ක්‍රියාත්මක වීමට නියමිතය.
ගෝලීය මිල ප්‍රවණතා දේශීය වෙළෙඳපලේ පිළිබිඹු කිරීමේ ප්‍රතිපත්තිමය තීරණය මත ගෝලීය කිරිපිටි මිලෙහි මෑත කාලීන අඩුවීමේ ප්‍රතිලාභය පාරිභෝගිකයාට ලබා දීම සඳහා වෙළඳ අමාත්‍යාංශය, ආනයනකරුවන් සමග කළ සාකච්ඡාවලින් පසු මෙම එකඟතාවයට පැමිණ තිබේ.







