බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩු විරෝධී වර්ජනයට වෘත්තීය සමිති දහසක් එක් වෙයි…

by editor
අප්‍රේල් 27, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඩයනා උදයංගනී –

ආණ්ඩුවට විරෝධය පා රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන් හෙට (28) දිනයේදී දැවැන්ත සංකේත වැඩවර්ජනයක නිරත වන බව ඒකාබද්ධ වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව සඳහන් කරයි.

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට ගෙදර යන ලෙස බලකරමින් ‘ජනමතයට හිස නමනු – ආණ්ඩුව ගෙදර යනු’ යන තේමාව යටතේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සංවිධානය කර ඇති අතර, වෘත්තීය සමිති දහසකට වඩා වැඩි ප්‍රමාණයක් මේ සඳහා එක්ව සිටින බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු රවි කුමුදේශ්   පැවසීය.

අධ්‍යාපන, ප්‍රවාහන, වතු, වරාය, විදුලිබල, බැංකු, තැපැල්, සමෘද්ධි, සංවර්ධන නිලධාරී, කම්කරු ආදී සෑම ක්‍ෂේත්‍රයකම පිරිස් මෙම වැඩවර්ජනයට එක්ව සිටිති.

රෝහල්වල ද සේවකයන් ද සියයට 50ක් පමණ මෙම වැඩවර්ජනයට එක්වන නමුත් රෝහල් සේවා අඩාල නොවන අයුරින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බව ද කුමුදේශ්   පැවසීය.

සේවයේ යෙදෙන සෞඛ්‍ය සේවකයින් කළු ඇඳුමින් සැරසී හදිසි ප්‍රතිකාර කටයුතුවල යෙදෙන බව ද රවි කුමුදේශ්   කීවේය.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

රෝහල් සේවකයින් ද දහවල් 12.00 සිට පස්වරු 2.00 දක්වා පැය දෙකක කාලයක් සේවා කටයුතුවලින් ඉවත්වී විරෝධතාවක නිරත වන බව ද ඔහු සඳහන් කළේය.

සියලුම රෝහල් ඉදිරිපිට අද දහවල් 12.00 සිට උද්ඝෝෂණ හා පා ගමන් පැවැත්වෙන අතර, රට පුරා නගරවලදී ද විරෝධතා සංවිධානය කර තිබේ.

වැඩවර්ජනයේ නිරත වෘත්තීය සමිති විසින් සංවිධානය කරන දැවැන්ත විරෝධතාවයක් හා විරෝධතා රැලියක් හෙට දහවල් 12.00ට කොටුව දුම්රියපල ඉදිරිපිට දී දපැවැත්වීමට නියමිතය. මීට අමතරව වැඩ වර්ජනයේ නිරත වෘත්තීය සමිති කොළඹ ලිප්ටන් වටරවුම ආදී ස්ථාන ගණනාවක සිට විරෝධතාවල නිරතවී ගාලුමුවදොර ජන අරගල භූමිය දක්වා පා ගමනින් ගොස් එම විරෝධතාවට එක්වීමට ද සැලසුම් කර ඇත.

සරසවි ශිෂ්‍යයන් ද කොළඹ ඇතුළු රට පුරා නගරවලදී විරෝධතා මාලාවක් සංවිධානය කර ඇත. ලංකා වෙළඳ කාර්මික හා පොදු වෙළඳ සංගමය, ලංකා බැංකු සේවක සංගමය, ලංකා ගුරු සංගමය, රජයේ එක්සත් කළමනාකරණ සහකාර සංගමය, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය, ජනරජ සෞඛ්‍ය සේවා සංගමය, අන්තර් සමාගම් සේවක සංගමය, කම්කරු අරගල මධ්‍යස්ථානය, තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය, ස්වාධීන වරාය සේවක සංගමය, ලංකා වතු සේවා සංගමය, ශ්‍රී ලංකා විගණන පරීක්‍ෂණ සේවා සංගමය, රක්ෂණ සේවක එකමුතුව, නිදහස් වෘත්තීය සමිති සන්ධානය, ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය, විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව, එක්සත් පොදු සේවක සංගමය, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, තැපැල් රියදුරු සංගමය, සමස්ත ලංකා උප තැපැල් ස්ථානාධිපති සංගමය, ලංකා වැවිලි සේවා සංගමය, ජාතික පොදු සේවක සංගමය, වරාය ලිපිකරු සංගමය, සමස්ත ලංකා හාබර් ඩොක් කම්කරු සංගමය, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සැලසුම් ලිපිකරුවන්ගේ සංගමය, ටග් යාත්‍රා ස්වාධීන සේවක සංගමය, දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව, ලංකා විදුලි පොදු සේවක සංගමය, ලංවිම නව සේවක සංගමය, සමස්ත ලංකා එක්සත් සමෘද්ධි සංවර්ධන නිලධාරී සංගමය, ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය, ඒකාබද්ධ ගුරු සේවා සංගමය, ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය, ඒකාබද්ධ ජල සම්පාදන සේවා සංගමය, ගොවි හඬ ජාතික ව්‍යාපාරය, ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය, රජයේ කර්මාන්තශාලා යාන්ත්‍රික අධිකාරී සංගමය, රාජ්‍ය කළමනාකරණ නිලධාරීන්ගේ ජාතික එකමුතුව, ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමය, ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය, රජයේ කළමනාකරණ සේවා නිලධාරී සංගමය, සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය, ඇතුළු වෘත්තීය සමිති 1000කට වැඩි ප්‍රමාණයක් මෙම වර්ජනයට එකඟතාව පළ කර ඇතැයි වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු රවි කුමුදේශ් පැවසීය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආපනශාලා අඩක් වැහිලා… ආපනශාලා හිමියන්ගේ සංගමය කියයි!

Next Post

“ගෝටා ගෝ හෝම්“  – ජිනීවා එක්සත් ජාතීන්ගේ කාර්යාල ලඟ ශ්‍රී ලාංකිකයෝ  අදත් උද්ඝෝෂණයක්!

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.