මෙවර මහමැතිවරණයට ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් තරගකරන අපේක්ෂකයන් රාජ්‍ය දේපොළ හා තනතුරු නාම අයුතු ලෙස භාවිත කරමින් මැතිවරණ ව්‍යාපාරය දියත් කරමින් සිටින බවට ජාතික හෙළ උරුමය පක්ෂයේ කඩුවෙල නගරසභාවේ නාගරික මන්ත්‍රී බෝසෙත් කළහෙපතිරණ මහතා අද මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කර ඇත.
මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ආණ්ඩු පක්ෂයේ අපේක්ෂකයන් කාර්‍යාල පවත්වාගෙන යෑම, රාජ්‍ය සම්පත් භාවිත කිරීම හා ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ රූපය භාවිත කිරීම ඇතුළු සිද්ධි ගණනාවක් ඔප්පු කළ හැකි ඡායාරූප වීඩියෝ දර්ශන පට සමග මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබීම විශේෂත්වයකි.
ආණ්ඩුපක්ෂයේ ඇතැම් මැතිවරණ අපේක්ෂකයන් රාජ්‍ය සේවකයන් හා මාණ්ඩලික නිලධාරීන් යොදාගෙන සිය මැතිවරණ ව්‍යාපාරය දියත් කරමින් සිටින බවත් කොළඹ දිස්ත්‍රික්කයේ නොයෙකුත් ප්‍රදේශවල ඉදිකර තිබෙන ඔවුන්ගේ කාර්‍යාල මැතිවරණ නීතිවලට පටහැනි ආකාරයට ඉදිකර තිබෙන බැවින් එම ලිපියෙන් පෙන්වා දී තිබේ.
මේ අනුව විපක්ෂයේ අපේක්ෂකයන්ට එක් නීතියකුත් ආණ්ඩුපක්ෂයේ අපේක්ෂකයන්ට තවත් නීතියකුත් ක්‍රියාත්මක වීම තුළත් මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටින විපක්ෂයේ අපේක්ෂකයන්ට බලවත් අසාධාරණයක් සිදුව ඇති බව පෙන්වා දෙන කළහෙපතිරණ මහතා මේ සම්බන්ධයෙන් වහාම මැදිහත්ව සියලු අපේක්ෂකයන්ට සාධාරණය ඉටුකර දෙන ලෙස මැතිවරණ කොම්සාරිස්වරයාගෙන් වැඩිදුරටත් එම ලිපියෙන් ඉල්ලා ඇත.