ආණ්ඩුවේ බහුතරය තමන් සමග බව හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල කීවේය.
කතාවෙන් නොව ක්‍රියාවෙන් ද එය ඔප්පු කළ හැකි බවත් ඔහු සහතික වුනේය.
හිටපු ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද සිය අමාත්‍යාංශයේ වැඩ භාර දී පිටව යන මොහොතේ මාධ්‍ය අමතමිනි.
ආණ්ඩුවට වහාම හරි මගට පැමිණෙන ලෙසද ඔහු යෝජනා කළේය.







