ශ්රී ලංකා නිදහස් පක්ෂය තව දුරටත් ආණ්ඩුවේ රැඳී සිටියදී ආණ්ඩුවේ ඉතිරි හවුල්කාර පක්ෂ 10ට අයත් මන්ත්රීවරු ලබන අඟහරුවාදා පාර්ලිමේන්තුවේ ස්වාධීනව මන්ත්රී කණ්ඩායමක් ලෙස අසුන් ගැනීමට තීරණය කර තිබේ.
ඒ අනුව ආණ්ඩුවට ලබන අඟහරුවාදා තුනෙන් දෙකේ දැවැන්ත බලය අහිමි වීමට නියමිතය.
ඒ සමගම ඇමති ධුරවලින් ඉවත් කළ හිටපු කර්මාන්ත ඇමති විමල් වීරවංශ සහ හිටපු බලශක්ති ඇමති උදය ගම්මන්පිල විසින් ආණ්ඩුවේ දූෂණ වංචා සියල්ල රට හමුවේ හෙළි කිරීම සඳහා සූදානම් වෙමින් සිටින බව වාර්තා වේ.
රට පුරා දැවැන්ත ජන රැළි සංවිධානය කරමින් තමන් ඉවත් වීමේ හේතුව මෙන්ම ආණ්ඩුවේ දරාගත නොහැකි දූෂණ සම්බන්ධව දැනුම්වත් කිරීමට ඔවුන් සැලසුම් කර ඇත.







