21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා වූ විශේෂ යෝජනාවලියක් ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 40 දෙනා ඒකාබද්ධව අද (22) කතානායක වරයා වෙත ලබා දීමට ලබා දීමට නියමිතය.
එහි ප්‍රමුඛම යෝජනාවක් වන්නේ ද්විත්ව පුරවැසියෙකුට මින් ඉදිරියට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට හෝ දේශපාලන පක්ෂය නායකත්වයක් දැරීමට නොහැකි ආකාරයෙන් ගෙන එන යෝජනාවකි.
ව්‍යවස්ථාදායක සභාවක් පිහිටු වීම, ජනාධිපතිවරයා විසින් ඇමතිවරු පත් කිරීමේ දී අගමැතිවරයාගෙන් විමසා පත් කිරීම ඇතුළු යෝජනා ගණනාවක් ඊට ඇතුළත්ය.







