fbpx
ඉරිදා, පෙබරවාරි 5, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුවත් දැන් ‘එදා වේල ටුවර්ස්’

සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස කියයි

by Lanka Sara Editor
ජූලි 8, 2020
in පුවත්
433 5
Share on FacebookShare on Twitter

පසුගිය ජනාධිපතිවරණයේදී MCC නමැති බිල්ලකු මැවු උදය ගම්මන්පිල මහතා ඇතුළු එම පාර්ශ්වය, ඡන්දෙන් පසුව එය 70%ක් හොඳ යැයි කියමින් දැන් ‘එදා වේල ටුවර්ස් ආණ්ඩුවක්’ වී ඇති බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒ මහතා මේ බව කීවේ (7) දොම්පේ පැවති ජන හමුවකදී ය. එහිදි ඔහු මෙසේද කීය.

“පසුගිය ජනාධිපතිවරණය වෙලාවේ ලොකු බිල්ලෙක් ගෙනාවා MCC කියලා.මේ බිල්ලා ගැන ගම්මංපිලලා ලොකූ කතා කීවා.රට හරහට කොරිඩෝවක් හැදෙනවා කීවා.අනුරාධපුර යන්නත් අමෙරිකාවේ අවසර ඕන වෙනවා කීවා.හැබැයි ඡන්දය ඉවර වෙලා ටික දවසක් යනකොට ගම්මන්පිලම කීවා ඒකේ සීයට 70ක් හොදයි කියලා. මොනවද මේ විහිලු?

RelatedPosts

ගොයමේ පැතිරෙන පත්‍ර කහ වීමේ රෝගයට හේතුව ගොයමට නිසි පෝෂණය නොලැබීමයි – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව….

දුම්බර බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියෙක් ගෙල වැල දමාගෙන මිය යයි!

තවත් ශ්‍රි ලාංකික කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ අබිරහස් මරණයක් !

මම උතුරු නැගෙනහිරට ගිහින් කීවේ මොනවද.?මම කීවේ මේ රට ඒකීය රටක්.මේ රට සෛරී රටක්.මේ රටේ සුරක්ෂිත භාවය වෙනුවෙන් අපි කැපවෙනවා කිටලයි කීවේ.ඒ එක්කම දහතුන්වන සංශෝධනය ප්‍රකාරව පළාත් සභා ශක්තිමත් කරනවා කියලා මම කීවා.මම දැක්කා ගම්මංපිල මහත්තයා කියලා තියෙනවා මගේ දිවංගත පියානන් පළාත් සභා වලට විරුද්ධ වුණා කියලා.

පළාත් සභා ක්‍රමය අපේ රටට හඳුන්වා දෙන්න මුල්වෙන්නේ මගේ දිවංගත පියානන්.එතුම  තමයි  රටේ ඒකීය භාවයට හානියක් වෙන්නේ නැහැ කියලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණු තීන්දුව ප්‍රකාරව  පළාත් සභා ක්‍රමය  ලංකාවට හදුන්වා දෙන්නේ.ඒ විතරක් නෙවේ එතුමා ඒ වෙනුවෙන් ඡන්දය පවා දුන්නා.  මේවා දන්නැති  ඒ ගම්මන්පිල ඇමතිතුමා කියනවා  සජිත් ප්‍රේමදාසගේ පළාත් සභා ක්‍රමයට විරුද්ධයි කියලා.  ඒ එක්කම ගම්මන්පිල කියනවා  පළාත් සභා පිළිබඳ සජිත් ප්‍රේමදාසගේ ස්ථාවරය රට හානි කරයි කියලා. ඒවගේම ගම්මන්පිල කියනවා උතුරට ගිහිල්ලා  මම කරපු ප්‍රකාශය  රටේ ඒකීයභාවයට තර්ජනයක් කියලා. මගේ ප්‍රකාශයට අනුව රට කෑලි නමයකට කැඩෙන්න පුළුවන් කියලත් කියනවා. මම ගම්මන්පිල ඇමතිතුමාට කියනවා, සත්‍ය  විකෘති කරන්න එපා.  අසත්‍ය සමාජගත කරන්න එපා. අපි ඒකීය රටක් ගැන උතුරට ගිහින් කතා කරපු අය.උතුරට එකයි,දකුණට එකයි නැගෙනහිරට එකයි අපි ගාව නෑ.අපිට දිව දෙකේ කතා නෑ.අපි දෙබිඩි චරිත රගපාන්නේ නෑ.

හැබැයි අපි අහනවා පිටරට ගිහින් තර්ටීන් ප්ලස් දෙනවා කීවේ කවුද?.ලංකාවට ඇවිත් තර්ටීන් මයිනස් කීවේ කවුද.?.

මෙහෙම දෙබිඩි චරිත අපිට චෝදනා කරන්නේ කොහොමද ?

උතුරු නැගෙනහිර ගිහින් මම කීවා පළාත් සභා වලට කාර්‍යක්ශමව වැඩ කරන්න ප්‍රතිපාදන දෙන්න ඕන කියලා.මම ඉඩම් බලතල ගැන කතා කළේ නෑ.මම පොලිස් බලතල ගැන කතා කළේ නෑ. දැන් තියෙන පළාත් සභා වෙනස් කිරීමක් ගැන කීවෙත් නෑ.

අපි ත්‍රස්තවාදයට විරුද්ධ නම්,අපි අන්‍තවාදයට විරුද්ධනම්,පළාත්සභා ක්‍රමය රකින්න ඕනා.

අපි ගම්මංපිල මහත්තයාට එකක් මතක් කරනවා.

එතුමා පාර්ලිමේන්තු එන්න කලින් පළාත් සභාවට ඇවිත් මන්ත්‍රී වෙලා,ඇමති වෙලා හිටියා.හැබැයි දැන් කතාව ඒවා අමතක කරලයි.පළාත් සභා බිල්ලෙක්නම් මොකටද එතන වැඩ කළේ.?.

අපි තව දෙයක් අහනවා.

හිටපු ගමන් හිතපු මුදල් ඇමති බංදුල ගුණවර්ධන කියනවා වැඩිහිටි ගිණුමේ තැන්පතු පොලිය 15% ඉදලා 8%ට අඩු කරන්න තීරණය කළා කියලා.හැබැයි අගමැතිවරයා කියනවා ඒ කතා බොරු එහෙම තීන්දුවක් අරගෙන නෑ කියලා.

ආණ්ඩුව රට වෙනුවෙන් දිවි දුන්න සෙබලුන්ව පාවලා දුන්නා.

විදෙස්ගත ලාංකිකයෝව මිනිස් බෝම්බ කියලා රට විරුවන් පාවලා දුන්නා.

ලෝකය දිනපු ක්‍රිකට් ක්‍රීඩකයෝ පාවලා දුන්නා.

කොරෝනා අනතුරට හමුදාව දැම්මා.

ලීසින් අරගත්ත ජනතාව පාවලා දුන්නා.

දැන්,මේ රට වෙනුවෙන් ජීවිත කාලයම කබුරපු අහිංසක ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ව පාවලා දුන්නා.

ඔය අතරේ මැයි මාසේ සෞභාග්‍යයේ ඉදිරි දැක්මේ තෑගි ලැබුණා. ඒ මාර්තු,අප්‍රේල් විදුලි බිල් එකට ලැබීම.ඒ එක්කම දඩ කොල.රතු නිවේදන පවා ආවා.

මේ රට කොතනටද තල්ලු කරගෙන යන්නේ?.

මේ රට කොහාටද ගෙනියන්නේ?.

කවුද රට පාලනය කටන්නේ ? කාගේ ප්‍රතිපත්ති ද ක්‍රියාත්මක වෙන්නේ?.

මේ ආණ්ඩුව එදා වේල ටුවර්ස් ආණ්ඩුවක්.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාසල් බස් කහ පාට කිරීම අනිවාර්යයි… ප්‍රවාහන ඇමති අමරවීර කියයි…

Next Post

අලුත් අමුත්තාගේ කිරි සුවඳ දිගේ ඇල්ප්ස් කඳු මතට ගිය ගමන…

Related Posts

පුවත්

ගොයමේ පැතිරෙන පත්‍ර කහ වීමේ රෝගයට හේතුව ගොයමට නිසි පෝෂණය නොලැබීමයි – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව….

පෙබරවාරි 5, 2023
suicide
පුවත්

දුම්බර බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියෙක් ගෙල වැල දමාගෙන මිය යයි!

පෙබරවාරි 5, 2023
Onesh-Subasinghe
පුවත්

තවත් ශ්‍රි ලාංකික කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ අබිරහස් මරණයක් !

පෙබරවාරි 5, 2023
Next Post

අලුත් අමුත්තාගේ කිරි සුවඳ දිගේ ඇල්ප්ස් කඳු මතට ගිය ගමන...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නවතම ලිපි

  • ගොයමේ පැතිරෙන පත්‍ර කහ වීමේ රෝගයට හේතුව ගොයමට නිසි පෝෂණය නොලැබීමයි – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව….
  • දුම්බර බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියෙක් ගෙල වැල දමාගෙන මිය යයි!
  • තවත් ශ්‍රි ලාංකික කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ අබිරහස් මරණයක් !
  • හිටපු ඇමති, පොහොට්ටු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි සජබ සමග එක් වෙයි!
  • අහංගම හෝටලයකදී විදේශිකයෙක් මරුට…

Advertisements

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • ගොයමේ පැතිරෙන පත්‍ර කහ වීමේ රෝගයට හේතුව ගොයමට නිසි පෝෂණය නොලැබීමයි – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව….
  • දුම්බර බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියෙක් ගෙල වැල දමාගෙන මිය යයි!
  • තවත් ශ්‍රි ලාංකික කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ අබිරහස් මරණයක් !

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist