අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුවත් දැන් ‘එදා වේල ටුවර්ස්’

සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස කියයි

by Lanka Sara Editor
ජූලි 8, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය ජනාධිපතිවරණයේදී MCC නමැති බිල්ලකු මැවු උදය ගම්මන්පිල මහතා ඇතුළු එම පාර්ශ්වය, ඡන්දෙන් පසුව එය 70%ක් හොඳ යැයි කියමින් දැන් ‘එදා වේල ටුවර්ස් ආණ්ඩුවක්’ වී ඇති බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒ මහතා මේ බව කීවේ (7) දොම්පේ පැවති ජන හමුවකදී ය. එහිදි ඔහු මෙසේද කීය.

“පසුගිය ජනාධිපතිවරණය වෙලාවේ ලොකු බිල්ලෙක් ගෙනාවා MCC කියලා.මේ බිල්ලා ගැන ගම්මංපිලලා ලොකූ කතා කීවා.රට හරහට කොරිඩෝවක් හැදෙනවා කීවා.අනුරාධපුර යන්නත් අමෙරිකාවේ අවසර ඕන වෙනවා කීවා.හැබැයි ඡන්දය ඉවර වෙලා ටික දවසක් යනකොට ගම්මන්පිලම කීවා ඒකේ සීයට 70ක් හොදයි කියලා. මොනවද මේ විහිලු?

මම උතුරු නැගෙනහිරට ගිහින් කීවේ මොනවද.?මම කීවේ මේ රට ඒකීය රටක්.මේ රට සෛරී රටක්.මේ රටේ සුරක්ෂිත භාවය වෙනුවෙන් අපි කැපවෙනවා කිටලයි කීවේ.ඒ එක්කම දහතුන්වන සංශෝධනය ප්‍රකාරව පළාත් සභා ශක්තිමත් කරනවා කියලා මම කීවා.මම දැක්කා ගම්මංපිල මහත්තයා කියලා තියෙනවා මගේ දිවංගත පියානන් පළාත් සභා වලට විරුද්ධ වුණා කියලා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පළාත් සභා ක්‍රමය අපේ රටට හඳුන්වා දෙන්න මුල්වෙන්නේ මගේ දිවංගත පියානන්.එතුම  තමයි  රටේ ඒකීය භාවයට හානියක් වෙන්නේ නැහැ කියලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණු තීන්දුව ප්‍රකාරව  පළාත් සභා ක්‍රමය  ලංකාවට හදුන්වා දෙන්නේ.ඒ විතරක් නෙවේ එතුමා ඒ වෙනුවෙන් ඡන්දය පවා දුන්නා.  මේවා දන්නැති  ඒ ගම්මන්පිල ඇමතිතුමා කියනවා  සජිත් ප්‍රේමදාසගේ පළාත් සභා ක්‍රමයට විරුද්ධයි කියලා.  ඒ එක්කම ගම්මන්පිල කියනවා  පළාත් සභා පිළිබඳ සජිත් ප්‍රේමදාසගේ ස්ථාවරය රට හානි කරයි කියලා. ඒවගේම ගම්මන්පිල කියනවා උතුරට ගිහිල්ලා  මම කරපු ප්‍රකාශය  රටේ ඒකීයභාවයට තර්ජනයක් කියලා. මගේ ප්‍රකාශයට අනුව රට කෑලි නමයකට කැඩෙන්න පුළුවන් කියලත් කියනවා. මම ගම්මන්පිල ඇමතිතුමාට කියනවා, සත්‍ය  විකෘති කරන්න එපා.  අසත්‍ය සමාජගත කරන්න එපා. අපි ඒකීය රටක් ගැන උතුරට ගිහින් කතා කරපු අය.උතුරට එකයි,දකුණට එකයි නැගෙනහිරට එකයි අපි ගාව නෑ.අපිට දිව දෙකේ කතා නෑ.අපි දෙබිඩි චරිත රගපාන්නේ නෑ.

හැබැයි අපි අහනවා පිටරට ගිහින් තර්ටීන් ප්ලස් දෙනවා කීවේ කවුද?.ලංකාවට ඇවිත් තර්ටීන් මයිනස් කීවේ කවුද.?.

මෙහෙම දෙබිඩි චරිත අපිට චෝදනා කරන්නේ කොහොමද ?

උතුරු නැගෙනහිර ගිහින් මම කීවා පළාත් සභා වලට කාර්‍යක්ශමව වැඩ කරන්න ප්‍රතිපාදන දෙන්න ඕන කියලා.මම ඉඩම් බලතල ගැන කතා කළේ නෑ.මම පොලිස් බලතල ගැන කතා කළේ නෑ. දැන් තියෙන පළාත් සභා වෙනස් කිරීමක් ගැන කීවෙත් නෑ.

අපි ත්‍රස්තවාදයට විරුද්ධ නම්,අපි අන්‍තවාදයට විරුද්ධනම්,පළාත්සභා ක්‍රමය රකින්න ඕනා.

අපි ගම්මංපිල මහත්තයාට එකක් මතක් කරනවා.

එතුමා පාර්ලිමේන්තු එන්න කලින් පළාත් සභාවට ඇවිත් මන්ත්‍රී වෙලා,ඇමති වෙලා හිටියා.හැබැයි දැන් කතාව ඒවා අමතක කරලයි.පළාත් සභා බිල්ලෙක්නම් මොකටද එතන වැඩ කළේ.?.

අපි තව දෙයක් අහනවා.

හිටපු ගමන් හිතපු මුදල් ඇමති බංදුල ගුණවර්ධන කියනවා වැඩිහිටි ගිණුමේ තැන්පතු පොලිය 15% ඉදලා 8%ට අඩු කරන්න තීරණය කළා කියලා.හැබැයි අගමැතිවරයා කියනවා ඒ කතා බොරු එහෙම තීන්දුවක් අරගෙන නෑ කියලා.

ආණ්ඩුව රට වෙනුවෙන් දිවි දුන්න සෙබලුන්ව පාවලා දුන්නා.

විදෙස්ගත ලාංකිකයෝව මිනිස් බෝම්බ කියලා රට විරුවන් පාවලා දුන්නා.

ලෝකය දිනපු ක්‍රිකට් ක්‍රීඩකයෝ පාවලා දුන්නා.

කොරෝනා අනතුරට හමුදාව දැම්මා.

ලීසින් අරගත්ත ජනතාව පාවලා දුන්නා.

දැන්,මේ රට වෙනුවෙන් ජීවිත කාලයම කබුරපු අහිංසක ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ව පාවලා දුන්නා.

ඔය අතරේ මැයි මාසේ සෞභාග්‍යයේ ඉදිරි දැක්මේ තෑගි ලැබුණා. ඒ මාර්තු,අප්‍රේල් විදුලි බිල් එකට ලැබීම.ඒ එක්කම දඩ කොල.රතු නිවේදන පවා ආවා.

මේ රට කොතනටද තල්ලු කරගෙන යන්නේ?.

මේ රට කොහාටද ගෙනියන්නේ?.

කවුද රට පාලනය කටන්නේ ? කාගේ ප්‍රතිපත්ති ද ක්‍රියාත්මක වෙන්නේ?.

මේ ආණ්ඩුව එදා වේල ටුවර්ස් ආණ්ඩුවක්.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාසල් බස් කහ පාට කිරීම අනිවාර්යයි… ප්‍රවාහන ඇමති අමරවීර කියයි…

Next Post

අලුත් අමුත්තාගේ කිරි සුවඳ දිගේ ඇල්ප්ස් කඳු මතට ගිය ගමන…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.