ජනාධිපතිවරයාගේ නියෝජිතයා හැර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ නියෝජිත පිරිස පත් කරනු ලැබ සිටිති.
ඒ අනුවපාර්ලිමේන්තු මන්ත්‍රී අබු බකර් අතම්බාවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කිරීම සඳහා පත් කර ඇත.
විපක්ෂය නියෝජනය කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පත් කර ඇති අතර ඔහුගේ නියෝජිතයා ලෙස සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා නම් කර තිබේ.
එමෙන්ම සුළු පක්ෂ නියෝජනය කිරීම සඳහා ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රීධරන් පත් කිරීමටද පියවර ගෙන තිබේ.
ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට තව පත් කිරීමට නැත්තේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා පමණි.







