බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අහුන්ගල්ල වෙඩි තැබිමේ සිද්ධියේ සැකකරුවන් දෙදෙනා රිමාන්ඩ්…

ප්‍රධාන සැකකරු යැයි සිතා මරලා තියෙන්නෙ දෙවෙනි සැකකරු ලු... පොලිසිය පැහැදිලි කරයි...

by editor
ඔක්තෝබර් 20, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ජයකාන්ත ලියනගේ –  

අහුන්ගල්ල රියූ හෝටලය අසලදී පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්යය බලකාය මගින් අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනා 2022 නොවැම්බර් මස 01 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බළපිටිය මහේස්ත්‍රාත් හංසදේව සමරදිවාකර අද (20) සවස නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ දෙවන කමාණ්ඩෝ රෙජිමේන්තුවේ කිළිනොච්චිය කඳවුරට අනුයුක්තව සේවය කරන මාණ්ඩලික සැරයන් ගුණනෙත්තිගේ සුසන්ත කුමාර (41) සහ රණසිංහ ආරච්චිලාගේ සම්පත් ප්‍රියන්ත (42) නැමැති දෙදෙනාය. පළමු සැකකරු මැදකඩේ, දියතුරේ, මැල්සිරිපුර ප්‍රදේශයේ හා දෙවන සැකකරු හල්තැටිවෙල, මීගහතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිස් විමර්ශන අංශ කියයි.  

පළමු සැකකරු තමන්ට අයත් රාජකාරි ගිනි අවිය වන අංක 2612651 දරණ ටී -56 ගිනි අවිය මෙම වෙඩි තැබීම සදහා ලබා දී තිබෙන බවත් දෙවන සැකකරු වෙඩි තැබීම සදහා දුරකතන ඇමතුම් ලබා දෙමින් අධාර හා අනුබල ලබා දී තිබෙන බවත් පොලිස් විශේෂ කාර්යය බලකාය කියයි. 

පළමු සැකකරු සිය කිලිනොච්චිය යුද්ධ හමුදා කදවුරේ රාජකාරි වල නිරතව සිටියදී හා දෙවන සැකකරු මීගහතැන්න ප්‍රදේශයේ සිටියදී පොලිස් විශේෂ කාර්යය බලකාය මගින් අත් අඩංගුවට ගෙන ඉදිරි විමර්ශන කටයුතු සඳහා අහුන්ගල්ල පොලීසියට බාර දුන් බව අහුන්ගල්ල පොලීසිය කියයි.

මෙම වෙඩි තැබීම සිදුකරන ලද ප්‍රධානතම සැකකරුවා බවට පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වූයේ යැයි අංක 3/33, දෙව්රම්පේ, තණමල්විල ලිපිනයේ පදිංචිව සිටි පටුවන කම්මාචාරිගේ මහේෂ් ඉන්දික ප්‍රභාත් (36) නැමැති අය බළපිටිය, බණ්ඩරවත්තේදී පසුගිය 13 රාත්‍රී පොලිස් විශේෂ කාර්යය බලකායේ විසින් තබල ලද වෙඩි තැබීමකදි මියගොස් තිබේ. 

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

නමුත් මොහු සිද්ධියේ ප්‍රධානතම සැකකරුවා නොවන බවට මේ වන විට තහවුරු වී ඇති බවත් මොහු වෙඩි තැබීම සදහා මෝටර් රථය පැදවූ අය බවට තහවුරු වී තිබෙන බවත් අහුන්ගල්ල පොලීසියට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි.

පොලිස් වෙඩි පහරින් මියගිය සැකකරු අත් අඩංගුවට ගැනීමට යෑමේදී අත් බෝම්බයකින් පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන්ට පහර දීමට තැත් කිරීමේදී පෙරලා පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් තබන ලද වෙඩි පහරින් සැකකරු මියගොස් තිබෙන බවත් සැකකරු සන්තකයේ තිබූ ජීව අත් බෝම්බයද පොලීසියේ බාරයට ගෙන තිබෙන බවත් පොලීසිය මීට පෙර සඳහන් කළේය.

වෙඩි තැබීමේ සිද්ධියේ නියම වෙඩික්කරු හෝකන්දර, සිංහපුර ප්‍රදේශයේදී බස්නාහිර දකුණ පොලිස් කොට්ඨාශය විසින් අත් අඩංගුවට ගෙන තිබෙන බවද පොලීසිය කියයි. 

මොහු දන්කුඩ්ඩා නමින් හඳුන්වන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හිටපු ලාන්ස් කෝප්රල් වරයෙකු බවද පොලිසිය කියයි. මොහු 2019 දි තලංගම පොලිස් වසමේ හෝකන්දර පදිංචි 74 හැවිරිදි කාන්තාවක් ගෙල සිරකර මරා දැමීමේ සිද්ධියේ ප්‍රධානතම සැකකරුවා  බවටද පොලිස් පරික්ෂණ වලදී තහවුරු වී තිබේ.  

අහුන්ගල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද කන්නංගර, පොලිස් කොස්තාපල් සදමාල් (86537) යන නිලධාරීන් ඇතුළු පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පිරිසක් විසින් වැඩිදුර පරික්ෂණ පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විකිරණ තාක්ෂණවේදීන්ගේ වැඩ වර්ජනයෙන් විකිරණ පරීක්ෂණ 30,000ක් නවතී…  

Next Post

රට පාවා දෙන බවට චෝදනා එයි… ඒත් නව ආයෝජන යාන්ත්‍රණයක් සඳහා නීති වෙනස් කරනවා….

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.