කීර්ති ප්‍රනාන්දු –
අහුංගල්ලේ RIU හෝටලය අසල සිදුකළ වෙඩි තැබීම සඳහා කුලී ඝාතකයාට ටී 56 ගිනි අවිය ලබා දීම සම්බන්ධව කමාන්ඩෝ සෙබලෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඇල්පිටිය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ විශේෂ කාර්ය බලකාය එක්ව සිදුකළ මෙහෙයුමකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
කුරුණෑගල මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචි මෙම කමාන්ඩෝ සෙබලා කිළිනොච්චි කඳවුරේ සේවයේ නියුතු කමාන්ඩෝ රෙජිමේන්තුවේ දෙවැනි බලකායේ අයෙකි.
ගිනි අවිය කමාන්ඩෝ බලකායට අයත් එකක් බව තහවුරු කරගෙන ඇතැයි පොලිසිය කියයි.







