බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අහිංසක නදුන් චින්තක පාතාලයේ “හරක්කටා“  වී රට මළ ගෙයක් කළ හැටි…

හරක් කටා ඩුබායි හි දි කොටු කරගත්තේ මෙහෙමයි...

by editor
අගෝස්තු 13, 2022
in පුවත්
නදුන් චින්තක හෙවත් හරක්කටා

නදුන් චින්තක හෙවත් හරක්කටා

Share on FacebookShare on Twitter

ගයාන් කුමාර වීරසිංහ –

  • දැන් හරක්කටා ඩුබායි පොලිස් අත්අඩංගුවේ… ලංකාවට භාර දුන් මධුෂ් අත්අඩංගුවේ දී මරා දැමීම නිසා හරක්කටා ලංකාවට භාර දෙයි දැයි සැකයක්…

හරක්කටා හෙවෙත්  නදුන් චින්තක වික්‍රමරත්න  දැන් ඩුබායිහි ආරක්ෂක අංශ අත්අඩංගුවේය. ඩුබායි ගුවන් තොටුපොලේදී  ඔහු අත්අඩංගුවට පත් වන්නේය.

කුප්‍රකට පාතාල අපරාධකරුවෙක් වන හරක් කටා   ඩුබායි ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්වන්නේ මෙරට මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් ජාත්‍යන්තර පොලීසිය සමඟ කළ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙසිණි. එය මාසයක් පුරාවට දියත් වූවෙකි.  ඒ සඳහා හරක් කටාට එරෙහිව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින්  මාතර අධිකරණයෙන් ලබාගෙන තිබුණු රතු වරෙන්තුවද ඉවල් වී තිබුණේය.

ගුවන් ගමන් බලපත්‍රයේ ඡායාරූපය

රතු වරෙන්තුව

රතු වරෙන්තුව හරක් කටාට එරෙහිව නිකුත් වන්නේ අවුරුද්දකට ඉස්සරින්ය. ඒ හරක් කටාට චෝදනා එල්ලවී තිබුණු වැලිගම සිදුවූ මිනිස් ඝාතන නඩුවකටත් මාතර සිදුවූ මංකොල්ලයකට අදාල නඩුවකටත් පෙනී නොසිටීම මුල්කරගෙනය.  එම නඩු දෙක සම්බන්ධයෙන් හරක් කටාට ජාත්‍යන්තර පොලීසිය මගින් ක්‍රියාත්මක කිරීමට රතු වරෙන්තුවක් මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කරන්නේද විවෘත වරෙන්තුවක්ද ඔහුට මුලින් නිකුත් කිරීමෙන් අනතුරුවය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

හරක් කටා කොටුකර ගැනීමට ජාත්‍යන්තර පොලීසියෙන් රතු වරෙන්තුවක් නිකුත් කරන්නේ හරක් කටාගේ නමින් තිබුණු විදෙස් ගමන් බලපත්‍රයේ ඇති තොරතුරු පදනම් කරගෙනය. අඩුම තරමින් හරක් කටාගේ පැහැදිලි ඡායාරූපයක්වත් එම වරෙන්තුව සමඟ ජාත්‍යන්තර පොලීසියට ඉදිරිපත් කිරීමට නොවීය. ඒ නිසාම හරක් කටා ඩුබායි රැදී සිටිමින් ලෝකය පුරාම කුඩු සල්ලි වලින් රවුම් ගසමින් විනෝදයෙන් කාලය ගත කළේය. ඒ අතර ඔහු සිංගප්පූරුව, මැලසියාව, සී ෂෙල්ස්, පකිස්තානය, ඉන්දියාව සහ මාලදිවයින ඇතුළු රටවල් රැසක නිතර දෙවේලේ එහා මෙහා ගියේය. රතු වරෙන්තුවක් තිබියදීත් ඔහුට එසේ නිදහසේ ගුවන්තොටුපොලවල් හරහා රටවල් අතර ගමන් කිරීමට ඉඩක් ලැබෙන්නේ ඔහු භාවිතා කළේ ඔහුගේ නමින් නොවන විදෙස් ගමන් බලපත්‍රයක් වූ නිසාය.

මාකදුරේ මධුෂ්ද ඩුබායි පැන්නේත් එරට රැදී සිටියේත් ඔහුගේ මුහුණින් සකස් කළ වෙනත් පුද්ගලයෙකුගේ විදෙස් ගමන් බලපත්‍රයකිනි. අංගොඩ ලොක්කාද ඉන්දියාවේ රැදී සිටියේ ගම්පහ පැත්තේ තරුණයෙකුගේ තොරතුරුවලින් ඔහුගේ මුහුණ යොදා සකස් කළ විදෙස් ගමන් බලපත්‍රයකිනි. ඇල්ටෝ ධර්මේ, ගොනාකෝවිලේ අංජු, මාකිංගමුවේ සංජීව ඇතුළු නම ගිය පාතාල අපරාධකරුවෝ බොහොමයක්ම රටින් පළාගොස් රැදී සිටින්නේද ව්‍යාජ නම්වලින් මේ අයුරින් පෙනී සිටිමිනි. මේ නිසා ඔවුන්ට එරෙහිව ජාත්‍යන්තර පොලීසිය මගින් ක්‍රියාත්මක කිරීමට කොතරම් රතු වරෙන්තු නිකුත් කළත් නෛතික කටයුතු සංකීර්ණය.

පොලිසියට කොටු වුණු හරක් කටාගේ කුඩු ටොන් එක

මේ තත්ත්වය වටහාගෙන සිටි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සිය ජාත්‍යන්තර ඔත්තු ජාලය මෙහෙයවමින් සිටියේ හරක් කටා ගැන විශේෂයෙන් කරුණු රැස්කරමිනි. ඒ දැන් අපේ රටට මහා පරිමාණයෙන් මත්කුඩු රැගෙන එම ලොකුම ජාවාරම්කරු ලෙස හඳුනාගෙන සිටින්නේ හරක් කටා වූ බැවිණි. ගෙවී ගිය වසර දෙකක පමණ කාලය තුළ හරක් කටාගේ මත්කුඩු ජාලයෙන් පමණක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ නාවික හමුදාව විසින් කළ වැටලීම් වලදී අල්ලාගත් මත්කුඩු ප්‍රමාණය ටොන් එකකට වැඩිය. වැඩි ප්‍රමාණයක් වැටලෙන්නේ මහා මුහුද මැදදීය. ඇල්ලූ ප්‍රමාණය මෙතරම් නම් ආරක්ෂක අංශ වලට වෙට්ටු දමා ගොඩ බිමට රැගෙන විත් බෙදූ මත්කුඩු ප්‍රමාණය ඒ හා දෙතුන් ගුණයක් බව පැහැදිලිය.

ඝාතන රැල්ල

මෙසේ හරක් කටාගේ මත්කුඩු ජාලය බිඳ දැමීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය දැඩි වෙහෙසක් ගනිමින් සිටියදී හරක් කටා ඩුබායි සිට සිය ගෝලයින් මෙහෙයවමින්   රටේ ඝාතන රැල්ලක් ඇති කළේය. ඒ ඔහුගේ කුඩු ජාලය ගැන පොලීසියට තොරතුරු දෙන පුද්ගලයින්  මරා දමමිණි.  ඒ රැල්ලේ ඇරඹුම සටහන් වන්නේ මැයි 31 වෙනිදා බැස්ටියන් මාවතේ පත්තුවන වෙඩිල්ලත් සමගිනි. එහිදී ඉලක්කය බවට පත්වන්නේ හරක් කටාගේ මත්කුඩු තොඟයක් අල්ලන්නට මත්ද්‍රව්‍ය කාර්යාංශයට ඔත්තුවක් දුන් පුද්ගලයෙකි.

නමුත් ඉලක්කය වැරදීමෙන් වෙඩිල්ල වැදී  මිය යන්නේ කමාන්ඩෝ බලකායේ හිටපු සෙබලෙකි. එම ඝාතනයත් සමඟ බස්නාහිර සහ දකුණු පළාත් ආශ්‍රීතව ගෙවී ගිය කාලය තුළ සිදුවූ වෙඩි තැබීම් ගණන 26කි. එම වෙඩිතැබීම්වලින් 23 දෙනෙක් මිය ගියේය. එම ඝාතන අතරින් 10කට වැඩි ඝාතන ගණනකට වගකිව යුත්තා වූයේ හරක් කටාය. එහිදී ඝාතනය වූ වැඩිදෙනෙක් හරක් කටාගේ මත්කුඩු ජාලය ගැන තොරතුරු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලබාදුන් ඔත්තුකරුවන්ය. ගල්කිස්ස අධිකරණයේ තැබූ වෙඩිල්ලද එදා මෙහෙයවා තිබුණේ හරක් කටාය. කොටිකාගවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී සුමුදු රුක්ෂාන්ට තැබූ වෙඩිල්ල පිටුපස සිටියේද හරක් කටාය.

bastian road short death
බැස්ටියන් මාවත ඝාතනය…

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් හරක් කටා කෙරෙහි සිය විශේෂ අවධානයක් යොමු කරන්නට වූයේද මේ තත්ත්වය නිසාය.   ඉකුත් මාර්තු මාසයේ හරක් කටා මාලදිවයිනේ කළ සංචාරයක් ගැන තොරතුරු මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලැබෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි.

හරක් කටා මාලදිවයිනේ සංචාරයක නිරත වන්නේ පළමු වරට නොවේ. ඊට පෙර අවස්ථා කිහිපයකදීම මාලදිවයිනට ගොස් තිබුණේය. ඒ සිය බිරිය යැයි කියා ගත් තැනැත්තියක් සමගිනි. ඇය කවුරුන්දැයි පැහැදිලි නැත.

පොලිස් තොරතුරු වලින් කියැවෙන ආකාරයට අනුව හරක් කටාගේ බිරිය සිටින්නේ මෙරටය. ඇය පාතාලයේ අපරාධකරුවෙකුගේ බිරියකි. හර්ෂ යසස් නැමැති එම පාතාල අපරාධකරු 2005 වසරේදී රාජගිරිය ඕබේසේකරපුරදී ඝාතනය වන්නේ සමයංගේ කල්ලියේ සැළසුමකට අනුවය. ඒ බිරියගේ නිවසේ සිටියදීය.

හර්ෂගේ මරණින් පසු ඔහුගේ බිරියට තනිවෙන්නට හරක් කටා ඉඩ දුන්නේ නැත. ඇයව සිය අඹුවකර ගත්තේය. ඒ පාතාලයේ හැටිය. සිය සඟයෙකු මරුමුවට පත්වූ පසු ඔහුගේ බිරිය තවත් අපරාධකරුවෙකු විසින් රැකබලා ගනී. මාකදුරේ මධුෂ්ද සිය බිරිය කරගත්තේ වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන් තත්ත්වයකින් පසු වෙඩි කා මිය ගිය පාතාල අපරාධකරුවෙකුගේ බිරියකි.

පොලිස් තොරතුරුවලින් දැනගන්නට ඇති ආකාරයට අනුව හරක් කටාගේ   බිරිය සිටින්නේ දකුණු පළාතේය. හරක් කටාට දාව ඇයට දරුවන් දෙදෙනෙකි. ඒ දෙදෙනාම ගැහැණු දරුවන්ය. ඒ අය ඉගෙනුම ලබන්නේද ජාත්‍යන්තර පාසලකය. ඔවුන් ඉගෙනුමට දක්ෂ දරුවන් දෙදෙනෙක් බව කියති.

නදුන් චින්තක හරක් කටා වූ හැටි…

හරක් කටාද හෙවත් නදුන් චින්තක  පාසල් ගියේ මාතර පිහිටි ජනප්‍රිය පාසලකටය. ඔහු  මිදිගම ජීවත්වූ වැදගත් පවුලක දරුවෙකි. ඔහුට වැඩිමහල්ව සිටියේ සහෝදරියක් පමණි. ඇයත් උසස් අධ්‍යාපනය හැදෑරූ තැනැත්තියකි.

නදුන් චින්තකගේ පියා දුම්රිය සහයක රියදුරෙකි. මව රැකියාවක නිරත නොවුවාය. පියාගේ සිහිනය වූයේ ඔහු සමාජයේ ඉහළ තැනක වැඡඹෙනු දැකීමය.   මාතර පැත්තේ ඇති ජනප්‍රියම පාසලකට  ඔහුව ඇතුළු කරන්නේ ඒ නිසාය.

නදුන් චින්තක පාසල් යන සමයේ   අහිංසකයෙකි.     සතුන්ට ආදරය කළ දරුවෙකි. විශේෂයෙන් ඔහුගේ ආදරයට ලක්වූ සත්ත්වයෙක් වූයේ ගවයාය.   පාසල් දරුවෙක්ව ගත කරන සමයේ ඔහුට   තිබුණේ වාචාල කටකි. ඔහු නිතරම කියෙව්වේය.     හැම තිස්සේම කටේ යමක් දමාගෙන විකමින් සිටියේය. නදුන් චින්තකට පාසල් සමයේදී මිතුරන් විසින් හරක් කටා යැයි නමක් පට බැදීමට මුල් වන්නේ මෙකී කාරණාය.

නදුන් චින්තක ජීවත්වූයේ ධිවර කර්මාන්තය ව්‍යාප්තව පැවති ප්‍රදේශයකය. සංචාරක ව්‍යාපාරයද ඒ පැත්තේ ජයටම කෙරනු තවත් එක් ව්‍යාපාරයකි. ඔහු පාසල් යන කාලයේ සිටම සංචාරක ව්‍යාපාරයට ඇලුම් කළේය. ඒ නිසාම ඔහු සිය පියාගේ සිහිනය බොඳකරමින් අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමෙන් පසු කෙලින්ම වැල්ලට බැස්සේය. ඒ සංචාරක මඟපෙන්වන්නෙක් ලෙසය.

 පාතාලයේ  හරක්කටා  

අහිංසක චරිතයක් වූ නදුන් චින්තක පාතාලයට බසින්නේ සංචාරක කර්මාන්තයේ රැඳී සිටියදී එල්ලවුණු මැර ප්‍රහාරයක් සමගිනි. ගමේ චණ්ඩී කිහිප දෙනෙකුගේ ප්‍රහාරයට ලක්වන නදුන්ව  ඔවුන්  කුණු කානුවකට ද දමා නෑව්වේය.  අහිංසක අංගුමාලයෙක්   වන්නේ එම ප්‍රහාරය බව කියති. තමාට පහරදී කුණු කාණුවේ ගිල්වූවන්ගෙන් පළිගන්නට නදුන්  කිට්ටු වන්නේ මාකදුරේ මධුෂ්ටය.

ඒ වන විට මධුෂ්ද නැගී එන පාතාල චරිතයකි. හරක් කටාව මධුෂ් පාවිචිකළේ වැල්ලේ මත්කුඩු බෙදන්නටය. ඒ ග්‍රෑම් එක දෙකය. හැබැයි වැඩි කල් යන්නට මත්තෙන් හරක් කටා වැඩේ අල්ලා ගත්තේය. මිදිගම සහ වැලිගම පැත්තේ මත්කුඩු බෙදා හැරීමේ බලය තනිව   සියතට ගත්තේය. ඒ අතර ගිනි අවි වලින් ඔහු සෙල්ලම්ද පෑවේය.

හරක් කටාගේ බලය සීමා වූයේ මිදිගමට පමණක් නොව. එය අංගොඩ පැත්තට ව්‍යාප්ත වන්නේ අංගොඩ ලොක්කා සමඟ ගොඩනැගෙන සම්බන්ධකම් මුල්කරගෙනය. අංගොඩ ලොක්කාත් මධුෂ්ගේ මිනිහෙකි. අංගොඩ ලොක්කාගේ පාතාල ප්‍රතිවාදියා වූ සමයංව කළුතරදී බන්ධනාගර බස් රථයකට පහරදී මරා දැමීමට වෙඩික්කරුවන් පවා යොදවන්නේ මාකදුරේ මධුෂ්ය. එම ඝාතනයෙන් පසු අංගොඩ ලොක්කා ඉන්දියාවට පළාගියේය. එහි සිට අංගොඩ ලොක්කාගේ පාතාල කොන්ත්‍රාත් රැසක් ඉටුකරනු ලැබුවේද හරක් කටාය.

මාකදුරේ මධුෂ් ඩුබායි පොලීසියට කොටුවීමෙන් පසු මධුෂ්ගේ මත්කුඩු ජාලය මෙහෙයවන්නට වූයේ අංගොඩ ලොක්කාය. මධුෂ් මරුමුවට පත්වීමෙන් පසු ඔහුගේ කුඩු ජාලය අංගොඩ ලොක්කා මෙහෙයවන්නට ගත්තේ හරක් කටාත් සමඟ එක්වය. අංගොඩ ලොක්කා ඉන්දියාවේදී අනියම් බිරියගේ සැළසුමකට අනුව ඝාතනය වීමත් සමඟ මධුෂ්ගේ මත්කුඩු ජාලයම මෙහෙයැවීමේ තනි බලය හිමිවන්නේ හරක් කටාටය. මධුෂ්ට එහා යමින් හරක් කටා මත්කුඩු ජාලය මෙහයවන්නට ගත්තේ ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවෙකු ලෙස පියවරක් ඉදිරියට තබමිනි. මාලදිවයිනට ඔහු යන්නේයැයි සැකකරන්නේ එවන් ගනුදෙනුවකටය.

හරක්කටාට වැරදුන තැන

හරක් කටාට වැඩ වරදින්නේද මාර්තු මාසයේ කළ එම මාලදිවයින් සංචාරයයි. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය ජාත්‍යන්තර තොරතුරු ඒජන්සිවල සහය ඇතිව හරක් කටා ඩුබායි සිට මාලදිවයිනට ආ ගිය විදේස ගමන් බලපත්‍රයේ තොරතුරු සොයා ගත්තේය. එකී තොරතුරුවලට අනුව හරක් කටා රටවල් අතර සංචාරය කරමින් සිටියේ  රොෂන් ඉසංක නමිනි. එම විදෙස් ගමන් බලපත්‍රයේ තොරතුරුවලට අනුව ඒ ගැන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙනම විමර්ශනයක් ආරම්භ කරනු ලැබීය. එහිදී හෙළිවන්නේ රොෂාන් ඉසංක නැමැත්තා මිදිගම වැසියෙක් බවය. ඔහු හරක් කටාගේ අසල් වැසියෙකි. හැබැයි දැන් ඔහු ජීවතුන් අතර නැත. මිය ගිය රොෂාන් ඉසංකගේ නමින්  හරක් කටා දැන් පෙනී සිටින බව ඒ අනුව පැහැදිලිය විය. මෙයට අවුරුදු දෙක තුනකට පෙර හරක් කටා ඩුබායි බලා පළායන්නේද එම නමින් ඔහුගේ මුහුණ යොදා සකස් කෙරුණු විදෙස් ගමන් බලපත්‍රයෙන් බවද එහිදී අනාවරණය විය.

එසේ ඩුබායි ගිය ඔහු දැන් එරට රැදී සිටින්නේ එරට ආයෝජකයෙක් ලෙසිනි. ඩුබායි හී රැදී සිටින මෙරට කුඩු පාතාලයේ මහඋන්  සියළු දෙනාම පාහේ එරට රැදී සිටින්නේ ආයෝජකයන් ලෙසිනි. ඒ කුඩු සල්ලි එහි ආයෝජනය කරමිනි. මාකදුරේ මධුෂ්ට පවා එරට තරු පංතියේ හෝටල් පැවති බව එකල කියැවිණි. හරක් කටා ඩුබායි හී මුදල් ආයෝජනය කර ඇත්තේ කුමන ව්‍යාපාර සඳහාදැයි මෙතෙක් හෙළිවී නැත.

හරක් කටා ඩුබායි සිටියත් ඔහු ආශා කළේ යුරෝපීය රටක ජීවත් වන්නටය. වඩාත් ඔහු ඇළුම් කළේ ප්‍රංශයටය. ඒ නිසා ඔහු ගොනා කෝවිලේ අංජු මෙන්  ප්‍රංශයේ ස්ථිර ලෙස රැඳී සිටීමට ඒ වන විටත් සැලසුම් කර තිබිණි. ඒ දේශපාලන රැකවරණය ඉල්ලීමට අවශ්‍ය ක්‍රියාවලියට සම්බන්ධ වෙමිනි.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් සොයාගත් හරක් කටාගේ අලුත් විදෙස් ගමන් බලපත්‍රයේ තොරතුරු ජාත්‍යන්තර පොලීසියේ ඔහුට එරෙහිව ඇති රතු වරෙන්තුවට ඇතුළත් කරනුයේ මේ අතර තුරදීය.

ඒ බව නොදත් හරක් කටා ඉකුත් 11 වෙනිදා ඩුබායි ගුවන් තොටුපොලට එන්නේ මැලේසියාව බලා ගමන් කිරීමටය. ඒ බිරිඳ යැයි කියැවෙන කාන්තාව ඇතුළු කිහිප දෙනෙක් සමඟිනි. එහෙත් ඔහුට සුපුරුදු ලෙස එවර ඩුබායි ගුවන් තොටින් පිටවයන්නට ඉඩක් නොවීය. ඒ රතු වරෙන්තුව ක්‍රියාත්මක වෙමිනි.

හරක්කාට දැන් කොහොද?

දැන් ඔහු සිටින්නේ ඩුබායි පොලිස් භාරයේය. මෙතෙක් ඔහුගේ අත්අඩංගුවට ගැනීම නිල වශයෙන් මෙරටට දැනුම්දීමක් සිදුවී නැත. ඒ තවමත් ඔහුගේ අත්අඩංගුවට ගැනීම ගැන සිදුවිය යුතු නීතිමය කටයුතු එරට තුළ සිදුවෙමින් පවතින බැවිනි.

ඒ අතර ඔහු වෙනුවෙන් නීතීඥ සමාගමක් පෙනී සිට ඇත්තේ කෝටි ගානක මුදලකටය. මාකදුරේ මධුෂ්ටද එවන් නීතීඥ සමාගමක් පෙනී සිටිමින් ඔහුව මෙරටට පිටුවහල් නොකිරීමට දැඩි උත්සහයක්ද ගත්තේය. දැන් හරක් කටා සම්බන්ධයෙන්ද සිදුවන්නේ එවැන්නකි.

නමුත් මාකදුරේ මධුෂ්ව මෙරටට භාරකෙරෙන්නේ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමකින් පසුවය. ඒ රැගෙන පැමිණි මධුෂ් පොලිස් අත්අඩංගුවේ සිටියදී නාදුන වෙඩික්කරුවන්ගේ ප්‍රහාරයකින් මරුමුවට පත්වී තිබීම හේතුවෙන්    ඒ වාසිය හරක් කටාට ලැබීමට ඇති ප්‍රතිශතය වැඩිය. ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරු පෙන්වා දෙන්නේ හරක් කටාටද එවැනි ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇති බවය.

මෙවන් තත්ත්වයක් හමුවේ හරක් කටාව මෙරටට ගෙන්වා ගැනීමට ඉදිරියේදී හැකියාවක් ලැබෙනු ඇත්තේ කඩිනමින් රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක් දියත් කිරීමෙන් පමණි.

( සිළුමිණ පුවත්පතේ පළ වූ ලිපියක් ඇසුරින් සැකසිනි)

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඇවෙන්ඩ්‍රා ගාර්ඩ්න් හෝටලයේ හිමිකරු සතුව තිබූ ගිනි අවි 04ක්  මැයි 09 සිදුවීම දා අතුරුදහන් වෙලා…

Next Post

සමාව ඉල්ලා ජනපතිට යවන ලියුමට රන්ජන් අත්සන් තබයි….

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.