ලලිත් චාමින්ද –
අහංගම නගරයේ ඉදිකරගෙන යනු ලබන සිව් මහල්ගොඩනැගිල්ලක ඉදිකිරිම්වල නිරතව සිටි කම්කරුවකු තවත් කම්කරුවන් දෙදෙනෙකු විසින් පහරදි ඝාතනය කොට ඇති බැව් අහංගම පොලිසිය පවසයි.
මෙසේ ඝාතනය කොට ඇත්තේ ආසිර් මාදන් සුසරාජ් (37) නැමති 145 ඒ පේපර්ගාඩන්, කුණ්ඩසාලේ පදිංචිව සිටි තිදරුපියෙකි. මොහු මිට මාස එකහමාරකට පමණ ඉහතදි අත් උදව්ලබාදිම සදහා මෙම වැඩබිම වෙත පැමිණ ඇත.
කොන්ත්‍රාත්කරුවකු යටතේ මෙහි සේවකයින් 07 දෙනෙකු සේවය කරමින් සිට ඇති බව පොලිසිය පවසයි. ඉකුත් 17 වැනිදින රාත්‍රි මියගිය පුද්ගලයා හා තවත් කම්කරුවන් දෙදෙනෙකු අතර මත්පැන් පානය කරමින් සිටියදි ආරවුලක් ඇතිවි තිබේ. එම ආරවුල දුරදිගගොස් මෙම පහරදිම වි ඇති බව පොලිසිය පවසයි.
පසුව වැඩබිමේ සිටි සේවකයින් මෙකි සේවකයා හදිසියේ රෝගිවි ඇති බවට 1990 හදිසි ගිලන් රථ සේවයට දැනුම් දි ඇත. මොහු මියගොස් ඇති බවට ගිලන් රථයෙන් පැමිණි සෞඛ්‍ය සේවකයෙකු පවසා ඇත. මේ පිළිබද අහංගම පොලිසිය දැනුවත් කිරිමෙන් පසු ඉමදුව හදිසි මරණ පරික්ෂක චන්ද්‍රලාල් අබේවර්ධනගේ නියෝගයකට අනුව මළසිරුර පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සදහා කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ඇත. මොහු මියගොස් ඇත්තේ පහරදිමක් නිසා සිරුරේ අභ්‍යයන්තරයේ වු රුධිරවහනය නිසාවෙන් බව පශ්චාත් මරණ පරික්ෂණයේ දි අනාවරණය වි ඇත.
පශ්චාත් මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධානි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රෝහාන් රුවන්පුර විසින් සිදුකළ අතර අක්මාවට හා ගෙලට පහරදිම නිසා ඇතිවු අභ්‍යයන්තර් රුධිරවහනයෙන් මරණය වි ඇති බවට තින්දුකොට ඇත.
මෙය ඝාතනයක් බවට පශ්චාත් මරණ පරික්ෂණයේ දි අනාවරණය විම නිසා හදිසි මරණ පරික්ෂකවරයා විසින් මෙය මහේස්ත්‍රාත් පරික්ෂණයක් සදහා යොමුකරණු ලැබිය. මියගිය පුද්ගලයාගේ මුලික මහේස්ත්‍රාත් පරික්ෂණය ගාල්ල වැඩබලන මහේස්ත්‍රාත් ලලිත් පතිරණ විසින් සිදු කරනු ලැබිය. මෙකි ඝාතනය සම්බන්දයෙන් මෙකි ගොඩනැගිල්ලේ ඉදිකිරිම්වල නිරතව සිටි කම්කරුවන් දෙදෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. එම සැකකරුවන් දෙදෙනා අහංගම ගුරුල්ලවල හා පල්ලෙකැලේ කුණ්ඩසාලේ යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
ොසැකකරුවන් දෙදෙනා අද (20) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව ඇත. අහංගම පොලිසයේ වැඩබලන ස්ථානාධිපති එන් නාගරත්න, උ පො ප චන්ද්‍රසිරි, පො සැ95621 අනුර, පො සැ 27996 සරත්, පො කො 3098 චන්දන, පො කො58930 පුෂ්පකුමාර යන නිලධාරින් විසින් සිදුකරණු ලැබිය.







