අසේල සම්පත් සීඅයිඩීයෙන් ගනී

asela sampath

සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතාා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

මමීට දින කිහිපයකට පෙර ඇස්ට්‍රාසෙනෙකා එන්නත සම්බන්ධයෙන් අසේල සම්පත් මහතා විසින් කරන ලද ප්‍රකාශයකට අදාළව ලද පැමිණිල්ලකට අනුව මෙලෙස ඔහු රහස් පොලිස් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර ඔහුගේ දියණිය අද පස්වරුවේ සමාජ ජාලය වෙත වීඩියෝවක් මුදාහරිමින් පවසා ඇත්තේ සිවිල් ඇඳුමින් සැරසුණු 20 දෙනකුගෙන් පමණ පිරිසක් නිවසට පැමිණ තම පියා පැහැරගෙන ගිය බවය. මේ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුව මඟින් අත්අඩංගුවට ගෙන ඇති බවය.


Exit mobile version