fbpx
සඳුදා, සැප්තැම්බර් 25, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අසීරු කාලවල දි අසීරු තීරණ ගන්න වෙනවා… ආණ්ඩුව තව දුරටත් සාකච්ඡා කිරීමට සූදානම්!

ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්...

editor by editor
ඔක්තෝබර් 19, 2022
in පුවත්
0
Share on FacebookShare on Twitter
  • පසුගිය කාලයේ සිදු කළ වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා රටට රුපියල් බිලියන 700ක් අහිමි වෙලා

  • පසුගිය වසර දෙක හමාර තුළ රුපියල් බිලියන 2300ක මුදල් අච්චු ගැසීම නිසා උද්ධමනය 70%කින් වැඩිවෙලා

  • ඍජු බදු වැඩි කර, රටේ ආදායම වැඩි නොකළ හොත් නැවත පෝලිං යුගයකට යාමට සිදු වෙනවා

අසිරු කාලවල අසීරු තීරණ ගැනීමට සිදුවන බවත් ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ ණය ලබාගෙන දැනට ඇති ණය ප්‍රතිව්‍යුහත කරගැනීම සඳහා යන මේ දුෂ්කර ගමනේ දී සමහර තීන්දු ගනු ලබන්නේ කැමැත්තකින් නොවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ජනාධිපතිවරයා  මේ බව සඳහන් කළේ බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අද (19) විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

RelatedPosts

කෝටි ගණනක ඖෂධ භාවිතයට නොගෙන ඉවත් කළේ ඇයි… සෞඛ්‍ය ඇමති හේතුව කියයි!

තරුණ බිරිය නිවස තුළදීම සැමියාට පිහියෙන් ඇණ මරා දමයි…

ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් ලෝකඩ පදක්කම බංගලාදේශයට…

රටේ ආදායම වැඩි නොකර ආර්ථිකය ශක්තිමත් කිරීමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රට ගොඩගැනීමට නම් අකමැත්තෙන් වුවද අසීරු තීන්දු තීරණවලට එළැඹිමට සිදු වන බව පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ සම්පූර්ණ ප්‍රකාශය පහත දැක්වේ.

ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනේ වැදගත් පියවරක් පසුගිය සතියේ සිදු වුණා. මුදල් රාජ්‍ය ඇමතිතුමා යටතේ කණ්ඩායමක් වොෂින්ටන් නුවර පැවැති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික (ඔක්තෝබර් 07) රැස්වීමට සහභාගී වුණා. ඒ අවස්ථාවේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානත්වයෙන් ලංකාවට ණය ලබා දුන් රටවල් හා ණය ලබාදුන් සමහර පුද්ගලික ආයතන සමඟ රැස්වීමක් පැවැත්වූවා. 75 දෙනෙකුට වැඩි පිරිසක් සෘජුව සහ සූම් තාක්ෂණය ඔස්සේ එම රැස්වීමට සහභාගී වුණා.

ලංකාවට ණය ලබාදුන් ප්‍රධාන රටවල් 03 වන ජපානය, චීනය සහ ඉන්දියාව සමඟ පොදු වේදිකාවකට පැමිණ සහන ලබාදීමට ගතයුතු ඉදිරි පියවර කුමක්ද යන්න සාකච්ඡා කිරීම මෙහි මූලික අරමුණ වුණා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත්, ශ්‍රී ලංකාවත් මේ රැස්වීමේ දී පෙන්වා දුන්නේ, පොදු වේදිකාවක තිබෙන අවශ්‍යතාව. ඉන්දියාව සහ චීනය ඒ පිළිබඳ තවදුරටත් විමර්ශනය කර පිළිතුරු ලබා දෙන බව දන්වා තිබෙනවා. ඒ වගේම ද්වී පාර්ශ්වික සාකච්ඡාත් අවශ්‍ය වෙන්න පුළුවන් කියලා දැනුම් දී තිබෙනවා.

තවත් රටවල් ගණනාවක් මෙයට සහභාගී වුණා. විශේෂයෙන් අමෙරිකාවේ, භාණ්ඩාගාරයේ සහකාර ලේකම්වරයෙක් මේ සාකච්ඡාවට පැමිණියා. මේ සියල්ල සිදු කිරීමට අපිට අවස්ථාව ලැබුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර අපි ගත් තීන්දු ක්‍රියාත්මක කරන නිසයි.

ලංකා රජයේ ආදායම් පිළිබඳව එක් කාරණයක් මතුව තිබෙනවා. 2015 ජාත්‍යන්තර මූල්‍ය සංවිධානයේ නියෝජිතයන් මෙරටට පැමිණි අවස්ථාවේ ප්‍රාථමික අය වැයෙහි අතිරික්තයක් අවශ්‍යය බව අපිට දැනුම් දුන්නා. ඒ වගේම අපි 2017-2018 වර්ෂවල ඒ අතිරික්තය ලබා දුන්නා. නමුත් 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය නිසා එය අඩු වුණා. ඒ ගැන විශාල ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ. අපිට ප්‍රාථමික අය වැයෙහි අතිරික්තයක් තිබෙන නිසා අපේ ආදායම වැඩිකරගන්න අපිට පුළුවන් වෙයි කියා ඒ අය බලාපොරොත්තු වුණා.

එදා අපේ ආදායම තිබුණේ දළ දේශීය නිෂ්පාදනයෙන් 14.5%ක් – 15%ක් අතර ප්‍රමාණයක්. එහෙත් ක්‍රමානුකූලව මෙය 17%-18%කට වැඩි කරගන්න පුළුවන් කියලා තමයි අපි එකඟ වුණේ.
නමුත් 2019 නොවැම්බර් මාසයේදී මේ රටේ බදු විශාල ලෙස අඩු කළා. එවිට රජයේ ආදායම 8.5%කට අඩු වුණා. එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම ගිවිසුම්වලින් ඈත් වෙලා ආධාර ලබා දීමට නොහැකි බව ප්‍රකාශ කළා.

අපිට රුපියල් බිලියන 600ක්, 700ක් පමණ ඒ වසරේ අහිමි වුණා. ඒ එක්කම කොවිඩ් වසංගතයටත් අපිට මුහුණ දීමට සිදු වුණා. ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට ප්‍රධාන හේතු වුණේ මෙම තත්ත්වයයි.
අපේ ප්‍රාථමික අය වැයේ අතිරික්තයත් ලබාගත යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිට දැනුම් දුන්නා. ඔවුන්ගේ සහාය අවශ්‍ය නිසා අපිත් එයට එකඟ වුණා.

අනිත් කරුණ තමයි රටේ ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 8.5% සිට 14.5%ක් දක්වා වැඩි කිරීමට තීරණය කිරීම. එය එකවර සිදු කිරීම අසීරු කාර්යයක්. ඒ නිසා 2026 වන විට රටේ දළ දේශීය නිෂ්පාදනයෙන් 14.5%ක් දක්වා ආදායම වැඩිකර ගැනීමට අපි සැලසුම් කර තිබෙනවා.

රටේ ආදායම් වැඩි කර ගන්නේ කෙසේ ද කියා පළමුවෙන්ම අපට සිතන්න සිදු වෙනවා. ආදායම අඩු වූ නිසා අපි මුදල් මුද්‍රණය කර තිබෙනවා. ඒ අනුව පසුගිය වසර දෙකේ දී මුද්‍රණය කළ මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 2300ක්. ඒ නිසා උද්ධමනය 70% – 75%ක් දක්වා ඉහළ ගියා. ඒ වගේම ආහාර උද්ධමනය ඊටත් වඩා වැඩි වී තිබෙනවා.

මේවා පාලනය කිරීමත් අවශ්‍යයි. ඒ වගේම ආදායම ලබා ගැනීමටත් අවශ්‍යයි. එබැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවති මෙම සාකච්ඡාවලදී අලුත් බදු ක්‍රමයක් ඉදිරිපත් වුණා. අපනයන කර්මාන්තවලටත් බදු ගෙවන්න අවශ්‍යයි කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුම් දී තිබුණා.

අපනයන ආර්ථිකයක් තිබෙන රටවල් බදු ගෙවන බව ඔවුන් පෙන්වා දුන්නා. ඒ වගේම ඔවුන් සඳහන් කළේ අපේ පළමුවෙනි අපනයන ආර්ථිකය වුණේ වැවිලි කර්මාන්තය බවත්, බ්‍රිතාන්‍ය පාලන කාලයේ දී තේ, පොල්, රබර් සෑම වැවිලි ක්ෂේත්‍රයකින්ම බදු ගෙවීම සිදු කළ බවත්ය. ඒ නිසා අපි එම ඉලක්කයට ගමන් කරනව නම් බදු ගෙවන්න සිදු වෙයි කියා දැනුම් දුන්නා.

ඒ ගැන දැන් අපනයන ක්ෂේත්‍රය අපෙන් ප්‍රශ්න කර තිබෙනවා. එම කරුණු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

දෙවන කාරණය පුද්ගලික බදු. අපි වැඩිපුරම බදු ලබාගත්තේ වක්‍ර බදු ලෙසයි. රටේ දුප්පත් සාමාන්‍ය ජනතාවටත් එම වක්‍ර බදු ගෙවීමට සිදු වුණා. අපි සෘජුව ලබාගත් බදු ආදායම 20%යි. 80%ක ප්‍රමණයක් ලබාගත්තේ වක්‍ර බදු වලින්.

විශේෂයෙන්ම ඒ පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ප්‍රශ්න තිබුණා, ඒ අය කිව්වේ සෘජු බදු වලින් ලබාගන්න බදු ප්‍රමාණය 20%කට වඩා වැඩි විය යුතු බවයි. නැත්නම් මෙය සාර්ථක නොවන බවත්, සාමාන්‍ය ජනතාවටත් බදු ගෙවීමට සිදුවන බවත් ඔවුන් පෙන්වා දුන්නා.

ඒ නිසා මෙම ක්‍රමවේදයට අනුවත්, 2026 ඉලක්ක ළඟා කර ගැනීම සඳහාත් මෙම බදු අය කිරීම ලක්ෂ 02ක අදායමක් ලබන අයගෙන් සීමා කළ හැකි ද යන්න පිළිබඳව භාණ්ඩාගාරයත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සාකච්ඡා කළා, එහෙත් ඒ අරමුණ ඉටු වුණේ නැහැ. අවසානයේ සිදු වුණේ ලක්ෂයකට වැඩි ආදායමක් ලබන පිරිසගෙනුත් ආදායම් බදු අය කිරීමයි. මේ පිළිබඳ රටේ විශාල ප්‍රශ්නයක් ඇති වී තිබෙනවා.

මෙවන් පසුබිමක් තුළ මෙම බදු ක්‍රමය අනුගමනය නොකළහොත් අපිට අවශ්‍ය ඉලක්ක කරා ළඟා වීමට නොහැකි විය හැකියි. අපි එකඟ වූ ඉලක්කය වන්නේ 2026 වන විට දළ දේශීය නිෂ්පාදනයෙන් 14.5%ක – 15%ක ආදායමක් ලබා ගැනීමයි. අපි මේ වැඩපිළිවෙළින් ඉවත් වුණොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර අපිට ලැබෙන්නේ නැහැ. ජත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහතිකය ලැබෙන්නේ නැත්නම් ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර මුල්‍ය ආයතනවලත්, සහයෝගය ලබාදෙන අනෙකුත් රටවලත් සහාය අපිට හිමි වන්නේ නැහැ. එහෙම වුණොත් අපිට නැවත පෝලිං යුගයට යන්න වෙනවා.
මීටත් වඩා අසීරු කාලයක් අපට ඉදිරියේදී ඇති විය හැකියි.

මෙම ණය ලබාගෙන ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළට අපි යා යුතුයි. අපි මේ කටයුතු කැමැත්තෙන් කරන්නේ නැහැ. අකමැත්තෙන් හෝ අපිට සමහර තීරණ ගන්න සිදු වෙනවා. ඒවගේම එම තීරණ පිළිබඳ අපි විටින් විට සලකා බලනවා.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සාර්ථක කර ගන්නවා වගේම, මහකන්නයේ අපිට හොඳ අස්වැන්නක් ලැබුණාම එයින් ආර්ථික වාසියක් ලබාගෙන ඉදිරියට යන්න අපි බලාපොරොත්තු වෙනවා. එමගින් අපිට තිබෙන ආර්ථික පීඩාව අඩු වෙනවා.

ඒ වගේම අපේ විදේශ විනිමය සංචිතය වැඩි කර ගැනීම පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා. මෙම පියවර කිහිපය ක්‍රියාත්මක කළ විට අපිට ඉදිරියට යා හැකියි.

අද අපේ රට ඉතා අසීරු කාලයකට මුහුණ පා සිටිනවා. ඒ අසීරු කාලයේ අසීරු තීරණ ගන්න වෙනවා. වෙන කවුරුත් ඉදිරිපත් නොවූ අවස්ථාවක මම ඒ අසීරු කටයුත්ත භාරගත්තා. ඉතින් මම හිතුවා මේ පසුබිම ගැන සියලුදෙනා දැනුවත් කරන්න මට යුතුකමක් තිබෙනවා කියලා.

මේ ගැන තවදුරටත් සාකච්ඡා කරන්න ආණ්ඩුව සූදානම් බව ද සඳහන් කරන්න කැමතියි.

Tags: නවතමවිශේෂ
Share79Tweet50

Get real time update about this post categories directly on your device, subscribe now.

Unsubscribe
Previous Post

Designed for Life නිෂ්පාදන පෙළ හඳුන්වා දෙමින් ෆීනික්ස් ප්‍රථම වරට කීල්ස් සුපිරි වෙළෙඳසැල් සමඟ හවුල් වේ

Next Post

ජීවිතයත් මරණයත් අතර පොර බදමින් මහවැලි ගඟ මැද සිටි සිසුවා බේරාගනී…

RelatedPosts

“අතින් වියදම් කරගෙන“  ගිහින් කෙහෙළිය ගෙනා ඉන්දීය ඖෂධ  සමාගම එළියට විසිවෙයි!
පුවත්

කෝටි ගණනක ඖෂධ භාවිතයට නොගෙන ඉවත් කළේ ඇයි… සෞඛ්‍ය ඇමති හේතුව කියයි!

සැප්තැම්බර් 25, 2023
තරුණ බිරිය නිවස තුළදීම සැමියාට පිහියෙන් ඇණ මරා දමයි…
පුවත්

තරුණ බිරිය නිවස තුළදීම සැමියාට පිහියෙන් ඇණ මරා දමයි…

සැප්තැම්බර් 25, 2023
ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් ලෝකඩ පදක්කම බංගලාදේශයට…
පුවත්

ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් ලෝකඩ පදක්කම බංගලාදේශයට…

සැප්තැම්බර් 25, 2023
Next Post
ජීවිතයත් මරණයත් අතර පොර බදමින් මහවැලි ගඟ මැද සිටි සිසුවා බේරාගනී…

ජීවිතයත් මරණයත් අතර පොර බදමින් මහවැලි ගඟ මැද සිටි සිසුවා බේරාගනී...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජනප්‍රිය පුවත්

  • බේත් පෙත්තෙනුත් ගසා කන කාලකණ්ණින්ගේ  රටේ අප්පුහාමි මහත්තයා…

    බේත් පෙත්තෙනුත් ගසා කන කාලකණ්ණින්ගේ රටේ අප්පුහාමි මහත්තයා…

    334 shares
    Share 134 Tweet 84
  • ගාල්ලේ කෝටිපති රෙදි පිළි ව්‍යාපාරිකයා ඝාතනය පාතාල ඝාතන වැලක පුරුකක් ද?…

    256 shares
    Share 102 Tweet 64
  • සුරේෂ් සලේ කවුදැයි ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා කියයි!

    784 shares
    Share 314 Tweet 196
  • නල්ලමලේ කන්සල්ටන්…

    201 shares
    Share 80 Tweet 50
  • රාජ්‍ය ඇමතිගේ ව්‍යාපාරික මාමණ්ඩිය ඝාතනයට හේතුව තවම හෙළි වී නෑ… ඝාතනය ගැන අසා කරාපිටිය රෝහලේ මිනිස්සු පිරෙති!

    243 shares
    Share 97 Tweet 61
  • කෝටි ගණන් පඬුරු වැටෙන හැම පන්සලකම පිංකැටවලින් ආදායම් ලබන්නේ ගෑනුයි- පන්සල්වල ඩ්‍රැයිවර්ලයි…

    218 shares
    Share 87 Tweet 55

නවතම ලිපි

“අතින් වියදම් කරගෙන“  ගිහින් කෙහෙළිය ගෙනා ඉන්දීය ඖෂධ  සමාගම එළියට විසිවෙයි!

කෝටි ගණනක ඖෂධ භාවිතයට නොගෙන ඉවත් කළේ ඇයි… සෞඛ්‍ය ඇමති හේතුව කියයි!

by editor
සැප්තැම්බර් 25, 2023
0

තරුණ බිරිය නිවස තුළදීම සැමියාට පිහියෙන් ඇණ මරා දමයි…

තරුණ බිරිය නිවස තුළදීම සැමියාට පිහියෙන් ඇණ මරා දමයි…

by editor
සැප්තැම්බර් 25, 2023
0

ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් ලෝකඩ පදක්කම බංගලාදේශයට…

ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් ලෝකඩ පදක්කම බංගලාදේශයට…

by editor
සැප්තැම්බර් 25, 2023
0

ranil-wickremesinghe

එතුමා බිසී… කියුබාවේ සහ ඇමරිකාවේ සංචාරයෙන් පසු ඊයේ දිවයිනට පැමිණි ජනපති යළි හෙට ජර්මනියේ නිල සංචාරයක!

by editor
සැප්තැම්බර් 25, 2023
0

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද  ඉන්දීය කාන්තා කණ්ඩායම සමග ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම වෙනුවෙන් සටනට…

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද  ඉන්දීය කාන්තා කණ්ඩායම සමග ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම වෙනුවෙන් සටනට…

by editor
සැප්තැම්බර් 25, 2023
0

නවතම ලිපි

Chemical-fertilizers

පොහොර සහනාධාරය එපා… වී මිලට නිසි මිලක් දෙන්න… දිස්ත්‍රික් ගොවි සංවිධාන ඇමතිට කියයි!

by editor
සැප්තැම්බර් 24, 2023
0

නල්ලමලේ කන්සල්ටන්…

නල්ලමලේ කන්සල්ටන්…

by editor
සැප්තැම්බර් 24, 2023
0

හංවැල්ලේ ෆුඩ්සිටි මැරකම…

පොලිසියේ වැඩේ ඔයාල කරන්න යන්න එපා… ඒකට අපි ඉන්නවා… පොලිසියෙන් ෆුඩ් සිටි මැරයන් පන්නයේ අයට දැනුම් දෙයි!

by editor
සැප්තැම්බර් 24, 2023
0

Baby-Death

කළුබෝවිල රෝහලේ නිවුන් දරුවන් මිය යෑම පිළිබඳ විශේෂ පරීක්ෂණයක්…

by editor
සැප්තැම්බර් 24, 2023
0

2021 දී  කෝටි 93ක බාල ඖෂධ  භාවිතයෙන් ඉවත් කරලා… විගණනය හෙළි කරයි!

ප්‍රමිතියෙන් බාල ඖෂධ විනාශ කළාට රජයට කිසිම පාඩුවක් නෑ… වෛද්‍ය සැපයුම් අංශය කියයි!

by editor
සැප්තැම්බර් 24, 2023
0

නීපා වෛරසය පරීක්ෂාවට අවශ්‍ය ඇන්ටිජන් කට්ටල 100ක් එළඹෙන සතිය තුළ ලංකාවට…

නීපා වෛරසය පරීක්ෂාවට අවශ්‍ය ඇන්ටිජන් කට්ටල 100ක් එළඹෙන සතිය තුළ ලංකාවට…

by editor
සැප්තැම්බර් 24, 2023
0

x-press-perl

එක්ස්ප්‍රස් පර්ල් හානිය… වෙරළ පිරිසිදු කිරීමේ මෙහෙයුම්ලට අදාළව වන්දි මුදල් කොටස් දෙකක් ලැබෙයි…

by editor
සැප්තැම්බර් 24, 2023
0

මන්නාරමේ තල් වනයට ගිනි තියලා… තල් ගස් 600ක් සම්පූර්ණයෙන්ම විනාශයි…

මන්නාරමේ තල් වනයට ගිනි තියලා… තල් ගස් 600ක් සම්පූර්ණයෙන්ම විනාශයි…

by editor
සැප්තැම්බර් 24, 2023
0

Rahula

කෝටි ගණන් පඬුරු වැටෙන හැම පන්සලකම පිංකැටවලින් ආදායම් ලබන්නේ ගෑනුයි- පන්සල්වල ඩ්‍රැයිවර්ලයි…

by editor
සැප්තැම්බර් 24, 2023
0

ගාල්ලේ කෝටිපති රෙදි පිළි ව්‍යාපාරිකයා ඝාතනය පාතාල ඝාතන වැලක පුරුකක් ද?…

ගාල්ලේ කෝටිපති රෙදි පිළි ව්‍යාපාරිකයා ඝාතනය පාතාල ඝාතන වැලක පුරුකක් ද?…

by editor
සැප්තැම්බර් 24, 2023
0

  • Trending
  • Comments
  • Latest
ඇත්ත කියපන් දසුන්. උඹලා මැච් එක වික්ක ද?

ඇත්ත කියපන් දසුන්. උඹලා මැච් එක වික්ක ද?

සැප්තැම්බර් 17, 2023
Sarath Fonseka

සුරේෂ් සලේ කවුදැයි ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා කියයි!

සැප්තැම්බර් 21, 2023
“අතින් වියදම් කරගෙන“  ගිහින් කෙහෙළිය ගෙනා ඉන්දීය ඖෂධ  සමාගම එළියට විසිවෙයි!

කෝටි ගණනක ඖෂධ භාවිතයට නොගෙන ඉවත් කළේ ඇයි… සෞඛ්‍ය ඇමති හේතුව කියයි!

සැප්තැම්බර් 25, 2023
තරුණ බිරිය නිවස තුළදීම සැමියාට පිහියෙන් ඇණ මරා දමයි…

තරුණ බිරිය නිවස තුළදීම සැමියාට පිහියෙන් ඇණ මරා දමයි…

සැප්තැම්බර් 25, 2023
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • කෝටි ගණනක ඖෂධ භාවිතයට නොගෙන ඉවත් කළේ ඇයි… සෞඛ්‍ය ඇමති හේතුව කියයි!
  • තරුණ බිරිය නිවස තුළදීම සැමියාට පිහියෙන් ඇණ මරා දමයි…
  • ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් ලෝකඩ පදක්කම බංගලාදේශයට…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.