අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අස්වැන්නෙන් පහෙන් එකයි… මහ කන්නයේ හත වදින  හැටි මහවැලි ගොවියෝ කියති!

by editor
පෙබරවාරි 13, 2022
in පුවත්, ව්‍යාපාර
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –   

මහවැලි බී කලාපයට අයත්  අරලගංවිල පන්සිය 503 කලාපයේ මෙවර මහ කන්නයේ මාදුරුඔය ජලාශය යටතේ කාබනික පොහොර භාවිතයෙන් වී වගා කරන ලද කුඹුරු බිම්  සියල්ලෙන්ම අපේක්ෂිත අස්වැන්නෙන් පහෙන් එකක්වත් නොලැබෙන බවට ගොවීහු මේ වනවිට පුරෝකථනය කරති.

මහවැලි බී කලාපයට අයත් 503 කලාපයේ ගොවි පවුල් 1000 ක් පමණ  අක්කර 2500   කුඹුරු බිම් ප්‍රමාණයක් මෙවර  මහ කන්නයේ  වී වගා කර  තිබේ. එම සියලු ගොවිබිම්වල පැල ගොයම නිසරු වී ඇති බවත්  මේ වන විට පීදෙමින් පවතින බන්ඩි ගොයම වී කරල් සුදු පැහැ ගැන්වී  ගොයම් කරල වර්ධනයක් දැකිය නොහැකි  තත්වයට පත් වී ඇති බවත් ඔවුහු පෙන්වා දෙති.

පිඹුරත්තෑව ජලාශය යටතේ මෙවර මහ කන්නයේ ගොවි පවුල් 2500ක් පමණ වී වගා කර තිබෙන අතර එම කුඹුරු  බිම්වල ද   පැළ ගොයමේ වර්ධනය  මුලුමනින්ම ඇණහිට  ඇතැයි  මහවැලි සී කලාපයේ හිටපු ව්‍යාපාර කමිටු  ලේකම් සරත් රාජපක්ෂ   සඳහන් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“වෙනත් කන්න වල කුඹුරු අක්කරයකින් වී කිලෝ පන්දාහක්  ගත්තා.. මේ කන්නයේ කිලෝ දාහක්වත් ගන්න බැරි වේවි. අක්කර දෙකහමාරකින් ගෙදර කන්න තියාගත්තම විකුණන්න දෙයක් ඉතිරුවෙන එකක් නෑ.  කාබනික පොහොරෙන් වගා  කරන   කුඹුරුවල පැළ ගොයම නියරින් උඩට ඇවිත් නෑ… හාල් කිලෝ එක රුපියල් තුන්සීයක්වත් වුනේ නැතිනම් පුදුමයි.“    ගොවින් අපට කීවේ එසේය.

ඒ අනුව තමන්ට වන්දි මුදලක් ලබාදීමට රජය අපොහොසත්  වුවහොත්  ලබන යල කන්නයේ වී වගාව සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට සිදුවන බවද  ගොවීහු සඳහන් කරති.

පොළොන්නරුව දිස්ත්‍රික්කයට මේ වෙනවිට ඇද හැලෙන වර්ෂාපතනයත් සමග පූදින ගොයමට දැඩි බලපෑම් එල්ල වී ඇති බවත් ඒවා විනාශ වෙමින් පවතින බවත් ගොවීන් පෙන්වා දෙති.

කුඹුරු අක්කර දෙකහමාරක් වගා කිරීමට කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සඳහා රජය මගින් ලබාදෙන රුපියල් 12,500 ක  මුදලින් මෙතෙක් ගොවීන්ට ලබා දී ඇත්තේ රුපියල් හත්දාස් පන්සීයයි 7,500 ක  මුදලක් පමණක් බව ද මාදුරුඔය සහ පිඹුරත්තෑව ජලාශය වී වගා කරන ලද ගොවීහු  චෝදනා කරති.

අප මේ පිළිබඳව ,අරලගංවිල, ගොවිජන සේවා මධ්‍යස්ථානයෙන් දුරකථනයෙන් සිදුකළ විමසීමකදී එහි නිලධාරියෙකු සඳහන් කළේ ගොවීන් ලබාදුන් බැංකු ගිනුම් වලට එම මුදල් බැර කර ඇති බවත්, කාබනික පොහොර භාවිතයෙන් වී වගා කරන ද ගොවීන්ට යම් පාඩුවක් සිදු වුවහොත් ඊට වන්දි ලබාදීමට රජය වැඩපිළිවෙළක් සකසා ඇති බවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දළුකානේ සූදු පිටියක බූරු ගැසමින් සිටි ආදිවාසී කාන්තාවන් 04ක් පොලිසියට කොටු…

Next Post

ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 165ක ඉලක්කයක්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.