බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

අවුරුදු 900ක් පැරණි පොලොන්නරුව කිරිවෙහෙර  බදාම තලය වනසයි… මහා සංඝයා උද්ඝෝෂණයේ

by editor
දෙසැම්බර් 25, 2021 - Updated on දෙසැම්බර් 26, 2021
in කලා, පුවත්, සංස්කෘතිය
Kiriwehera

පුරාණ පොලොන්නරුව කිරි වෙහෙරේ හතරැස් කොටුව මත බෝල්ට් ඇණ බස්සවා කොන්ක්‍රීට් ආස්තරණ දමා වසර 900ක් පැරණි බදාම තට්ටුව විනාශ කර ඇති අයුරු....

Share on FacebookShare on Twitter

සිංහල බෞද්ධ උරුමයේ සජීවී වාස්තු විද්‍යාත්මක සංකේතය සේ සැලකෙන පෞරාණික කිරිවෙහෙර දාගැබ් වහන්සේගේ වසර 900ක් පැරණි විශිෂ්ට ලෙස සංරක්ෂණය වූ බදාම තට්ටුව විනාශ කරමින් මධ්‍යම සංස්කෘතික අරමුදලේ ව්‍යාපෘතියකින් ඒ මත ඇණ ගැසීමේ   අපරාධයට එරෙහිව ඊයේ (25) මහා සංඝයාවහන්සේ පිරිසක් පොලොන්නරුව පූජා භූමියේ විරෝධතාවයක නිරත වූහ‍

උඩස්ගිරියේ සමිත හිමි ඇතුළු හිමිවරුන්ගේ විරෝධතාවය…

පුරාවස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති පූජ්‍ය උඩස්ගිරියේ සමිත හිමි ඇතුළු මේ සංඝයා වහන්සේ ප්‍රකාශ කළේ මහා පැරකුම්බාවන් ජීවමානව දකිනවා සේ දර්ශනය වන වසර 900ක් පැරණි පෞරාණික බදාම තලය මේ තරම් මුග්ධ ලෙස පහරන්නේ කුමණ ආකාරයේ පුරාවිද්‍යා සංරක්ෂණ විධි නියමයකින් ද  යන්නය.

මෙම ස්ථූපය පරාක්‍රමබාහු රජුගේ (1153-1186) බිසවක වූ සුභද්‍රා දේවිය විසින් ඉදිකෙරූවක් බැව ද   අතීතයේ මෙම ස්ථූපය  රූපවතී ස්තූපය නමින් හැඳින්වූ බවද  ඉතිහාසගත තොරතුරවලින් පැනේ.

ප්‍රමාණයෙන් අඩි අසූවක් පමණ වුවද මේ දාගැබ්වහන්සේ ශාස්ත්‍රීය  ලෝකයට වටින්නේ  වසර 900 ක පමණ කාලයක් ස්වභාවික බලපෑම් යටතේ, මුල් ඉදිකෙරූ ස්වරූපයෙන්ම බදාම ආලේපිත තට්ටුව විශිෂ්ට ලෙස සුරක්ෂිතව ඇති ලංකාවේ එකම ස්ථුපය වීමය. එමෙන්ම මෙවැනි පෞරාණික බදාම තට්ටුවක් සංරක්ෂණය වී ඇති ලෝකයේ අතිශයින්ම දුර්ලභ ඉදිකිරීම්වලින් එකක් වීමය.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

හතරැස් කොටුව මත පුරාණ බදාම තලය වනසා කළ ඉදිකිරීම්….

මෙම බදාම තලය ජාතික උරුමයක් ලෙස සංරක්ෂණයට ලක්විය යුතුව තිබුණේ එබැවිනි. එහෙත් මේ බදාම තලය විනාශ කර ඒ මත දැවැන්ත බෝල්ට් ඇණ බස්වමින් අතිශයින්ම අශාස්ත්‍රීය ඉදිකිරීමක් සිදුවී ඇති බව වාර්තා වී තිබිණි.

සංස්කෘතික ඇමතිවරයා වූ අගමැතිවරයාගේ සංකල්පයක් අනුව මධ්‍යම සංස්කෘතික අරමුදල යොදවා සිදුකරන අවිචාරවත් විනාශකාරී ව්‍යාපෘති සමූහයකට අද මහා සංඝ සංඝයා වහන්සේ විරෝධතාවය පළ කළහ.

පුරාවස්තු සුරැකීමේ සංගමයේ සභාපති උඩස්ගිරියේ සමිත හිමි පැවසුවේ ජාතියක් එක්ව රක්ෂා කළ යුතු කිරිවෙහෙර වැනි වාස්තු විද්‍යාත්මක නිමැවුමක් මේ ආකරයෙන් විනාශ කරන්නේ කුමණ විද්‍යාත්මක පදනමකින්ද යන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ජාතියට පැහැදිලි කර දිය යුතු බවය.


පුජා නරගරයක් කිරීමට සඳහා යැයි පවසමින් මේ ‍ඓතිහාසික ලෝක උරුම භූමිය පහරමින් කොන්ක්‍රීට් පාරවල් තනා මකර තොරන් ගසා එහි ජීවමාන වටිනාකම කෙළසන්නට කිසිවෙකුට නොහැකි බවත්, ආලාහන පිරිවෙණ යනු සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගනය හෝ හම්බන්තොට කඩමණ්ඩිය නොවන බව අගමැතිවරයාත් ඔහුගේ සංස්කෘතික ලේකම් වූ ප්‍රසව හා නාරිවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා තේරුම් ගත යුතු බවත් උඩස්ගිරියේ සමිත හිමියෝ පැවසූහ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජනපති ලේකම් පී.බී. ඉල්ලා අස්වීමේ ලිපිය භාර දෙයි!

Next Post

රසායනික පොහොර ලෑස්තියි… එස්.එම්. චන්ද්‍රසේන කියයි!

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.