දිනසේන රතුගමගේ –
ශ්‍රී ලංකාවේ දෙමළ සරණාගතයින් ලෙස ඉන්දියාවේ අනාථ කදවුරු වල වසර තිහක් පමණ කාලය ගෙවා වවුනියාවට පැමිණ සිටින පවුල් 57ක් වෙනුවෙන් වවුනියාව සෙට්ටිකුලම පෙරියපුලියලන්කුලම ප්‍රදේශයේ ස්ථිර නිවාස යෝජනා ක්‍රමයක් ආරම්භ කොට තිබේ.
පුනරුත්ථාපන නීති රීතිවලට අනුව යුද්ධයේදී විපතට පත් වූ පුද්ගලයින්ට ලබා දෙන වන්දි මුදලට අමතරව ස්ථිර නිවසක් හිමිවිය යුතු නමුත් වවුනියාවට පැමිණි පිරිස ඉන්දියාවේ සිට පැමිණ වසර හතරක් ඉක්ම ගොස් තිබුනද ඔවුන්ට ස්ථිර නිවාස ලැබී නොතිබුණි.
එම සරණාගතයින්ගේ නමට ඉඩමක අයිතිය නොතිබූ නිසා එවැනි තත්ත්වයක් උද්ගත වී ඇත. දැන් වවුනියාව සෙට්ටිකුලම පෙරියපුලියලන්කුලම ප්‍රදේශයේ රජයේ ඉඩමක් තෝරා ගෙන එහි නිවාස 57 කින් යුත් ස්ථිර නිවාස සංකීර්ණයක් ඉදිකොට එම වැසියන්ට නිවාස ලබා දීමට පියවර ගෙන තිබේ.