බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අවුරුදු 12ක දැරියක් ලිංගික අපයෝජනය කළ වරදකරුවෙක්ට වසර 36ක සිර දඬුවමක්! 

රුපියල් 30,000ක දඩ මුදලක් හා රුපියල් ලක්ෂ 03ක වන් දියක් ගෙවන්නැයි නියෝග...

by editor
අගෝස්තු 25, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

වසර 12කට පෙර අගුණුකොළපැලැස්සේදී 12 හැවිරිදි දැරියක ලිංගික අපයෝජනයට ලක් කළ පුද්ගලයෙකුට වසර 36ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක්, රුපියල් 30,000ක දඩ මුදලක් හා වින්දිත දැරියට රුපියල් ලක්ෂ 03ක වන්දි මුදලක් ගෙවන ලෙස හම්බන්තොට මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා ඊයේ ( 24 ) නියෝග කළේය.

මෙලෙස සිරදඩුවම්, දඩ හා වන්දි නියම කෙරුණේ ආචාරීගම, අගුණුකොළපැලැස්ස පදිංචි රුවන් කුමාර නැමති 42 හැවිරිදි විවාහක පුද්ගලයෙකුටය.

චුදිත 2010 මාර්තු මස 01 දින හම්බන්තොට අධිකරණ බළසීමාවේ පිහිටි අගුණුකොළපැලැස්සේදී 12 හැවිරිදි දැරියක රවටා අවස්ථා කිහිපයකදිම අපයෝජනයට ලක් කර තිබේ.

පසුව මෙම සිද්ධිය පිළිබඳව දැරියගේ මවට සැළවීමෙන් පසු   දැරියගේ මව  අගුණුකොළපැලැස්ස පොලිසියට පැමිණිළි කර තිබේ.

ඒ අනුව අගුණුකොළපැලැස්ස පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අගුණුකොළපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පැවති මුලික නඩු විභාගයෙන් අනතුරුව නීතිපති වරයා විසින් චුදිතට එරෙහිව අධිචෝදනා 04ක් යටතේ 2017.06.27 වන දින හම්බන්තොට මහාධිකරණය හමුවේ නඩු පවරණ ලදි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ඒ අනුව පැවති දීර්ඝ නඩු විභාගයේදි පැමිණිල්ල විසින් චුදිතට එරෙහිව නගා තිබූ චෝදනා 04ම සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරිම හේතුවෙන් මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා චුදිතට දඩුවම් නියම කෙරුණි.

මෙහිදි නීතිපති වරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි රජයේ නීතිඥ නිමන්ත ජයවික්‍රම   කරුණු දක්වමින් පැවසුවේ මෙම සිදුවීම සිදුවන අවස්ථාව වන විට අගතියටපත් දැරිය අවුරුදු 12ක අයෙකු බවත්,  චුදිත 29 හැවිරිදි වියේ පසු වු අයෙකු බවත්ය.

ඒ අනුව මෙවැනි වැරදි වලදී චුදිතයෙකුට ලබා දෙන දඬුවම දෙස සමාජයාද බලා සිටින බවත්, එබැවින් සමාජයේ අන් පුද්ගලයන්ටද ආදර්ශයක් සැපයිය හැකි ආකාරයේ දැඩි දඬුවමක් ලබා දෙන ලෙසත්ය. 

ඒ අනුව ඉදිරිපත් වු කරුණු සලකා බැලූ හම්බන්තොට මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා චුදිතට 1 හා 3 චෝදනාවන් සදහා වසර 04 බැගින් වසර 08ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කල අතර අදාල චෝදනා දෙක සදහා රුපියල් 5000 බැගින් රුපියල් 10,000ක දඩයක්ද නියම කෙරුණි. දඩ නොගෙවයි නම් අමතරව මාස 06ක සිර දඩුවමක්ද නියම කෙරුණි.

එමෙන්ම 02 හා 04 චෝදනාවන් සදහා වසර 14 බැගින් වසර 28ක සිර දඩුවමක් නියම කළ අතර එම චෝදනා දෙක සඳහාද රුපියල් 10,000 බැගින් රුපියල් 20,000ක දඩයක්ද නියම කෙරුණි. දඩ නොගෙවයි නම් වසර 01 බැගින් වසර දෙකක සිර දඩුවමක්ද නියම කෙරුණි.

මීට අමතරව අගතියට පත් දැරිය සඳහා රුපියල් ලක්ෂ 03ක වන්දි මුදලක් ගෙවන ලෙසටද නියම කළ අතර චුදිත එම වන්දි මුදල නොගෙවයි නම් තවත් වසර 02ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කෙරුණි. 

නීතිපතිවරයා වෙනුවෙන් පූර්වගාමී රජයේ අධිනීතීඥ ශෙහාන් මුස්තාපා   සහ රජයේ අධිනීතීඥ නිමන්ත ජයවික්‍රම  පැමිණිල්ල මෙහෙයවන ලදී.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නාමල්- ජොනී-රෝහිත-සනත් ගේ යෝජිත කැබිනට් ඇමතිකම් අලුත් ආණ්ඩුවත් අවුල් කරයි!

Next Post

දුන්නු ඩොලර් මිලියන 6.9ත් නෑ… චීන්නු රටේ ප්‍රමිතියට පොහොර එවන්නත් බෑ කියති!!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.