බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අවුරුදු 60ට වැඩි පුද්ගලයින් ලක්ෂ හතර හමාරක් තවම එක් එන්නතක් හෝ ලබාගෙන නෑ…

එන්නත් නොගත් වැඩිම වැඩිහිටි පරිස කුරුණෑගලින්...

by editor
අගෝස්තු 25, 2021
in පුවත්
vacc
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

මෙරට ජීවත්වන වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් හාරලක්ෂ පනස් පන් දහස් පන්සිය තිස් නවයක් ( 4,55,539)ක්  කිසිම කොවිඩ් එන්නතක් මේ වනතුරු ලබාගෙන නැති බව  ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ දත්ත හෙළි දරවු කරයි.

මෙරට තුළ වයස  අවුරුදු 60ට  වැඩි පුරවැසියන් තිස්පන් ලක්ෂ  දහ නව දහස් එකසිය අනූවක් (35,19, 196) පමණ ජීවත්වන බවත් එයින්  එක් කොවිඩ් මාත්‍රාවක්  හෝ ලබාගෙන සිටින පිරිස තිස් ලක්ෂ හැට තුන් දහස් හයසිය පනස් එකක් (30,63,151) බව එම දත්ත පෙන්වා දෙයි.

සමස්ථ වයස අවුරුදු 60 වැඩි පුද්ගලයින් අතින් කිසිදු එන්නතක්  ලබා නොගත් වැඩිම  පරිස කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව  හැට හතර දහස් හාරසිය විසි හතකි.

අමාත්‍යාංශ දත්තවලින් වැඩි දුරටත් පෙන්වා දෙන පරිදි කොළඹ දිස්ත්‍රික්කයේ එකම එන්නතක්වත් ලබා නොගත්  වයස අවුරුදු 60 වැඩි පුද්ගලයින් තිස් හය දහස් දාහතරක්,  කළුතර දිස්ත්‍රික්කයේ විසි දෙදහස් තුන්සිය හතලිස් හතක්, ගම්පහ දිස්ත්‍රික්කයේ තිස් නව දහස් තිස් පහක්, ජීවත් වෙති.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එහෙත් ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් කමිටුව ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රැස්වීමේ දී එහි ලේඛන හා දත්තයන්ට අනුව  අනාවරණය වූයේ  මේ වනවිට ගම්පහ දිස්ත්‍රික්කයේ වයස අවරුදු 60ට වැඩි පුද්ගලයින් දාසය දහස් හයසිය හැත්තෑ හතක් පමණක් මෙලෙස කිසිදු එන්නත් මාත්‍රාවක් ලබාගෙන නොමැති බවය.

රත්නපුර දිස්ත්‍රික්කයේ 60 වැඩි වැඩිහිටියන් දහතුන් දහස් එකසිය අනූ හයක්, මොණරාගල දිස්ත්‍රික්කයේ  දාහත් දහස් දෙසීය පනස් හතරක්,  අම්පාර දිස්ත්‍රික්කයේ විසි අට දහස් නවසිය හැට හයක්, පොලොන්නරුව දිස්ත්‍රික්කයේ  පන්දහස් දෙසීය විසි හයක්, මුලතිවු දිස්ත්‍රික්කයේ  එක්දහස් අටසිය හැට හයක්, මාතලේ දිස්ත්‍රික්කයේ හාරදහස් එකසිය පනස් හයක්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ විසි පන් දහස් පන්සිය එකොළහක්, ගාල්ල දිස්ත්‍රික්කයේ දාසය දහස් දෙසීය පනස් දෙකක්,  මාතර දිස්ත්‍රික්කයේ විස් එක් දහස් හයසිය හැත්තෑ හයක්  කිසිම එන්නත් මාත්‍රාවක් ලබාගෙන  නැත.

අමාත්‍යාංශය පවසන්නේ මෙය ඉතා භයානක තත්වයක් බවය. එන්නත් කරණයට වහාම මේ පරිස යොමු විය යුතු බව අමාත්‍යාංශය පෙන්වා දෙයි. මරණීය අවදානමක සිටින මේ කණ්ඩායමේ පවුල්වල සාමාජිකයන් උනන්දු වී ඔවුන් එන්නත් කරණයට යොමු කිරීමේ වගකීම ඇති බව අමාත්‍යාංශය පවසයි.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජාතික රෝහලේ හෙද හෙදියන් 100ක්  දෙසතියකට වරක්   කොවිඩ් පොසිටිව්…

Next Post

අවුරුදු 30ක් ඉන්දීය සරණාගත කඳවුරුවල සිට පැමිණි පවුල් 57කට ස්ථිර නිවාස…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.