සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අවම මාධ්‍ය සදාචාරයක් තියා ගන්න… කටකතා ප්‍රවෘත්ති කරන්න එපා… ඔය වගේ තැන්වලට මීඩියා චැනල් කියන නමවත් සුදුසු නෑ… අගමැතිනිය කියයි!

by editor
අගෝස්තු 26, 2025
in පුවත්
harini
Share on FacebookShare on Twitter

කටකතා ප්‍රවෘත්ති නොකරන ලෙසත් මාධ්‍ය භාවිතයේ දී අවම සදාචාරයක් හෝ පවත්වා ගන්නා ලෙසත් අගමැතතිනී ආචාර්ය හරිනි අමරසූරිය අද (26) මාධ්‍යයෙන් ඉල්ලා සිටියාය.

අද (26) ඌව පලාතේ පැවති රැස්වීමකට එක් වෙමින් ඇය කීවේ තමන් රනිල් වික්‍රමසිංහ සමග එක්වීමට සූදානම් බව කලින් ප්‍රවෘත්තියක් නිර්මාණය කළ බවය. දැන් එක්තරා මාධ්‍ය නාලිකාවක් අත් අඩංගුවේ පසුවන රනිල් වික්‍රමසිංහ බැලීමට තමන් ගිය බවට පුවත් මවන බවත් කී අගමැතිනිය අඩුම තරමින් ප්‍රවෘත්තියක් පල කරද්දී ඒ ගැන තමන්ගෙනුත් විමසීමේ සදාචාරයක් පවත්වා ගන්නා ලෙස මාධ්‍යය ට දැන්වූවාය.

මේ බොරු ප්‍රවෘත්තියට අදාලව අවශ්‍ය ක්‍රියාමාර්ග ඉදිරියේ දී ගන්නා බව ද ඇය මාධ්‍ය අමතා කීවාය.

“මම ඊයේ අගමැති කාර්යාලයෙන් මේ ගැන නිසි පිලිතුරක් දුන්නා. සාවද්‍ය තොරතුරු ප්‍රකාශ කරන අයට මම හිතන්නේ ඉදිරියේ දී අපට ක්‍රියාමාර්ගයක් ගන්න වෙනවා. මේ විදිහට බොරු ප්‍රවෘත්ති නිර්මාණය කරන්නේ කොහොම ද?”

“මම කියන්නෙ මෙච්චරයි. මම ගියානම් මම ගිය බවට පලවෙන ප්‍රවෘත්තියට මොනවා හරි සාක්ෂියක් තිබෙන්න එපැයි. ඒ සාක්ෂිය ඉදිරිපත් කරන්න. එහෙම නිකම් ප්‍රවෘත්තිය පල කරන්න බෑනේ. කොහෙන්ද ඒ තොරතුර ආවේ. මාව දැක්ක ද?, ”

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

“මොකද අගමැති හැටියට මට ඕන ඕන තැන්වලට ඕන ඕන හැටියට යන්න බෑ. මට හොරෙන් යන්න බෑනෙ කොහෙටවත්… ඒ නිසා මම ගියා කියලා ඔප්පු කරන්න දැන්. ”

“ඒ මාධ්‍ය ආයතනයේ මාධ්‍ය වේදීන් නැද්ද අද මෙතන… ඉන්නව නේ… එහෙමනම් මම කියනවා මම ගිය බව ඔබතුමන්ලා ඔප්පු කරන්න. එතකොට හරිනේ. ප්‍රශ්නය විසඳෙනවා. එතකොට මම වැරදිය. මම බොරු කියනවා කියලා ඔබතුමාලා ඔප්පු කරන්න…”

Tags: නවතම
Share69Tweet43
Previous Post

සජිත් පස් වැනි වතාවටත් රනිල් බලන්න ගොස් පැමිණ මැද මාවතක් ගැන කියයි… නව සන්ධානයක් ගැන තලතා හෙළි කරයි… එජාප සහ සජබ එක් වූ බවට කාවින්දගෙන් ප්‍රකාශයක්…

Next Post

මොන ඝෝෂා නැගුවත් මේ ගමන හරවන්නේ නෑ… නීතිය ඉදිරියේ සෑම පුරවැසියෙක්ම සමාන කරන සංස්කෘතියක් හදනවා… ජනපති සපථ වෙයි!

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.