2022 ජනවාරි 05 සිට බලපැවැත්වෙන පරිදි අවම බස් ගාස්තුව රුපියල් තුනකින් ඉහළ දමා තිබේ. ඒ අනුව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙන්නේ නව අවම බස් ගාස්තුව රුපියල් 17ක් වනු ඇති බවය.
“ඉන්ධන මිල අඩු වූ විට සහ ආසන ධාරිතාවට අනුව මගීන් ප්‍රවාහනය කිරීමට රජය පනවා ඇති සීමාව ඉවත් කළ විට නැවත වරක් ගාස්තු අඩු කරන බව” විෂය භාර රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම වැඩිදුරටත් පැවසීය.