අලුත් අවුරුද්දේ කොළඹ ජාතික රෝහලට අනතුරු 111 ක් වාර්තා වේ…

දෙසැම්බර් 31 හා ජනවාරි 01 දෙදින තුළ කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට අනතුරු 111 ක් වාර්තා වී ඇති බව ජාතික රෝහල් ආරංචි මාර්ග පවසයි. පසුගිය වසරට සාපේක්ෂව සියයට 60 අනතුරු අඩුවීමක් පෙන්වන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ අනතුරු 111 අතර ගිනිකෙළි අනතුරු 04ක්, මාර්ග ඇනතුරු 24ක්, ගැටුම් නිසා ඇති වූ අනතුරු 21ක්, නිවාසවල, සේවාස්ථානවල, සිදුවූ අනතුරු 53ක් ඇතුළත් බව එම ආරංචි මාර්ග පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට අනතුරුවලට ලක් වීම නිසා පුද්ගලයින් 60 දෙනෙක් ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.


Exit mobile version