සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

අලුත් අවුරුද්දේ ක්‍රිකට් විපත…

by editor
ජනවාරි 5, 2025
in ක්‍රීඩා, පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර වෙලිටන්හි දී පැවති පළමු එක් දින තරගය නිමා වුනේය. පට්ට පදුරු විදිහට ලෙලි යන්න පරාදය. පන්දු 142ක් ඉතිරිව තියෙද්දි නවසීලන්ත කණ්ඩායම කඩුළු 09කින් දිනුම්ය.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 50 ක්‍රීඩා කළේ නැත. ලකුණු 178කට සියල්ලෝ දැවී ගියහ. ඒ පන්දු ඕවර 43.4ක දී ය. නවසීලන්ත කණ්ඩායම එක් කඩුල්ලක් දැවී පන්දු ඕවර 26.2ක දී ලකුණු 180ක් සහිතව තරගය නිමා කළේය. විලි ලජ්ජාවේ සන්තෝසේ බැරිය.

තරගය පැවැත්වුන ආකාරය

කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත එක්දින නායක මිචෙල් සැන්ට්නර් පන්දු රැකීම තේරුවේය. අනතුරුව පන්දුවට පහරදීමට පැමිණි අපේ කණ්ඩායමට සිදුවූයේ බිහිසුණු ඉරණමකට මුහුණ දෙන්නටය. මුල් කඩුල්ල ලකුණු 15 දී ය. පැතුම් නිශ්ශංක ලකුණු 09කට දැවී යන්නේය. දෙවැනි කඩුල්ල ලකුණු 18 දී ය. කුසල් මෙන්ඩිස් ලකුණු 02කට දැවී ගියේය. තුන්වන කඩුල්ල කුණු 23 දී ය. කමිඳු මෙන්ඩිස් ලකුණු 03කි. සිව්වන කඩුල්ලත් ලකුණු 23 දී ය. චරිත් අසලංක ලකුනු ලැබුවේ නැත.

ලකුණු 23 ක් ඇතුළත මුල් පෙළේ කඩුළු 4 ක් බිඳ වැටී තිබිණි. ලකුණු 100ත් දැවැන්ත ඉලක්කයක් සේ පෙනුනි. එහෙත් ඉනිම එක් අන්තයකින් ආරම්භ කළ අවිශ්ක ප්‍රනාන්දු (56) තම අන්තය රැකගෙන සිටියේය. ඒ අවස්ථාවේ දී පිතිකරණයට එක්වන ජනිත් ලියනගේ අවිශ්ක සමග එක් වී විලි ලජ්ජාවෙන් බේරීම සඳහා වූ පළමු සම්බන්ධතාවය ගොඩනැගුවේය. ඔවුන් දෙදෙනා අතර ගොඩනැගුනු සම්බන්ධතාවය ලකුණු 87 කි.

විලි ලජ්ජාවෙන් බේරෙන්න අවිශ්ක හුදකලා සටනක….

ජනිත් ලියනගේ 5 වැනි කඩුල්ල ලෙස දැවී යනවිට ශ්‍රි ලංකා කණ්ඩායමේ මුළු ලකුණු ගණන ලකුණු 110කි. එහෙත් ලකුනු 110දීම අර්ධ ශතකය ඉක්මවා සිටි තරගයේ ඉනිම ගොඩ නැගූ පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 56කට හය වැනි කඩුල්ල ලෙස දැවී ගියේය. ඔහුගේ ලකුණු 56ට හතරේ පහර 6ක් සහ එක් හයේ පහරක් ඇතුළත් වුනේය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ඉන් අනතුරුව අවිශ්ක ප්‍රනාන්දු සහ අංක 7 ක්‍රීඩක චමිඳු වික්‍රමසිංහ සහ අංක 08 ක්‍රීඩක වනිඳු හසරංග සමග යළිත් ලකුණු 48ක සම්බන්ධතාවයක් ගොඩනැගිනි. චමිඳු ලකුණු 22කට දැවී ගියේය. 8වන කඩුල්ල ලෙස වනිඳු ලකුණු 35කට දැවී ගියේය. වනිඳු දැවී යන විට ශ්‍රි ලංකා කණ්ඩායමේ මුලු ලකුණු ගණන ලකුණු 175කි. ලකුණු 178ට ශ්‍රී ලංකා කණ්ඩායමේ සියල්ලෝ දැවී ගියහ. ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් 07 දෙනෙක් ලකුණු 10 සීමාව ඉක්මවා ගියේ නැත.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මැට් හෙන්රි සිය පන්දු වාර 10 තුළ දී ලබා දුන්නේ ලකුණු 19ක් පමණි. ඔහුට අපේ උන් ඇඹරුන ඇඹරිල්ල දුටු විට දුක හිතුනේය. හෙන්ටි ලකුණු 19ට කඩුළු 4 ක් දවා ගත්තේය. ජාකොබ් ඩුෆී ලකුණු 39ට කඩුළු 02ක්, නේදන් ස්මිත් ලකුණු 43ට කඩුළු 2ක් මිචෙල් සැන්ට්නර් ලකුණු 27ට කඩුල්ලක් ලැබුවේය. කමිඳු මෙන්ඩිස් දුවද්දී දැවී ගියේය.

නවසීලන්තය

ලකුණු 178ක ඉලක්කය හඹා යෑමට පැමිණි නවසීලන්ත කණ්ඩායම ගැහපු ගැහිල්ල අනේ අපොයි කියැවෙන එකකි. අද දින ශ්‍රී ලංකා පිල වෙනුවෙන් එක්දින වරම් දිනාගත් එෂාන් මාලිංගට තබා වනේ වන හතුරෙකුටවත් එවැනි අත් දැකීමක් නම් නොලැබිය යුතුය.
ආරම්භක පිතිකරු විල් යන්ග් ය. ඔහු නොදැවී ලකුණු 90කි. හතරේ පහර 12ක් සහිත එම ප්‍රහාරය එල්ල කරන්නේ පන්දු 86ක දීය. රචින් රවීන්ද්‍ර පන්දු 36ක දී ලකුණු 45කි. දැවී ගිය එකම කඩුල්ල රචින් රවීන්ද්‍රගේ ය. එම කඩුල්ල බිඳී යන්නේ ආරම්භක සම්බන්ධතාවය ලකුණු 93ක් වී තිබිය දීය. කඩුල්ල දවා ගන්නේ යොවුන් ක්‍රීඩක චමිඳු වික්‍රමසිංහය.

යන්ග් සහ රවීන්ද්‍ර

අනතුරුව පිටියට පැමිණි මාර්ක් චැප්මන් විල් යන්ග් සමග එක්ව ජයග්‍රහණය සම්පූර්ණ කළේය. චැප්මන්නොදැවී ලකුණු 29කි. අප දකින්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කුජීත වීමය. අලුත් අවුරුද්ද පටන් ගැනීමේ දී ගහපු විස්සයි 20 ගේම ගැන කී උජාරු කතා එක් දින තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම යළිත් අපෙන් ඉල්ලා ගත්තේය.

අපට කියන්නට ඇත්තේ ඒ දුක හිතෙන කතාවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇතුන් සහ ඇත් පැටවුන් සහිත 150ක අලි රංචුවක් ඔයාමඩුව NLDB ගොවිපල තුළ කොටුකර සාගින්නේ තියන්න තරම් මේ නිලධාරීන් තිරිසන් ද?

Next Post

බස් රථවල නීති විරෝධී සවිකිරීම් ඉවත් කරන්න සති දෙකක කාලයක්!

Related Posts

පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!
  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.