බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අලි හොරකමක් අල්ලන්න රැක සිට වනජීවී නිලධාරීන්ට හමුදා මේජර් ජනරාල් මරණීය තර්ජන කර පහර දෙයි…

by editor
ජූනි 26, 2021
in පුවත්
minneriya army
Share on FacebookShare on Twitter

මින්නේරිය හබරණ ජාතික වනෝද්‍යානය ආශ්‍රිතව අලි පැටවු සොරකමක සැලසුමක් සම්බන්ධව ලැබුණු තොරතුරකට අනුව රැකවල් තරකරමින් රාජකාරියේ යෙදී සිටි වනජීවී නිලධාරීන් පිරිසකට වනෝද්‍යානයේ සිට සැක කටයුතු ලෙස පිටවූ හමුදා මේජර් ජනරාල්වරයෙක් ඇතුළු හමුදා කණ්ඩායමක් විසින් මරණීය තර්ජන කර පහර දී ජංගම දුරකථන පැහැර ගැනීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධව මින්නේරිය පොලිසියට වනෝද්‍යාන භාරකරු විසින් පැමිණිල්ලක් කර තිබේ.

වාර්තා වන ආකාරයට සිද්ධිය මෙසේය.

මින්නේරිය ජාතික වනෝද්‍යානයෙන් අලි පැටියෙක් පැහැර ගැනීමට සූදානමක් ඇති බවත්, ලංකාවේ සුප්‍රකට අලි ජාවාරම් කරුවෙක් ඇතුළු කණ්ඩායමක් දින කීපයක් තිස්සේ හබරණ අවට හෝටල් කීපයක ලැගුම් ගනිමින් සැක කටයුතු ලෙස සැරිසරන බවත් කියැවෙන තොරතුරක් වනජීවී දෙපාර්තමේන්තුවට ලැබී තිබිණි.
ඒ අනුව වනජීවී නිලධාරීහු වනෝද්‍යානයම ආවරණය වන ආකාරයට සැලසුම් සහගතව මුරපොල සකස් කරමින් දිවා රාත්‍රී ආරක්ෂක රජකාරියක් දියත් කළහ.

මේ රජකාරිය දියත්ව ඇති අතරතුර මින්නේරිය ජාතික වනෝද්‍යානයේ බටහිර මායිමේ හබරණ කිට්ටුවෙන්  කැබ් රථ දෙකක් අතුරු මාර්ගයක  පැමිණියේය.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

වනජීවි නිලධාරීහු එය නැවැත්වීමට සන් කළ නමුත් වාහන දෙක අණ නොතකා ධාවනය විය. එතැනට ඉදිරියේ වනජීවී නිලධාරීන් විසින් යොදා තිබූ තවත් මුර කපොල්ලකින් වාහන දෙක අණ නොතකා ධාවනය කෙරිනි.
මෙසේ ජාතික වනෝද්‍යානය ආසන්නයෙන්  පිවිසී වනජීවී නිලධාරීන්ගේ අණ නොතකා ධාවනය වන කැබ් රථ දෙක පසුපස වනජීවී නිලධාරීන්ගේ වාහන දෙකක් ලුහු බැඳ ගියේය. අණ නොතකා යන වාහන දෙක හමුදා වාහන දෙක්ක බව පෙනුණි.

හමුදා වාහන දෙකක් බව දැනගත් වහාම වනජීවී නිලධාරීහු ඒ පිළිබඳව ගල්කුලම යුද හමුදා පොලිස් මුරපොලට දන්වා සියල්ල විස්තර කර තම අණ නොතකා එන මෙම වාහන දෙක නතර කර දෙන ලෙස ඉල්ලා තිබිණි. එහෙත් යුද හමුදා මුරපොලේ නිලධාරීන් පැවසුවේ මේ වාහන නැවැත්විය නොහැකි බවත් මේ වාහනයේ ගමන් කරන්නේ යුද හමුදාවේ මේජර් ජනරාල්වරයෙක් බවත්ය.

එහෙත් වනජීවි නිලධාරීහු වාහන දෙක ලුහු බැඳ ගියහ. වාහන අනුරාධපුරයේ යුද හමුදා කඳවුරකට ඇතුළු විනි.
මෙහෙයුම අත්හල වනජීවී නිලධාරීහු ආපසු එන්නට හැරුණහ. ආපසු එන වනජීවී වාහන දෙක පසුපස හමුදා කඳවුරේ වාහන කිහිපයක් ලුහු බැඳ පැමිණෙමින් තිබිණි. ඒ බව නොදත් වනජීවී වාහන දෙක හබරණ පලුගස්වැව ආසන්නයේ දී ඉදිරියේ සිටි හමුදා කණ්ඩායමක් විසින් නතර කළේය.

ඒ සමගම පසුපසින් පැමිණි හමුදා වාහනවල පිරිස් වනජීවී නිලධාරීහු වට කළහ. මේ අතර සිටි එක් අයෙක් ඉදිරියට පැමිණ වනජීවි නිලධාරියෙකුගේ කණ හරහා වේගවත් පහරක් එල්ල කර කුණුහරපයෙන්ම කතාව පටන් ගත්තේය.
“ කණ පලනවා ප……ගෙ. මම තමයි මේජර් ජනරාල් මොහාන් රත්නායක අනුරාධපුර මෙහෙයුම් නිලධාරී. අපව නවත්වන් බෑ. උස්සනව තොපිව… “

කුණු තිත්ත කතා කියමින් නිලධාරීයාට පහරදුන් මේජර් ජනරාල්වරයා වටේ තරු සහිත නිලධාරී පන්තියක් ද විය. ඔවුනගේ අනින් වනජීවි නිලධාරීන්ගේ ජංගම දුරකථන පැහැර ගැනුණි.

මේ අතර සිද්ධිය සම්බන්ධව කළ දැනුවත්කිරීමකින් හබරණ පොලිසියේ ස්ථානාධිපතිවරයා ද එම ස්ථානයට පැමිණියේය.

ඔහු මේ හමුදා මේජර් ජනරාල්වරයා ඇතුළු හමුදා නිලධාරීන් පිරිසට කියා තිබුණේ මේ ආකාරයෙන් නොහැසිරෙන ලෙසත් මේ ජංගම දුරකථන යළි ලබා දෙන ලෙසත් මෙම නිලධාරීන් විසින් සිදුකර ඇත්තේ රාජකාරියක් බවත්ය.
යළිත් බැණ තර්ජනය කළ මේජර් ජනරාල්වරයා හමුදා කණ්ඩායම සමග පිටවී ගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධව මින්නේරිය ජාතික වනෝද්‍යානය භාරකරු විසින් හබරණ පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දුමින්දගේ ජනාධිපති සමාවට අදාළ වාර්තා සහ නිර්දේශ වහා ප්‍රසිද්ධ කරන්න – සජබ තරුණ නීතිඥයින්ගෙන් ජනපතිට ඉල්ලීමක්

Next Post

කොවිඩ් වැළඳී එකම පවුලේ තිදෙනෙක් මිය යෑම ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක්…

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.