බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අලි මිනිස් ගැටුමට ගැඹුරින්ම උත්තර හොයන්න “Elephant journey ” නමින් අලුත් ඇප් එකක් හැදූ අඹන්පොල තරුණයා….

by editor
අගෝස්තු 3, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රීමතී විජේරත්න –

මගේ මහ ගෙදර ඇත්තේ අඹන්පොලය. ඊයේ මුළු දවසේම කාවන්තිස්ස ඇතා අපේ ගමේ ගෙදර වත්තේය. අම්මා තනියම ගේ තුළට වී දිනය ගෙවා දමා තිබිණි.

අම්මා ආසාවෙන් වගා කරගෙන තිබුණු භෝග ටිකනම් ඉවරය. ඉවරටම ඉවරය. වනජීවියට කියලාත් වැඩක් නැත. මේ අලි පැන්නිල්ලේත් කෙළවරක් නැත. එය වනජීවියට මෙන්ම ගැමියන්ට ද දැන් වෙහෙසකි. කරන දෙයක් කරගෙන යන්නට අලින්ට ඉඩ දී ගෙවල් තුළ කොටු වූ මිනිසෙකුගේ අත්දැකීම කිසිවෙකුට තේරෙන්නේ නැත. ”

එවන් පසුබිමක මේ දෙපිරිසටම සිදුවන කරදර අවම කර ගැනීමේ අරමුණින් විශිෂ්ට නිර්මාණයක් කළ තරුණ දරුවෙක් අපට මුණගැහෙන්නේය. ඒ ,අඹන්පොළ අමණුගම දීය. තරුණයාගේ නම ඒ .එච් එම් විනුර අබේරත්නය. වයස අවුරුදු 21 කි.

මේ තරුණයා විසින් “Elephant journey ” නමින් ජංගම යෙදවුමක් නිර්මාණය කර ඇත්තේය. මෙම ජංගම යෙදවුම සක්‍රීය කර ගන්නා දුරකථන වලට කිලෝමීටර් පහක සීමාව තුළ වන අලියන් ගැවසෙන්නේ නම් සංඥාවක් මගින් ඒ බව දැනුම් දෙන්නේය.

මේ තරුණයාගේ “Elephant journey ” යෙදවුම වසර ගණනාවක උත්සාහයක ප්‍රතිඵලයකි. පරමාර්ථය අලි මිනිස් ගැටුම සම්බන්ධයෙන් උපදින බොහෝ ගැටලු අවම කරගැනීමය.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

“Elephant journey ” ඇප් එක හැඳූ තරුණයා…

විනුර අබේරත්න

විනුර අබේරත්න වයඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ඔහු 2023 වර්ෂයේ ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිට තිබිණි. සිය නිමැවුම ගැන විනුර ලංකාසර සමග විශේෂ සංවාදයකට එක් වුනේය.

” මට මතකයක් තියෙනවා මං පුංචි කාලේ කඩහතගම දී “සංඛ “කියන ඇතා මැරුණා… මට එදා පුදුම කණගාටුවක් ඇතිවුණා… ඒ එදා ඇතිවුන කණගාටුව තමයි මේ ඇප් එක නිර්මාණය කරන තැනට එන්න මගේ මනස සූදානම් කළේ…”

“අපි ජීවත්වන ගල්ගමුව, ඇහැටුවැව, අඹන්පොළ, මහව… මේ ප්‍රදේශවල වන අලි ගැටුම ඉතා උග්‍රව පවතිනවා. අලි මරණ ඉවරෙකුත් නෑ. වන අලි ප්‍රහාරයෙන් අප්‍රකටව මිය යන මිනිස්සුන්ගේ අඩුවකුත් නෑ. ”

“ඒත් මේ දෙගොල්ලටම මේ භූමියෙ මිය යන්නේ නැතිව ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. මගේ මේ වෑයම ඒ අයිතිය සුරක්ෂිත කරන්නයි.”

“මුලින්ම මෙම යෙදවුම මම නිර්මාණය කළත් ඒක අසාර්ථකවුණා. ඒත් මං බලාපොරොත්තුව අත් හැරියේ නෑ. ආපහු උත්සාහ කළා.”

“ඒ අනුව අවසානයේදී මං සාර්ථකව මේ නිර්මාණය කළා. මට මේ ඇප් එක නිර්මාණය කරන්න මගේ යාළුවො දෙන්නෙක් උදව් කළා .ඒ චමල් සේනාරත්න හා සිතිජ නෙත්සර කියන යාළුවො දෙන්නා.”

“මේ ඇප් එක ඇප් ස්ටෝර්වලින් හරි ප්ලේ ස්ටෝර්වලින් හරි ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේ ඇප් එක තමන්ගේ ජංගම දුරකථනයේ තියෙනවා නම් , කිලෝමීටර් පහකට එහායින් අලි ඉන්න බවට සංඥාවක් ලැබෙනවා. ඒ සංඥාව ලැබුණහම මිනිස්සුන්ටත් අලින්ටත් දෙගොල්ලටම ආරක්ෂා වෙන්න පුළුවන් කියලා මං හිතනවා.”

යෙදවුමේ අලි සිටින ස්ථාන සලකුණුවන අයුරු….

“වන අලි ගම් වැදීම, වන අලිමරණ, මිනිස් මරණ, හා දේපළ හානි ,භෝග වගා හානි ,වනජීවී අපරාධ, මේ සියල්ල වළක්වා ගන්න මේ ඇප් එක උදව් වෙයි කියලා මට හිතෙනවා.”

අපේ මිනිස්සු අලි එක්ක තරහා නෑ….

අපි අලි එක්ක තරහ නෑ.. ඒ අය අපේ වතු වල ගැවසෙනවා දකිද්දී ඉස්සර වගේ අපි දැන් බයත් නෑ… එයාලා අපිට බයත් නෑ… මට හිතෙනවා මගේ මේ ඇප් එක අපි දෙගොල්ලා අතර සුහදතාවය තවත් වර්ධනය කරාවි කියලා. ”

වෙනුර පැවසුවේය .

මේ දිනවල අඹන්පොල මහව ප්‍රදේශයේ වල් අලි බහුලව ගැවසෙන්නේය.

මැඬියාව, නිකවෙලයාය පදිංචි එච්. ආර්. පුංචි බණ්ඩා සිය අත්දැකීම මෙසේ කීවේය.

” පහුගිය දවස්වල කාවන්තිස්සේ හිටියේ අපේ වතුවල… මට ආරිංචි උනා දුවලගේ වත්තෙත් උන්නා කියලා… හැන්දෑවේ පහ විතර වෙද්දී එයා එනවා. ඇවිත් බඩ පුරවාගෙන යනවා. ”

“අපි අලින්ට වෛර කරන මිනිස්සු නෙමෙයි. අලි මරා දමන්නවත් වෙඩි තියන්නවත් ඔවුන්ට හානියක් කරන්නවත් අපිට ඕන නෑ… ඒත් අලි මිනිස් ගැටුම නිසා සිදුවන අපරාධ කෙළවරක් නෑ… අමුණුගම දරුවෙක් ගේ අලුත් නිර්මාණයක් ගැන දැනගන්න ලැබුණා. ඒ ගැන පුදුම සතුටක් තියෙන්නේ. අලි අවට ගැවසෙනවා නම් කල් තියා අපිට දැනුවත් වෙන්න පුළුවන් නම් අනතුරු අවම කරගන්න පුළුවන්. ”

“පෙරේදා උදේ දහයට විතරත් අලි අපේ ගම් වල… පොඩි එකෙක් පස්සේ අලියෙක් පන්නලා… පොඩි එකා දුවගෙන ගිහින් කුඹුක් ගහකට නැගලා ජීවිතේ බේරගෙන… එහෙම නොවෙන්න අදත් අපේ ගමේ මරණයක්.”

“ඉස්සර නම් අලි ආවේ රෑට… ඒත් දැන් එවුන් දවාලටත් ගම් වදිනවා… දැන් අලි මෙහේ ගැවසෙන්නේ හරියට මීහරක් වගේ… අපි දැන් වනජීවියකට කෝල් කරන්නෙත් නෑ… එහෙම කළා කියලා වැඩක් නෑ. කෙළවරක් නෑ. අන්තිමේ කණගාටුවක් විතරයි ඉතුරු වෙන්නේ…” ඔහු කියන්නේය.

මේ අත්දැකීම විඳිමින් සිටිනා ගැමියෙක් ලෙස දනිමි. කොළඹ සිට අලින් වෙනුවෙන් වැළලෙන්නට හදනා ඇත්තන් කියන සිහින වින්දනය සහ ඒක පාර්ශවීය වේදනාව ප්‍රශ්නයේ යථාර්ථය නිරූපනය කරන්නේ නැත. ඔවුන් ගේ ප්‍රකාශනයේ ඇත්තේ ගම්වල මිනිසුන් මිනිසුන්ට අලි මැරීමට නිදාගන්නේ නැතිව ගේම් ගසන බවට වූ වෛරී ප්‍රකාශනයකි. අප දකින්නේ තමන්ගේ දරුවා එළියට බසින මොහොතක වන අලි ප්‍රහාරයකට ලක් වී මිය යා හැකි බවට දෙගිඩියාවෙන් සිටින බියපත් මිනිස්සුය. ඒ මිනිස්සු අති බහුතරයක් අතරේ වන අලි අනාරක්ෂිත නම් අද රටේ එක් අලියෙක්වත් ඉතිරි වීමට ඉඩක් නැත. ප්‍රශ්නයේ ස්වරූපය විකෘති කර ස්වයං වින්දනයක යෙදෙනවාට වඩා අප ඉන්නේ මේ ව්‍යසනයේ කෙලවරක් දකින විසඳුමක් පිළිබඳ අපේක්ෂාවකය.

“Elephant journey ” දෙවුම…

අවදානමට මුහුණ දී සිටින අපට අවශ්‍ය මේ ගැටලුවේ ගැඹුර හඳුනාගත් තාක්ෂණික උත්තරයකි. ප්‍රශ්නයේ ගැඹුර ජීවිත අත්දැකීම කරගත් තරුණයෙක් ඒ සඳහා විසඳුමක් ගෙනත් ඇත. මේ උත්සාහය නම් ඉදිරි වැඩපිළිවෙළක් සඳහා සාර්ථක ප්‍රවේශයක් සලසා ඇති බවට නම් විශ්වාසය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කෙහෙල්බද්දර පද්මේ ගේ ගෝල ගම්පහ දේවා රටින් පනින්නට යද්දී අත් අඩංගුවට…

Next Post

ටී 56 ජීව උන්ඩ අරන් නුවර පෙරහර බලන්න ආපු කොළඹ ප්‍රධාන විද්‍යාලයක රගර් ක්‍රීඩක සිසුවෙක් අත් අඩංගුවට…

Related Posts

charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.