බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අලි අගල් කපන මුවාවෙන්  පොලොන්නරුව නිම්න ජාතික  වනෝද්‍යානය මායිමේ  මහා පරිමාණ වැලි ජාවාරමක්!

by editor
පෙබරවාරි 2, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් පොලොන්නරුව නිම්න ජාතික  වනෝද්‍යානය මායිමේ  මනම්පිටිය හා කරපොල රක්ෂිතවල වන අලින්ට අගල් කැපීම මුවාවෙන් මහාපරිමාණ වැලි ජාවාරමක් ක්‍රියාත්මක වන බව  වනජීවී නිලධාරීන් සහ ප්‍රදේශවාසීහු පවසති.

විදුලි වැටට සමගාමීව මනම්පිටිය සිට මහවැව   දක්වා  කිලෝ මීටර් 44 ක් පමණ දුරට මෙම අගල කැපීම  සිදු කෙරේ.

වනජීවී දෙපාර්තමේන්තුවේ  නිලධාරීන් සඳහන් කරන්නේ මෙම භූමිය  වැලි සහිත පොළවක් නිසා, එය නිතර ඛාදනය වීම් ගිලා බැසීම් සිදු වීමත් හේතුකොටගෙන අගල්  කැපීමට සුදුසු භූමියක් නොවන බවයි.

මීට දින කිහිපයක සිට මෙම ජාවාරම ක්‍රියාත්මක වන අතර වනජීවී දෙපාර්තමේන්තුව මගින් ලබාදුන්  මගපෙන්වීම්වලට පටහැනිව අදාල කොන්ත්‍රාත්කරු  වැලි හා පස් ජාවාරම සිදු කරන බව වනජීවී දෙපාර්තමේන්තුවේ අඩවි සහකාර වෘත්තිකයන්ගේ සභාපති කුමාරසිරි විජේකෝන්   අප කළ මෙම විමසීමකදී සඳහන් කළේ ය.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

තම සංගමය මේ පිළිබඳව නිරීක්ෂණය කළ බවත් එහිදී  කොන්ත්‍රාත්කරු  බැකෝ හා යොදා ප්‍රමිතියෙන් තොරව  අගල් කපමින් මෙහි පස් අගල දෙපසට නොයොදා ,එම් පස් සෝදා වැලි බවට පත්කර අලෙවි කරන බවත්, රක්ෂිතය තුළම වැලි අංගනයක්  වෙනම පවත්වාගෙන බවත් කුමාරසිරි   සඳහන් කළේය.

තම සංගමය මේ පිළිබඳව වනජීවී දෙපාර්තමේන්තුවේ උසස් නිළධාරලධාරීන් මෙන්ම වනජීවී අමාත්‍යවරයා දැනුවත් කිරීමට කටයුතු කරන බව ද කුමාරසිරි විජේකෝන්  අප සමග පැවසීය.

ප්‍රදේශයේ ගොවි ජනතාව සහ පරිසරවේදීන් සඳහන් කරන්නේ  කොන්ත්‍රාත්කරු වැලි හා පස්  ලබා ගැනීමේ අරමුණින් කිසිදු  ප්‍රමිතියකින් තොරව මෙම අගල්  කැපීමෙන් වන අලි ගම් වැදීම නවතාලිය නොහැකි බවයි.

පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය පරිසර සංවේදී කලාපයක් බවත්, සෝමාවතිය, මාදුරුඔය, සිටින වන අලින්ගේ ගමන්  මාර්ගයත් මෙම අගල්  කැපීම  සිදුවන ස්ථානය හරහා වැටී ඇති බැවින් එම් ගමන් මාර්ග ඇහිරීමෙන් අලි මිනිස් ගැටුම් තවදුරටත් උග්‍ර වන බවයි. එබැවින් අගල්  කැපීමට නුසුදුසු භූමියේ අගල්  කැපීම නවතා පවතින අලි වැට ශක්තිමත් කළ යුතු බව ද ගොවි සංවිධාන හා පරිසරවේදීහු සඳහන් කරති.

මෙම තත්ත්වයන් සැලකිල්ලට ගෙන  මෙම භූමියේ සුදුසු ක්‍රමවේදයකට අනුව විධිමත්ව අලි වැටක් සකසා සිදුවන පරිසර විනාශය නතර කරන ලෙස ප්‍රදේශවාසීහු     ඉල්ලා සිටිති.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රාගම වෛද්‍ය ශිෂ්‍ය නේවාසිකාගාරයට ප්‍රහාරයක්… ශිෂ්‍යයන් 04ක් රෝහලේ

Next Post

ඉන්දීය ධීවර කොල්ලය වළක්වා ගැනීමට උතුරේ දේශපාලකයන් එක්සත් ජාතීන්ගේ සහාය පතයි!

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.