වීඅයිපී ලයිට් සහිතව මාර්ගයේ අනෙක් වාහන වලට බාධා කරමින් මාර්ග නීති උල්ලංඝනය කරගෙන පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුනා රඹෑව ප්‍රදේශයේ දී නැවැත්වූ රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ඔහු නින්දිත අයුරුන් බැණ වදින ආකාරය සම්බන්ධව වීඩියෝවක් මේ වනවිට මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබේ.
පොලිස් නිලධාරීන් විසින් ඉල්ලා සිටින රියදුරු බලපත්‍රය ලබා නොදී අර්චුනා ජාතිවාදය අවුස්සමින් ඉතාම ජඩ ආකාරයෙන් පොලිස් නිලධාරීන්ට බනින ආකාරය මේ වීඩියෝවේ දැක්වේ.
“තමුසෙලා සිංහල මන්ත්‍රීලා නවත්වතනව ද?, මම දෙමළ නිසාද නවත්තන්නෙ… ඕයි… මේක තමුසෙලගේ සිංහල පාර්ලිමේන්තුවෙන් දීපු පාස් එක…” ආදී ලෙස කියමින් ඔහු බැනවදින්නේ මේ රටේ සියලුම පුරවැසියන්ට මාර්ග නීතිය එකක් බව පොලිසිය තේරුම් කිරීමට ගිය අවස්ථාවේදීය.
මෙම පුද්ගලයා අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරමින් එම සිදුවීම් වීඩියෝ කරන ආකාරය පොලිස් නිලධාරින් විසින් සිය දුරකථනවලින් වීඩියෝ කර තිබේ. මේ දෙරණ මාධ්‍යය සිද්ධිය වාර්තා කළ ආකාරය ය.







