ජාතිවාදය දියත් වෙන්නේ පාර්ලිමේන්තුවෙන් පිට නොව පාර්ලිමේන්තු තුළ බව ප්‍රකාශ කරමින් ස්වාධීන මන්ත්‍රී රාමනාදන් අර්චුනා අදත් පාර්ලිමේන්තුව තුළ කලබගැනීයක් ඇති කිරීමට උත්සාහ කළේය.
ස්ථාවර නියෝග 33 යටතේ තන්ට ප්‍රශ්නයක් ඇසීමට ඇති බව පවසා ඔහු යළිත් ඊයේ කී කතාවම කළේය.
මම රි ප්‍රසන්ට් කරන්නෙ උතුර. කලින් ආණ්ඩුවල්වල අනිවාර්යයෙන් අපි දැක්කා ජාතිවාදය හොඳටම තිබ්බා. අපිව වෙන් කරලා අපිව දෙමළ හැටියට පාලනය කළා.
මේ ආණ්ඩුව කිසිම දෙයක් එහෙම කරලා නෑ මම උතුර රිප්‍රසන්ට් කරන නිසා. ආන්ඩු දෙමළ කියලා අපව වෙන් කරලා පාවිච්චි නෑ. නිකම් ගත්තොත් එන්.පී.පී එකෙන් තුන් දෙනෙක් උතුරේ ජනතාව තෝරලා තියනවා. අපේ බොරුකරන ඇමතිලාව අයින් කරලා ස්වාධීනව අපි ආවා. එහෙම දෙයක් නොවෙයි කියලා තමයි අපේ ජනතාව ඡන්දය දීලා තියෙන්නේ.
පාර්ලිමේන්තුව ඇතුළෙ තමයි මේ ගොල්ල ජාතිවාදය කරන්නේ. මට එකක් කියන්න ඕන. ඊයේ මට විපක්ෂ නායක තුමාගේ කාර්යාලයෙ දි මට පහර දුන්නා. හැබැයි මම පොඩි ළමයි වගේ මේක කම්ප්ලේන් කරන්න යන්නෙ නෑ. හැබැයි මම ඩොක්ටර් කෙනෙක්. මම ගැහුවොත් මට සීපීආර් කරන්න වෙනවා. ඒ නිසා මම ගැහුවෙ නෑ.
ආචාර්ය හර්ෂ ද සිල්වා ඒ අවස්ථාවේ නැගී සිට ප්‍රකාශ කළේ ස්ථාවර නියෝග 33 යටතේ මේ ආකාරයේ ප්‍රකාශ කිරීමට නොහැකි බවය. ඒ සඳහා ඉඩ නොදෙන ලෙසද ඔහු කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.
සභානායක බිමල් රත්නායක නැගී සිටිමින් මේ පාර්ලිමේන්තුව තුළ සිදුවූ පූර්ව හැසිරීම් දක්වා ප්‍රකාශ කළේ ස්ථාවර නියෝග අවභාවිතා කරමින් ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් හැසිරෙන විට එය ආදර්ශයට ගන්නා නවක මන්ත්‍රිවරුන් මේ ලෙස හැසිරෙන බවය.







