බෞද්ධයාගේ ගෞරවණීය වූත් උත්තම වූත් ශාන්තිකර්මය වූ පිරිත ඉතාම අශ්ලීල සහ සාහසික ලෙස අරලියගහ මන්දිරය ඉදිරිපිට දී අවභාවිතා කිරීමට අගමැතිවරයා කටයුතු කිරීම සම්බන්ධව මහා සංඝරත්නය ජාතිය ඉදිරියේ සිය විරෝධය පල කරන බව මහාචාර්ය අගලකඩ අගලකඩ සිරිසුමන හිමියෝ පැවසූහ.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අද (29) අගමැතිවරයාගේ අනම්‍ය බලලෝභී ක්‍රියාකලාපය සම්බන්ධව මහා සංඝයා ලෙස අදහස් දක්වමිනි.
“විශාල පිරිසක් අරලියගහ මන්දිරය ඉස්සරහ කඳවුරු බැඳගෙන ඉන්නවා. ඔවුන්ට බාධා කරන්න පාර දිගේ දෙපැත්තෙ පෙව්මන්ට්වල බස් නවත්තාගෙන. සාහසිකම දේ තමයි ඔහු පිරිත අවභාවිතයට පත් කරලා තියනවා.“
“ඒක විශේෂයෙන් අපි සඳහන් කරන්න ඕන. මෙතෙක් කාලයක් අරලියගහ මන්දිරයෙන් කොළඹට නෑසුන පිරිත් දැන් ඇහෙනවා. අරමුණු ඉතාම අශිෂ්ටයි. විශේෂයෙන් පිරිත බාධාවක් බවට පත් කරලා අප්‍රසන්න කරලා ඒක ආයුධයක් බවට පත් කරලා විරෝධය මැඩලන්න.“
“මේ කටයුත්තට මහා සංඝරත්නයේ විරෝධය ජාතිය ඉදිරියේ තබන්නට බලාපොරොත්තු වෙනවා.“ මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියෝ කීහ.

සිවුර ඉදිරියට දමා මහා බෞද්ධ නායකයෙක් සේ බලයට පැමිණි මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා මේ වනවිට මහා නායක හිමිවරුන්ට අවනත නැති, ඉතිහාසයේ පහළ වු මුග්ධ බලාලෝභී පාලකයා බවට පත්වී ඇති ආකාරයත් මහා සංඝයා පෙන්වා දුන්හ.
රාමඤ්ඥ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ මහා සංඝ නායක පූජ්‍ය ඕමල්පේ සෝබිත හිමියෝ මේ බලලෝභී අගමැතිවරයා විමසිය යුත්තේ 113ක ඔළුගෙඩි ගැන නොව, මේ රටේ බහුතර ජනතා මතය මහපොළොවේ ක්‍රියාත්මක වන ආකාරයත් ඒ සම්බන්ධව මහා නායක හිමිවරුන් විසින් ලබා දී ඇති මගපෙන්වීම් හා නිර්දේහත් බවය.
මේ පසුබිම මත අගමැතිවරයා ඉවත් නොවන්නේ නම් බෞද්ධ මහා සම්මේලන භූමියේ මහා සංඝ සම්මේලනයක් පවත්වා මහානායක හිමිවරුනගේ නිර්දේශ මත ඔහුට ඉවත්වීම සඳහා සංඝ සම්මුතියක් ප්‍රකාශ කරන බව උන්වහන්සේ කීහ.
පිරිත අවභාවිතා කරමින් අරලියගහ මන්දිරය අසල රජය කරන අනීතික පිස්සුව ලෝක මාධ්‍යය වාර්තා කර තිබුණු අයුරු පහත දැක්වේ…







