සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අරලගංවිල දී දැකපු රත්තරන් පුතා!

by editor
දෙසැම්බර් 26, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

ඒ පුංචි එකාට අවුරුදු 11යි. ඉගෙන ගන්නේ මහියංගන ජාතික පාසලේ 6 වසරේ. පුතාගෙ නම ජේ.එම් මාධව කල්හාර. බොහොම අමාරුවෙන් ජීවිතේ ගැටගහන්න පවුලක දරුවෙක්. ඒ පුතා පදිංචිවෙලා හිටියේ මහියංගන අංක 2 ,ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල ලිපි ලිපිනයෙ.  පදිංචි අවුරුදු හැත්තෑ හතක් වයසැති  හා ඔහුගේ වන අවුරුදු  11 ක් වයසැති, ජේ. එම්. මාධව කල්හාර

මාධව පුතා එයාගෙ සීයා පී.ජී .ධර්මදාස (71)     එක්ක  මහියංගනයෙ සිට වීරාණ ඥාති නිවසකට ගිහින් එන ගමන් අරලගංවිල ටවුන් එකට ගොඩවුණා.  එනකොට වීරාණ මංසන්ධියෙදි පුංචි එකා දැක්ක දෙයින් තිගැස්සුනා. පන්දාහෙ කොළ හයක් බිම වැටිලා. තැන තැන විසිරිලා. රුපියල්  තිස් දාහක්.

පුතා වටපිට බැලුවා. කිසිම කෙනෙකුගෙ අවධානයක් නෑ. ඔහු සල්ලි ටික අහුලගත්තා. සීයා දිහා බැලුවා.

“ අනේ සීයෙ. මේ සල්ලි ටික අයිති කෙනාට දෙන්න ඕන“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සීයා උඩ බිම බැලුවා.

“ ‍මේවැයි අයිතිකාරයො කොහොන් හොයන්නද පුතේ  …“

සීයා කිව්වට පොඩි එකා අහන්නෙම නෑ. අයිතිකාරයා හොයලා සල්ලි ටික දෙන්න එක පොරයයි. දැන් කරන්න දෙයක් නෑ. සීයා පොඩි එකා එක්ක ආවා අරලගංවිල පොලිසියට. පොලිස් ස්ථානාධිපති  වසන්ත ප්‍රේමලාල්  හම්බවුනා.

සීයා ප්‍රේමලාල් මහත්තයට විස්තරේ කිව්වා.

“ අනේ මහත්තයො.. මේ දරුවා වීරාණ හන්දියෙ තිබිලා මේ නෝට්ටු ටික ඇහිලුවා. රුපියල් තිස් දාහක් තියනවා. කොලුවට ඕන අයිතාකාරයා හොයලා ඒක දෙන්න. ඔබතුමාට සල්ලි ටික දීලා යන්න ආවෙ.“

පොලිස් ස්ථානාධිපති තුමා තිගැස්සුනා. පුටුවට බරවෙලා ආපහු පුංචි එකා දිහා බැලුවා. පුතා ඇස් දෙකේ බලාපොරොත්තු පුරෝගෙන බලා ගෙන ඉන්නවා.

“පුලුවන් වෙයිද  මාමෙ මේ සල්ලි ටික අයිති කෙනා හොයාගන්න…“

පොලිස් ස්ථානාධිපති තුමා හිස වැනුවා. “පුලුවන් උපරිම උත්සාහ කරනවා පුතේ“.

පොඩි එකාට මුහුණෙ සිනාවක් ඇඳුණා.

“ ඇයි පුතා මේ සල්ලි ටික ගෙදර ගෙනියන්නෙ නැතිව අයිති කෙනාට හොයලා දෙන්න හිතුවෙ.“

පොඩි එකා බිම බලාගත්තා.

“මගෙ තාත්තා නිසා…“ හිමින් මිමිණුවා.

ස්ථානාධිපති තුමා පුතාගෙ සීය දිහා බැලුවා.

“ ඔවු මහත්තයො. පුතාගෙ තාත්තාත් පොලිසියෙ. එයා කන්දකැටියෙ පොලිසියෙ තමයි වැඩ කළේ.  එයා කාලෙක ඉඳන් අසනීපෙන් ඉන්නෙ…“  සීයා කිව්වා.

ස්ථානාධිපති තුමා පුංචි එකා දිහා බැලුවා.  පුංචි එකා හිමිහිට මිමිණුවා.

“ මගෙ තාත්තට ඉක්මනට හොඳ වෙන්න ඕන. මේ පිනෙන්  එයාට හොඳ වේවි“

පොඩි එකා කිව්වා. පොලිස් ස්ථානාධිපති ප්‍රේමලාල් මහත්තයා කාටවත් නොපෙනෙන්න කඳුලු පිහගත්තා.

“ මම කොහොම හරි මේක අයිති කෙනා හොයලා දෙනවා මගෙ පුතේ.“

“පුතාගෙ තාත්තාට ඉක්මනින් හොඳ වෙනවා. ඒ ගැන කිසිම සැකයක් නෑ. පුතා වගේ හොඳ ළමයෙක් හදපු ඒ තාත්තාට කවදාවත් නපුරක් වෙන්නෙ නෑ.“

ප්‍රේමලාල් මහත්තයා පුංචි එකාගෙ හිස අතගාමින් කිව්වා

Tags: නවතම
Share69Tweet43
Previous Post

දුම්රිය වර්ජනය පැය 10කින් කල් යයි!

Next Post

ප්‍රියන්ත මරා දැමූ අන්තවාදී ප්‍රහාරය ගැන පාකිස්ථාන සෙනෙට් සභාවේ යෝජනාවක් සම්මත කරයි

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.