සුමිත් පොතුපිටිය –
මත්කුඩු අලෙවි කරන නිවසක සැක කටයුතු අන්දමින් රැදී සිටී පොලිස් කොස්තාපල්ලා තිදෙනෙකු අද (29) අලුයම අත්අඩංගුවට ගත්බව වැලිපැන්න පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මතුගම පොලිසියේ රාජකාරි නියුතු කොස්තාපල් වරුන් තිදෙනෙකු බව පොලිසිය කියයි.
සැකකාර පොලිස් නිළධාරින් තිදෙනා මත්කුඩු අලෙවි කරන නිවසක රැදී සිටින බවට උසස් පොලිස් නිළධාරියෙකුට ලද තොරතුරක් මත වැලිපැන්න පොලිසිය දැනුවත් කිරීමෙන් පසු රාත්‍රි ජංගම සංචාරය නිළධාරින් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාර පොලිස් නිළධාරීන් අයිස් මත්ද්‍රව්‍ය පානය කිරීම සඳහා එහි රැදීසිට ඇති බවට පරීක්ෂණ සිදුකරන බවද පොලිසිය සඳහන් කරයි.
සැකකරුවන් වෛද්‍ය පරීක්ෂණයකට යොමුකර වෛද්‍ය වාර්තාවක් ලබාගැනීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව සදහන් වේ.
වැලිපැන්න පොලිසිය පරීක්ෂණ පවත්වයි .





